IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


අවි ගනුදෙනු ගැන කතා කරන්න බි‍්‍රතාන්‍ය අගමැති ජපානයට යයි

බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් ඊයේ සවස (10) ජපානයට පැමිණි අතර, ජපන් අගමැති යොෂිහිකෝ නෝඩා හමුවී අවි ගනු ගනුදෙනු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. ජපානයේ ආරක්ෂක වෙළෙඳපොළට සම්බන්ධ වෙමින් දෙරටේ වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීමත් මිතුදම් වර්ධනය කර ගැනීමත් බි‍්‍රතාන්‍ය අගමැතිවරයාගේ ප‍්‍රධාන අරමුණ විය. ජපන් හමුදාවට ඔවුන්ගේ ශක්තිය වර්ධනය කිරීමට අවශ්‍ය ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා, ප‍්‍රහාරක ජෙට් යානා මෙන්ම යුද්ධෝපකරණ බි‍්‍රතාන්‍යයෙන් ලබා දීම එම ගනුදෙනු පිළිබඳ සාකච්ඡුාවලදී ප‍්‍රධාන තැනක් ගත් බව වාර්තා විය. බි‍්‍රතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව කටයුතු කරන පෞද්ගලික සමාගම් කිහිපයක ව්‍යාපාර ප‍්‍රධානීහුද අගමැති කැමරන් සමඟ එම සංචාරයට එක්ව සිටියහ. ජපානය ඔවුන්ගේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ගනුදෙනු පවත්වන්නේ ඇමෙරිකාව සමඟය. එම ගනුදෙනුවලදී බි‍්‍රතාන්‍යය ද හවුල්කරුවකු කර ගැනීමට ජපන් අගමැති නෝඩා තීරණය කළේ දීර්ඝ වශයෙන් බි‍්‍රතාන්‍ය රජය සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය. ජපානය, විදේශ සමඟ යුද්ධෝපකරණ ගනුදෙනු කිරීම වසර ගණනාවක් තිස්සේ නවතා තිබුණි. ඒ, ස්වයංවාරණයක් පනවා ගැනීමෙනි. එම වාරණය ඉකුත් වසරේ දෙසැම්බරයේදී ඉවත් කිරීමට අගමැති නෝඩාගේ රජය පියවර ගත්තේය. ඒ අනුව ඇමෙරිකාවේ නිෂ්පාදිත, ඇමෙරිකන් ඩොලර් බිලියන 4.7 ක් වටිනා එෆ් 15 වර්ගයේ ප‍්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීමට ද එකඟ විය. ටෝකියෝ ගුවන් තොටු පොළට පැමිණි බි‍්‍රතාන්‍ය අගමැතිවරයා ප‍්‍රමුඛ ව්‍යාපාර ප‍්‍රධානීන් හරසරින් පිළි ගැනීමට ජපන් රජය කටයුතු යොදා තිබුණි. නිසාන් මෝටර් නිෂ්පාදන සමාගමේ සංචාරය කළ අගමැති කැමරන් බි‍්‍රතාන්‍යය වෙනුවෙන් ලාබදායී මෝටර් රථයක් නිපදවා ගැනීමට සාකච්ඡා පැවැත්වීය. ඉන්පසු ඔහු ජපානයේ අකිහිතෝ අධිරාජයා හමුවීමට ද නියමිතව තිබුණි. ජපන් සංචාරයෙන් පසු අගමැති කැමරන් මියන්මාරයට ගොස් මියන්මාර ජනපති ත්වාන් සෙන් සහ එරට ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කී ද හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය. මියන්මාර හමුදා පාලනය අවසන් වී සිවිල් රජයක් පිහිටුවීමෙන් පසු බටහිර රාජ්‍ය නායකයකු මියන්මාරයට පැමිණෙන ප‍්‍රථම අවස්ථාව වනු ඇත්තේ එයයි. අගමැති කැමරන් ජපන් අගමැති නෝඩා හමුවෙමින්...



අදහස් (0)

අවි ගනුදෙනු ගැන කතා කරන්න බි‍්‍රතාන්‍ය අගමැති ජපානයට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 925 1

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ


චීනය ඇමෙරිකන් ගුවන් යානා එපා කියයි
2025 අප්‍රේල් මස 17 499 0

චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.


කොංගෝ බෝට්ටුවක් ගිනිගෙන ගිලී 50 ක් මරුට
2025 අප්‍රේල් මස 17 123 0

අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.


ඇමෙරිකන් තානාපති කාර්යාල වසා දැමීමේ තීරණයක්
2025 අප්‍රේල් මස 17 8390 7

ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම


චීන ජනපති මැලේසියාවේ
2025 අප්‍රේල් මස 16 153 0

ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි


හාවඩ් විශ්ව විද්‍යාලයට ජනපති ට්‍රම්ප්ගෙන් තර්ජන
2025 අප්‍රේල් මස 16 234 0

ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 308 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 251 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site