IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


අහසින් පහත්වූ මාරයා

කොටියකු පුදුම සහගත ආකාරයෙන් ඉම්පාලා මුවකු දඩයම් කරන ආකාරය බොස්වානාහි මොරෙමි ජාතික වනෝද්‍යානයේ දී ඡායාරූපයට නැගීමට වනජීවී ඡායාරූප ශිල්පියකු සමත්වී තිබේ.

ඇමෙරිකාවේ ලාස් වේගාස්හි පදිංචි යස්මින් ටාජික් මේ දර්ශනය ඡායාරූපයට නගා ඇත.

කොටියෙක් මෙවැනි දඩයමක් කරන ආකාරය වාර්තා වූ පළමු අවස්ථාව මෙය විය හැකියැයි පරිසරවේදීහු කියති.

අඩි හතලිහක් පමණ උසැති ගසක් මුදුනේ කොටියා විවේක සුවයෙන් රැඳී සිටියි. තණ කමින් ඒ ගස අසළට පැමිණෙන ඉම්පාලා මුවන් රංචුවකි. මේ මුවන් රංචුව දකින කොටියා හොඳින් වැඩුණු මුවකු දෙස බලා ගසේ සිට හිටි හැටියේ බිමට පනින්නේ ඒ මුවාගේ පිට මතටය. ඡායාරූප ශිල්පියා පවසන්නේ කොටියා ගසෙන් බහින්නේ නැතිව කෙලින්ම මුවා මතට පැන්න බවයි. එය ඔහුගේ ඡායාරූපවල ද පැහැදිලිව පෙනෙන්නට තිබේ.

හදිසියේම උඩින් පහත්වූ කොටියා එක් මුවකු ගොදුරු වෙද්දී අනිත් මුවෝ හිස් ලූ ලූ අත දිවයති. මොහොතකින් තම මුඛයේ උල් දත් අතර මුවාගේ ගෙල තදින් රඳවා ගන්නා කොටිය ගස මතට නැග ගනී. මේ මුවා කොටියාගේ දිවා ආහාරය බවට පත්වූ බව ටාජික් පවසයි.

1411563845364_wps_79_7_21_MOREMI_GAME_RESERVE_ 1411563687885_wps_78_2_21_MOREMI_GAME_RESERVE_ 1411563661714_wps_77_1_21_MOREMI_GAME_RESERVE_ 1411563481381_wps_66_3_21_MOREMI_GAME_RESERVE_ 1411563455492_wps_64_4_21_MOREMI_GAME_RESERVE_ 1411564130268_wps_82_5_21_MOREMI_GAME_RESERVE_ 1411564375569_wps_89_9_21_MOREMI_GAME_RESERVE_ 1411564613507_wps_100_12_21_MOREMI_GAME_RESERVE 1411564622734_wps_101_16_21_MOREMI_GAME_RESERVE 1411564824178_wps_102_19_21_MOREMI_GAME_RESERVE

 

 



අදහස් (0)

අහසින් පහත්වූ මාරයා

කැලුම් Saturday, 27 September 2014 03:11 AM

අපේ කට්ටිය හිටියනම් මුවා කොටියට ලබන්නේ නෑ. (අ)

:       0       0

එව්මිණි Saturday, 27 September 2014 03:17 AM

මේක ඡායාරූප කරපු කෙනාට තෑග්ගක් දෙන්න වටිනවා. (අ)

:       0       0

සම්පත් Sunday, 28 September 2014 03:52 AM

බුදු දහම අනුව සතර අපායෙන් එකක් තමයි තිරිසන් ලෝකය මෙළොවදී කළ අනුව තිරිසන් ලෝකවල උපදිනවා ඉතින් දුගතියක ඉපදුනාම දුක් විදිනවා කොටිය බඩගින්නේ දුක් විදිනවා මුවා මරණයට ලක්වෙලා දුක් විදිනවා .අපි කලයුතු මේ සතර මහා නරකයන්ට නොවැටී සුගතියට යන්න පින් කිරීමයි. (ස)

:       0       0

සුජානි Saturday, 27 September 2014 03:28 AM

ස්භාව ධර්මය තේරුම් ගන්න බැරි අය මෝඩ අදහස් දමන්න එපා. නසාර් වගේ. (අ)

:       0       0

මිහිර Friday, 26 September 2014 02:08 PM

මේක තමයි දියුණු යැයි කියන මුළු මහත් ලෝකයේ මිනිස් ප්‍රජාවගේ සිට නොදියුණු වනාන්තරගත සත්ව ප්‍රජාවටම පොදු න්‍යාමය. බලය, සවිය, ආයුධ, මුදල වැඩි කොටියා ඒ කිසිත් නැති පොදු ජනයා නමැති මුවා දඩයම් කරගෙන කනවා. එහෙත් ඒක වෙන්නේ වෙනස් විදියකට. (නි)

:       0       0

අමිල මිලානෝ Saturday, 27 September 2014 03:49 AM

මම හිතුවා ඉතාලි ආවත්, ගම්පහ මිනිස්සුන්ට හොදට මොලේ තියෙනවා කියලා.බැලුවහම, එහෙම නැති අයත් ඉන්නවා.(අ)

:       0       0

ක්‍රිස්ට් මොහාන් Saturday, 27 September 2014 03:55 AM

අර නසර්ට ලංකවේ බතල ටිකක් තම්බල දුන්නනම් මොලේ පෑදෙයි (දී)

:       0       0

කසුන් Sunday, 28 September 2014 01:34 PM

ලංකාවේ ජීවන බරත් බඩු මිල ඔය විදිට තමයි ඔලුවට වැටෙන්නේ !! (දී)

:       0       0

ටෙරන්ස් Friday, 26 September 2014 02:14 PM

විශිෂ්ට ඡායාරූප පෙළක් (නි)

:       0       0

සන්නස්ගල Saturday, 27 September 2014 01:48 PM

සත්තුන්ගේ එකම රාජකාරිය මරාගෙන කෑම විතරයි (දී)

:       0       0

අර්ජුන සිල්වා Saturday, 27 September 2014 04:20 AM

අමිල මහත්මයා කෙසෙල් ගහකට කොටලා වගෙයි. (දී)

:       0       0

ලියාන් Sunday, 28 September 2014 05:31 AM

ස්වාභාවධර්මය (දී)

:       0       0

සාලිය Sunday, 28 September 2014 05:33 AM

මේ කොටියෙක්වත් ජගුව(ර්) කෙනෙක්වත් නොවෙයි දිවියෙක් (දී)

:       0       0

තන්තුලගේ අමිල Friday, 26 September 2014 02:52 PM

චමින්ද ඔයා හිතුව ද එයා දෙකයි පනහේ කැමරාවක් අරගෙන යාවි කියලා. (ස)

:       0       0

සමරේ(ගාල්ල) Friday, 26 September 2014 03:11 PM

නසාර් කියන දේ කරන්න බැරිවුනත් එ් අදහය අහිංසකයි. (දී)

:       0       0

අනුරාධා ජයසේකර Saturday, 27 September 2014 02:40 PM

පරිසරයේ සමතුලිතතාවය කියන්නේ ඕකට තමයි..... (දී)

:       0       0

උදයංග Saturday, 27 September 2014 02:58 PM

මේක තම සොබාදහමේ නිතිය.. දිවිය කියන්නේ කෙළේ ඉන්න ඉතාමත් බුද්දිමත් සත්වයෙක්... මාංශ බක්ෂක සතෙක් තවත් සතෙක් මරාගෙන කන්නේ විනොදෙට නෙමේ.. උගේ බඩගින්නට... අපි කවුරුහරි ඒ මුවාට පව් කියල කියනව නම් මිනිස්සු මරණ අහිංසක සත්තු පව් නැද්ද? (දී)

:       0       0

රජිව Sunday, 28 September 2014 03:52 PM

නසාර් කොහද ඉස්කෝල ගියේ (දී)

:       0       0

කුමාර Sunday, 28 September 2014 06:56 AM

මම දන්නේ නැහැ (දී)

:       0       0

චමින්ද Friday, 26 September 2014 09:09 AM

පින්තුර ගත්ත කැමරාවත් නියමම කැමරාවක් වෙන්න ඇති.තප්පරයකට පින්තුර, හතරක් පහක්වත් වත් ගන්න පුළුවන් ඇති. (ස)

:       0       0

ඛලීල් බණ්ඩාරවෙල Sunday, 28 September 2014 07:44 AM

කොටියටත් කෑම අවශ්‍යයි නේ අපි ඒ ගැනත් හිතන්න ඕනේ නේද (දී)

:       0       0

නිහාල් Saturday, 27 September 2014 04:44 PM

උන් මරාගෙන කනවා මිනිසුන් නොමරා කනවා (දී)

:       0       0

අමිල Friday, 26 September 2014 05:32 PM

මේ කොටියෙක් නෙවෙයි ජගුව(ර්) කෙනෙක් (දී)

:       0       0

විමල් Friday, 26 September 2014 10:07 AM

චික් ජරා කොටියා අනේ පවි අසරණ මුව පැටියා (දී)

:       0       0

සිතු Friday, 26 September 2014 10:18 AM

හැම සතාටම මොකක් හරි අති විශේෂ ශිල්ප ඤාණයක් පිහිටලා තියෙනවා. ඒ අතින් අපි හැමෝම සත්ව වර්ග අනුව එක සමානයි. ඒත් මිනිහ විතරයි තමන්ගේ ඤාණය අයුතු විදිහට පාවිච්චි කරලා අනිත් ජිවිත වලට තර්ජනයක් වෙන්නේ (නදී)

:       0       0

හිල්මි Sunday, 28 September 2014 10:00 AM

ටාජික් (වනජීවී ඡායාරූප ශිල්පියා) , නසාර් ( අපේ අහිංසක කොමෙන්ට් කරු ) සහ අනෙක් සියලුම කොමෙන්ට් කරුවන් එතන හිටියනම් අපිට තිබුණා අර අහිංසක සතා බේරගන්න, එහෙම නැතිව අපිට නසාර් කියුවා වගේ කැමරා කරුට තිබුනේ කැමරාවෙන් කොටියට ගහලා මුවා බේරගන්න බැහැ,( ඒක කරන්න බැහැ කොල්ලෝ කොටි හරි නපුරයි.)(දී)

:       0       0

චමින්ද Friday, 26 September 2014 09:14 PM

ඉතාලියේ ඉන්න සමහර අය හිතනවා, ඒ ගොල්ලෝ ඉතාලියේ ජීවත් වුණහම සියල්ල දත් කියලා. මහත්තයෝ, පුවතට අදාළව වැදගත් දෙයක් ලියන්න.එහෙම ලියන්න දන්නේ නැත්නම්, පාඨකයින් ලියා තියෙන අදහස් ටික කියවලා ඒවා රසවිඳින්න. (නි)

:       0       0

ටානියා Friday, 26 September 2014 11:16 AM

ස්වභාවධර්මය කියන්නේ ඕක (දී)

:       0       0

නසාර් Friday, 26 September 2014 11:37 AM

කැමරා කරුට තිබුනේ කැමරාවෙන් කොටියට ගහලා මුවා බේරගන්න..... (දී)

:       0       0

සුපුන් මදුරංග Saturday, 27 September 2014 11:16 AM

අපේ ජීවිතත් ඔය වගේම තමා. කුමන මොහොතක කුමන විදියට අනතුරක් ඒවිද කියල කාටද කියන්න පුළුවන්. කැලයේ හිටපු මුවාට කොටියාගෙන් විතරක් අනතරු වුණාට අපිට අපේ ජාතියේ අයගෙන්ම ඕන මොහොතක අනතුරක් එන්න පුළුවන්. ඒවා සමහර විට කොටියා මුවාව අල්ලනවා කැමරා කරපු කැමරා 100ක් තිබුණත් හොයාගන්න බැරිවෙනවා.. (අ)

:       0       0

චින්තක වී. Friday, 26 September 2014 11:47 AM

චාමින්ද , අලුත් එස්.එල්.ආර්. ඩිජිටල් කැමරා වල තියෙනවා "බර්ස්ට්" එහෙම නැත්නම් "කන්ටිනුවස් ෂූටින්" කියලා සෙටින් එකක්. එවිට ෂටරය ඔබාගෙන ඉන්න තාක්කල් දිගටම රූප වදිනවා.කැමරාවේ තත්වය, මිල අනුව මෙය තත්පරයට වදින ගණන ෂොට් 3 වගේ සිට වැඩි අගයකට යනවා. (නි)

:       0       0

ගීත් Saturday, 27 September 2014 12:17 PM

බලන්නකෝ අදහස් ගොඩ (නි)

:       0       0

අජිත් Friday, 26 September 2014 11:55 AM

මේ දවස් වල අපේ රටේ වතුර නැති පළාත් වල , වතුර හොයාගෙන එන සත්තු ගොදුරු කරගෙන කන මිනිසුන්ගේ අමානුෂිකකම බැලුවහම මේ කොටියා හොඳයි (නි)

:       0       0

රසිකා Friday, 26 September 2014 11:59 AM

කැළෑ නීතිය කියන්නේ ඕක තමයි (නි)

:       0       0

සේරම් Friday, 26 September 2014 11:59 AM

කැමරාව නම් නියමයි (නි)

:       0       0

ජානක Saturday, 27 September 2014 01:53 AM

තන්තුලගේ අමිල,ඔහේගේ අදහස දෙකයි පනහටත් වැඩිය බාලයි. (දී)

:       0       0

කිංස්ලි Friday, 26 September 2014 12:47 PM

නසාර් ගැන මට නම් හිතාගන්න බැහැ (නි)

:       0       0

රොහාන් Wednesday, 01 October 2014 11:05 AM

මම හිතන්නේ නසාර් අදහස් කළේ, මිනිස්සු දැන් ඕනෑම අනතුරකදී ෆොටෝ ගන්න එකයි වීඩියෝ කරන එකයි තමයි කරන්නේ. අනතුරෙන් කාවවත් බේරාගන්න බලන්නේ නැහැ . (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 34 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 43 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 16 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 18 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 309 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 245 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 776 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2171 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site