ආජන්ටිනාවේ පැවැති ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ට ජයක් ලබා දෙවන වරටත් බලයට පත්වීමට මධ්‍ය වාමාංශික දේශපාලනඥයෙකු වන එරට හිටපු අගමැතිනී කි‍්‍රස්ටිනා කර්ච්නර් පෙරේදා (23) සමත් වූවාය.
ඡන්ද ප‍්‍රතිඵලවලින් අඩක් නිකුත් කර තිබියදී බුවනෝස් අයර්ස්හිදී පැවැති රැස්වීමක දී ඇය කියා සිටියේ නැවත වරක් එරට ජනාධිපති ධුරයට පත් වූ ප‍්‍රථම කාන්තාව වීම පිළිබඳ තමා සතුටු වන බවයි.
ඒ වන විට ඇයට සියයට පනස්තුනක ඡන්ද ප‍්‍රතිශතයක් හිමිව තිබුණි.
ඇගේ ප‍්‍රතිවාදියා වූ හර්මෙස් බිනර් සියයට දහහතක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගත් අතර එවන් විශාල පරතරයකින් ජනාධිපතිවරණයක් ජයගෙන තිබුණේ මීට පෙර ආජන්ටිනාවේ සියයට හැට දෙකක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා බලයට පත් වූ ජෙනරාල් ජුවාන් ඩුමින්ගෝ බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය වාර්තා කළේය.
ජනාධිපති මන්දිරය ඉදිරිපිටට රැස්වූ දහස්ගණන් ජනයා නිල් සහ සුදු වර්ණවලින් යුත් ධජ ලෙළදවමින් පී‍්‍රති ඝෝෂා පැවැත්වූහ.
ක‍්‍රිස්ටිනා කර්ච්නර්ගේ සැමියා වූ, 2003 වසරේ සිට 2007 දක්වා ආජන්ටිනා ජනාධිපතිවරයාව සිටි නෙස්ටර් කර්ච්නර් ආරම්භ කළ විශ‍්‍රාම වැටුප්, ළමා සුභසාධනය සහ ප‍්‍රවාහන අංශයන් දියුණු කිරීම උදෙසා ඇරඹූ සමාජ සේවා වැඩසටහන් අඛණ්ඩව කි‍්‍රයාත්මක කිරීමට ඇය දැවැන්ත උත්සාහයක් ගත්තාය. නෙස්ටර් කර්ච්නර් 2001 දී ආර්ජන්ටිනාවේ ඇතිවූ ආර්ථික අවපාතයෙන් රට ගොඩ ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කළේය.
ආජන්ටිනාව බහුල වශයෙන් භාණ්ඩ අපනයනය කරනුයේ චීනයට සහ බ‍්‍රසීලයට වන අතර ලබන වසර වන විට එය එරට ආර්ථිකයට අහිතකර ලෙස බලපානු ඇති බව කර්ච්නර්ගේ විරුද්ධ පාක්ෂිකයා වන හර්මස් බිනර් පවසයි. එරට පවතින උද්ධමනය සම්බන්ධයෙන් විසඳුම් සහිත විධිමත් දේශපාලන වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීමට නොහැකිවීම බිනර්ගේ පරාජයට තුඩු දුන් එක් හේතුවක් ලෙස ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයෝ දකිති.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ආජන්ටිනාවේ හිටපු අගමැතිනි කි‍්‍රස්ටිනාට ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක්