ප‍්‍රාන්ත සභා සැසිවාරය අතරතුරේ ජංගම දුරකතනයක් ඔස්සේ අසැබි දසුන් නැරැුඹීම පිළිබඳ චෝදනා ලැබීමෙන් පෙරේදා (8) ඉල්ලා අස්වූ භාරතීය ජනතා පක්ෂ ඇමැතිවරුන් තිදෙනා ප‍්‍රාන්ත සභාවෙන් ද නෙරපා දමන්නැයි කර්ණාටක ප‍්‍රාන්ත වැසියෝ ඊයේ (9) වීදි බැස විරෝධතා පැවැත්වූහ. එම විරෝධතා සංවිධානය කර තිබුණේ ජනතා දාල් පක්ෂය සහ කොංග‍්‍රස් පක්ෂයයි. කර්ණාටක ප‍්‍රාන්තයේ බලය රැඳී ඇත්තේ භාරතීය ජනතා පක්ෂය සතුවය. ධුරවලින් ඉල්ලා අස්වූයේ සමූපකාර කෘෂිකාර්මීක අලෙවි ඇමැති ලක්ෂ්මන් සෙවාදී, කාන්තා හා ළමා සංවර්ධන ඇමැති සී.සී. පටිල් සහ පරිසර ඇමැති කි‍්‍රෂ්ණා පලේමාර්ය. කර්ණාටක ප‍්‍රාන්ත සභාව පෙරේදා පැවැත්වෙද්දී ඇමැති සෙවාදී සහ පටිල් ජංගම දුරකතනයකින් අසැබි දසුන් නරඹමින් සිටි අයුරු ප‍්‍රාන්ත සභා සැසිවාරයේ කටයුතු වාර්තා කිරීමට එහි ගොස් සිටි රූපවාහිනී කණ්ඩායමක් සජීවීව ප‍්‍රවෘත්ති නාළිකා ඔස්සේ විකාශය කළහ. එම ප‍්‍රාන්ත සභා සැසිවාරය පැවැත්වුණේ ඉකුත් ජනවාරි පළමු වැනිදා කර්ණාටක ප‍්‍රාන්තයේ උතුරු දිගින් පිහිටි සින්දගී නගරයේ හින්දුවරුන් පිරිසක් පාකිස්තාන ධජයක් එසවීම සම්බන්ධයෙන් සෑම දෙනාගේම අවධානය යොමු කිරීමේ යෝජනාවලියක් ප‍්‍රාන්ත සභාවට ගෙන ඒම පිණිසය. සෙවාදී සහ පටිල් අසැබි දසුන් නරඹමින් සිටියේ පරිසර ඇමැති පලේමාර්ගේ ජංගම දුරකතනයෙනි. ඇමැතිවරුන් තිදෙනාගේ කි‍්‍රයා කලාපය මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය වීමත් සමඟ භාරතීය ජනතා පක්ෂයට, ප‍්‍රාන්ත මහ ඇමැති ඞී.වී. සදානන්ද ගොව්ඩාට සහ ආණ්ඩුකාරවරයා වන එච්.ආර්. බරාවාජීට කර්ණාටක ප‍්‍රාන්ත වැසියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වන්න විය. එම අවස්ථාවේදී ඇමැතිවරුන් තිදෙනා කැමැත්තෙන්ම සිය ධුරවලින් ඉල්ලා අස්වූ බවත් ඉල්ලා අස්වීමේ ලිපි තමන් වෙත බාර දුන් බවත් කර්ණාටක ප‍්‍රාන්ත මහ ඇමැති සදානන්ද ගොව්ඩා පවසයි. එම ඇමැතිවරුන් තිදෙනාගේ කි‍්‍රයා කලාපය ගැන විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙන බව ද මහ ඇමැති සදානන්ද පවසා ඇත.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
රුසියන් යුක්රේන යුද්ධයේ දී, තම පරි පාලනය මැදිහත් වී, යුක්රේනයට ලබා දී ඇති ඩොලර් බිලියන 4.7 ක ණය මුදල ආපසු ලබා නොගැනීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානම
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නම් පමණක්, තම ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන බව ගාසා ත
රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමටත්, ගාසා තීරයට කඩිනමින් සටන් විරාමයක් ඇති කිරීමටත්, මුළු ලෝකයම මැදිහත් විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අසැබි දසුන් නැරඹූ කර්නාටක ඇමැති තිදෙනාට ජනතා විරෝධය