IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


අසාන්ජ් ඇමෙරිකන් අධිකරණය හමුවට

‘විකිලීක්ස්’ වෙබ් අඩවිය ඔස්සේ ඇමෙරිකාවේ හමුදා රහස් ලොවට හෙලි කළ බව ඇමෙරිකන් අධිකරණය හමුවේ පිළිගැනීමට තමන් සූදානම් බව විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ 52 හැවිරිදි ජුලියන් අසාන්ජ් පවසා ඇත.

විකිලීක්ස් නිර්මාතෘවරයා මෙසේ පවසා ඇත්තේ ඇමෙරිකන් බලධාරීන් සමඟ එකඟතාවක් ඇති කර ගැනීමෙන් පසුවය. ඒ අනුව, 2019 වසරේ ලන්ඩන් නුවර අධිආරක්ෂිත බෙල්මාර්ෂ් බන්ධනාගාරයේ රඳවා සිටි අසාන්ජ්ට නිදහස හිමිවුණු අතර ඔහු ඇමෙරිකන් නිලධාරීන්ගේ භාරයට පත් විය.

ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක තොරතුරු ලබා ගනිමින්, ඒවා ප්‍රසිද්ධියට පත් කරමින් කුමන්ත්‍රණයක් කළේ යැයි අසාන්ජ්ට ඇමෙරිකාවෙන් චෝදනා එල්ල වී ඇති අතර එම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගය පැවැත්වෙනු ඇත්තේ ඇමෙරිකාවට අයත් පාලන ප්‍රදේශයක් වන පැසිෆික් සාගරයේ උතුරු මරියානා දූපත් අධිකරණයකය. අසාන්ජ් මෙම අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

ඇමෙරිකානු බලධාරීන් සහ අසාන්ජ් අතරේ ඇති කරගත් එකඟතාවට අනුව, අසාන්ජ් ඇමෙරිකන් අධිකරණය හමුවේ වරදකරු යැයි පිළිගත් විට ඔහුට මාස 62 ක සිරදඬුවමක් නියම කරනු ඇතැයි පැවැසෙයි.

ඔස්ට්‍රේලියානුවකු වන අසාන්ජ් විකිලීක්ස් වෙබ් අඩවිය ඔස්සේ ඇමෙරිකා හමුදාවේ රහස් ලොවට හෙලි කළේ 2010 වසරේදීය. එය ලොව කැලැඹූ සිදුවීමක් විය.

ඇමෙරිකන් අත්අඩංගුවෙන් බේරී, අසාන්ජ් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර එක්වදෝර් තානාපති කාර්යාලයේ ආරක්ෂාව පැතුවේය. ඔහු වසර හතක් එහි රැඳී සිටියේය. මෙම කාලයේ ඇමෙරිකාව උත්සාහ කළේ ස්වීඩනය හරහා අසාන්ජ් අත්අඩංගුවට ගැනීමටය. එය සාර්ථක නොවිණි.

අවසානයේ ලන්ඩනයේ එක්වදෝර් තානාපතිවරයා සමඟත් තානාපති කාර්යාලයේ නිලධාරීන් සමඟත් ගැටුම් ඇතිකරගත් බැවින්, එක්වදෝරය අසාන්ජ් ලන්ඩන් පොලිසියට භාර දුන්නේය. අසාන්ජ් අධිආරක්ෂිත බෙල්මාර්ෂ් බන්ධනාගාරයට යැවුණේ ඒ අනුවය.

(බීබීසී)



අදහස් (2)

අසාන්ජ් ඇමෙරිකන් අධිකරණය හමුවට

Lalla Tuesday, 25 June 2024 07:29 AM

ආරක්ෂා කරපු තානාපතිට පාට් දාලා පරිප්පු කාල? හරියට ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා උත්තමය වගේම නේද?

:       4       3

bandula Tuesday, 25 June 2024 08:15 AM

එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවට අනුව ඔහු නැවත ඕස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂා කරයි

:       0       3

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1918 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 214 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3495 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site