IMG-LOGO

2025 අප්‍රේල් මස 08 වන අඟහරුවාදා


අවුරුදු 12,000 ක් පැරණි වෘකයට පණ දීලා

වසර 12,500 කට පෙර ජීවත් වූ, මිහිමතින් වඳ වී ගිය, ‘ඩයර් වුල්ෆ්’ යන නමින් හැඳින්වෙන වෘකයන්ට පණ දීමට ඇමෙරිකානු විද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති.

මිහිමතින් වඳ වී ගිය සතකුට මේ අයුරින් පණ දුන් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

‘ඩයර් වුල්ෆ්’ යන්නෙහි අරුත බිහිසුණු වෘකයා යන්නය. මෙම වෘකයන් වර්තමානයේ අපට දකින්න ලැබෙන වෘකයන්ට වඩා ප්‍රමාණයෙන් තරමක් විශාලය.

‘ඩයර් වුල්ෆ්’ වෘකයන්ට යළි පණ දීම සිදු කළේ උන්ගේ ජාන ව්‍යුහය හඳුනා ගැනීමට විද්‍යාඥයන් සමත් වී සිටින බැවිනි.

වර්තමානයේ දකින්න ලැබෙන අළු වෘක ධේනුවකගේ බීජාණු සෛලවල ඩී.එන්.ඒ. අඩංගු න්‍යෂ්ටි කොටස ඉවත් කරමින්, ‘ඩයර් වුල්ෆ්’ වෘකයන්ගේ ජානමය ව්‍යුහයට අනුව එය යළි නිර්මාණය කිරීමට විද්‍යාඥයෝ සමත් වූහ.

‘ඩයර් වුල්ෆ්’ වෘකයන්ගේ ජානමය ව්‍යුහයට අනුව සකස් කළ එම බීජාණු, සුරතල් බැල්ලකගේ ගර්භාෂයේ තැන්පත් කර, පසුව පැටවුන් ලබා ගැනීම සිදු කෙරුණි.

ඒ අනුව සුදු පැහැති ‘ඩයර් වුල්ෆ්’ වෘක පැටවුන් තිදෙනකුට පණ දීමට විද්‍යාඥයන් සමත් වූ අතර එම තිදෙනා රොමියුලස්, රීමස් සහ කලීසී යනුවෙන් නම් කර ඇත.

මෙම හපන්කම සිදු කළේ ඇමෙරිකාවේ ‘කොලෝසල් බයෝසයන්ස්’ විද්‍යා පර්යේෂණ සමාගමය. අයිස් යුගයේ ජීවත් වුණු මැමතකුට පණ දීමට ද මෙම සමාගම සූදානම් වෙයි. ඒ, 2028 වසරේදීය.

ඊට අමතරව, වඳ වී ගිය පියාඹා යා නොහැකි ඩෝඩෝ කුරුල්ලකුටත්, ටැස්මේනියානු ව්‍යාඝ්‍රයකුටත් පණ දීමට ‘කොලෝසල් බයෝසයන්ස්’ විද්‍යාඥයන් සූදානම් බව පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (4)

අවුරුදු 12,000 ක් පැරණි වෘකයට පණ දීලා

ජිල්බු Tuesday, 08 April 2025 07:18 AM

විධායක එකටයි, දෙකටයි ට පණ දෙන්න බැරිද කරපුවට හිරේ දාන්න?

:       2       17

ගුණරත්න Tuesday, 08 April 2025 07:39 AM

රොමියුලස් රීමස් තේරුම් ගන්න පුළුවන්, එත් කලීසි? ඒ ගෑණි මකර රැජිණිය නේ? දාන්න තිබ්බේ එඩ්, සන්සා, ආර්යා, ජොන්, බ්‍රැන් වගේ නමක් නේ?

:       9       5

බකල ජයා Tuesday, 08 April 2025 10:50 AM

ගුණරත්න මහත්තයා, සම්බන්ධකමක් තියෙන නම් ඕන නම් වඩා ගැලපෙන්නේ Rhea "රීය" නැත්නම් Lupa "ලූපා" කියන ඒව. නැත්නම් Primula "ප්‍රිම්යූලා."

:       0       6

මිලානෝ වැසියා Tuesday, 08 April 2025 12:05 PM

අපෙත් ඉන්නවා සංරක්ෂණය කරලා අනාගත පරම්පරාවට පෙන්විය යුතු ලෝක ඉතිහාසයේ බිහිවෙච්ච ලොකුම බොරුකාරයා කියන "පච කොටා" කියන කයිතන් කෙනෙක්. ඌවත් අනාගත ලෝකයේ මිනිස්සුන්ව හිනැස්සීම සදහා සංරක්ෂණය කලොත් නරකද?

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

අවුරුදු 12,000 ක් පැරණි වෘකයට පණ දීලා
2025 අප්‍රේල් මස 08 3942 4

වසර 12,500 කට පෙර ජීවත් වූ, මිහිමතින් වඳ වී ගිය, ‘ඩයර් වුල්ෆ්’ යන නමින් හැඳින්වෙන වෘකයන්ට පණ දීමට ඇමෙරිකානු විද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති.


ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය: බේරුමක් කරගන්න සාකච්ඡා
2025 අප්‍රේල් මස 07 148 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පැනවූ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්, වාසිදායී එකඟතාවක් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට, රටවල් රැසක් ඇමෙරිකන් රජය


කොංගෝ ගංවතුර 30 ක් බිලිගනී
2025 අප්‍රේල් මස 07 119 0

අප්‍රිකාවට අයත් කොංගෝ රාජ්‍යයේ, කින්ෂාසා අගනුවර ජලයෙන් යටවිය. ඒ, පසුගිය දින කීපය තිස්සේ නොකඩවා ඇද හැලුණු මහ වැසි හේතුවෙනි.


යුක්රේන අගනුවරට රුසියන් මිසයිල ප්‍රහාර
2025 අප්‍රේල් මස 07 203 0

රුසියන් හමුදාව, කීව් අගනුවර ඉලක්ක කර ගනිමින්, ගුවන් ප්‍රහාර එල්ල කළේය. එම ගුවන් ප්‍රහාරවලින් යුක්රේන සිවිල් වැසියන් 19 දෙනකු ජීවිතක්ෂට පත් වුණු බවත්, ඔව


පාප්තුමා ශාන්ත පීතර චතුරස්‍රයේ
2025 අප්‍රේල් මස 07 45 0

වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයට රැස්ව සිටි කතෝලික බැතිමතුන් පුදුම කිරීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් සමත් විය. ඒ, මිනිත්තු කීපයකට ඔවුන් ඉදිරියේ


ඇමෙරිකාවේ ටෙක්සාස් සරම්ප වසංගතය දරුණුයි
2025 අප්‍රේල් මස 07 54 0

ඇමෙරිකාවේ බටහිර ටෙක්සාස් ජනපදයේ, සරම්ප වයිරස වසංගත තත්වය දරුණු බව එරට සෞඛ්‍ය අංශ පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 668 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 569 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1026 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site