IMG-LOGO

2025 මාර්තු මස 29 වන සෙනසුරාදා


ඇක්වා මෑන්ගෙන් ලංකාවට පැසැසුම්

ශ්‍රී ලංකාව සිය කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හොලිවුඩයේ ජනප්‍රිය නළුවකු වන ජේසන් මමෝවාගේ සතුටට හේතුවක් වී ඇත.

45 හැවිරිදි මමෝවා, ලොව පුරා ලොකු කුඩා කා අතරේත් ජනප්‍රිය වී සිටින්නේ, ‘ඇක්වා මෑන්’ නමැති සුපිරි වීරයාගේ චරිතයට පණ පොවමිනි. ජේසන් මමෝවා, මෙරට තරුණ තරුණියන්ගේ, විශේෂයෙන් තරුණියන්ගේ ආදරණීය රංගන ශිල්පියෙකි.

රංගන ශිල්පියකු ලෙස ලැබූ ජනප්‍රියත්වයත් සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, පරිසර වැඩසටහන් හා සම්බන්ධ විශේෂ නියෝජිතයකු ලෙස ද මමෝවා කටයුතු කරයි. ඒ, සාගරය සුරැකීම සහ සාගර පරිසර පද්ධති ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ලෝවැසියන් දැනුවත් කරමිණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඔවුන්ගේ ‘වර්ල්ඞ් රෙස්ටෝරේෂන් ෆ්ලෑග්ෂිප්’ වැඩසටහන යටතේ, ආර්ථික සංවර්ධනයක් පෙන්නුම් කරමින්, සාගර පරිසර පද්ධති ආරක්ෂා කරන රටවල් ඇගයීමට ලක් කර, සම්මාන ප්‍රදානය කරයි.

මමෝවා ඇක්වා මෑන් ලෙස රංගනයේ යෙදෙමින් ...

කඩොලාන පරිසර පද්ධති නැවත ගොඩනැගීම සහ ප්‍රතිෂ්ඨාපනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ද ඇගයීමට ලක් වී ඇත.

ජේසන් මොමෝවා, අන්තර් ජාලයට වීඩියෝවක් එක් කරමින්, ශ්‍රී ලංකාව පැසැසුමට ලක් කළේ කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර ලොවටම ආදර්ශයක් බව අවධාරණය කරමිණි.



අදහස් (0)

ඇක්වා මෑන්ගෙන් ලංකාවට පැසැසුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ප්‍රබල භූමි කම්පා දෙකක් මියන්මාරය කලඹයි
2025 මාර්තු මස 28 1907 2

කම්පාවලින්, නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවුණු බවත්, ජීවිත හානි වාර්තා වන බවත් මියන්මාර මාධ්‍ය පවසයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සියයකට වැඩි පිරිසක්


තෙවැනි චාල්ස් රජු හදිසියේම රෝහලට
2025 මාර්තු මස 28 113 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු හදිසියේ රෝහල්ගත කෙරුණි.චාප්ස් රජු පිළිකා රෝගියකු වන අතර, ඔහු පිළිකා රෝගීන්ට ලබා දෙන ප්‍රතිකාරවලට යොමු වී සිටී.


ඕස්ට්‍රේලියා මහ මැතිවරණය මාර්තු 3 වැනිදා
2025 මාර්තු මස 28 68 0

ඕස්ට්‍රේලියා මහ මැතිවරණය මැයි 3 වැනිදා පැවැත්වෙන බව, අග්‍රාමාත්‍ය ඇන්තොනි ඇල්බනීස් නිවේදනය කළේය.


ඊජිප්තු සබ්මැරීනයක් මුහුදු පතුලේ අනතුරේ
2025 මාර්තු මස 28 104 0

සංචාරකයන්ට මුහුදු පතුළේ සුන්දරත්වය, අත්විඳීමට ඉඩ සලසන, ඊජිප්තු සංචාරක සමාගමකට අයත් සම්බැරීනයක්, ඊජිප්තුවට ඔබ්බෙන් රතු මුහුදේදී අනතුරට පත් විය.


ඇමෙරිකාවට ආනයනය කරන මෝටර් රථ සඳහා අලුත් බද්දක්
2025 මාර්තු මස 27 168 0

ඇමෙරිකාවට ආනයනය කරන මෝටර් රථ සඳහා ලබන අප්‍රේල් දෙවැනිදා සිට සියයට 25 ක බද්දක් පනවන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.


තායිලන්ත අගමැතිනිය විශ්වාසභංගයෙන් බේරෙයි
2025 මාර්තු මස 27 135 0

තායිලන්ත අගමැතිනී පේටොංටාන් ෂිනවාත්‍රාට එරෙහිව එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංගයක් ඉදිරිපත් කළේය. එම විශ්වාසභංග


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 534 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 707 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1408 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site