මියන්මාර හමුදා රජයට එරෙහිව වසර 25 කට අධික කාලයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා අහිංසාවාදී අරගලයක් ගෙන ගිය එරට ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කී, ඊයේ (2) ප‍්‍රථම වරට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියක ලෙස දිවුරුම් දුන්නාය. ඇයට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට අවස්ථාව උදා වූයේ පසුගිය අපේ‍්‍රල් පළමුවැනි දා පැවැති අතුරු මැතිවරණයෙන් ඇය ජයග‍්‍රහණය කළ හෙයිනි. සූ කී සමඟ පාර්ලිමේන්තුවේ පහළ මන්ත‍්‍රණ සභාවට තේරුණු ඇගේ ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ සාමාජිකයෝ 33 දෙනෙක් ද දිවුරුම් දුන්හ. පසුගිය 23 වැනිදා මියන්මාර පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී සූ කී සහ ඇගේ පක්ෂයේ මන්තී‍්‍රවරුත් එය වර්ජනය කළහ. මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමේ දී හමුදාවට පක්ෂපාතී බව අඟවමින් දිවුරුම් දිය යුතුව ඇත. සූ කී සහ ඇගේ පක්ෂයේ මන්තී‍්‍රවරුන් කියා සිටියේ එම දිවුරුම් ප‍්‍රකාශයට ඇතුළත් වගන්ති කිහිපයක් වෙනස් කරනතුරු පාර්ලිමේන්තුව වර්ජනය කරන බවය. හමුදා පාලකයන්ගේ රූකඩයක් වූ මියන්මාර සිවිල් රජය යටතේ කටයුතු කිරීමට හෝ දිවුරුම් දීමට තමන් කිසිසේත් සූදානම් නැති බව ඔවුහු අවධාරණය කළහ. කෙසේ නමුත් පසුගිය 29 වැනිදා මියන්මාරයට පැමිණි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් හමුවීමෙන් පසු සූ කී කියා සිටියේ තමා පාර්ලිමේන්තුවේ අසුන් ගන්න බවය. ඇගේ පක්ෂය ද කියා සිටියේ මියන්මාර ව්‍යවස්ථාවේ සංශෝධන ඇති කිරීමට නම් අකමැත්තෙන් වුව ද පාර්ලිමේන්තුවට යා යුතු බවයි. මියන්මාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදා කරදීමේ අරමුණින් අහිංසාවාදී අරගලයක් ගෙන යමින් ඒ වෙනුවෙන් සිය ජීවිත කාලයම කැප කළ සූ කී පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියක ලෙස දිවුරුම් දීම නව යුගයක ආරම්භයක් බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පවසයි.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අවුන් සාන් සූ කී දිවුරුම් දෙයි