IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


ඇමෙරිකා පිලිපීන ආරක්ෂක සබඳතා තවත් ශක්තිමත් වෙයි

තම හමුදාවට අයත් තවත් කඳවුරු හතරක් භාවිතා කිරීමට ඇමෙරිකාවට අවසර දෙන බව පිලිපීන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඇමෙරිකාවට මෙසේ අවසර හිමිවූයේ පිලිපීනය සහ ඇමෙරිකාව අතර පවතින ආරක්ෂක සහයෝගීතා ගිවිසුම තවත් පුළුල් වීමත් සමඟය.

ආරක්ෂක සහයෝගීතා ගිවිසුම පුළුල් කිරීම සිදුවූයේ ඇමෙරිකා ආරක්ෂක ලේකම් ලොයිඞ් ඔස්ටින්, පිලිපීනයට ගොස් පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඞ් මාකෝස් ජූනියර් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් ද පසුවය.

ඇමෙරිකාව සහ පිලිපීනය අතර ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් ක්‍රියාත්මක වන්නේ දශක ගණනක් තිස්සේය. ආරක්ෂක ගිවිසුම යටතේ ඇමෙරිකාව ඔවුන්ගේ හමුදා සොල්දාදුවන් පමණක් නොව, යුදෝපාකරණ ද පිලිපීන කඳවුරුවල රඳවා තිබේ.

ෆර්ඩිනෑන්ඞ් මාකෝස් ජූනියර් ට පෙර පිලිපීනයේ ජනාධිපති ධුරය හෙබවූයේ රොද්‍රිගෝ ඩුටර්ටේ ය. ඩුටර්ටේ සහ ඇමෙරිකාව අතරේ යහපත් සබඳතා පැවැතියේ නැත. කෙසේ නමුත් ෆර්ඩිනෑන්ඞ් මාකෝස් ජූනියර්, ඇමෙරිකාව සමඟ සමීප සබඳතා පවත්වයි. පසුගිය නොවැම්බරයේ ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පිලිපීනයට පැමිණ ජනාධිපති ෆර්ඩිනෑන්ඞ් මාකෝස් ජූනියර් හමුවී ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගත්තාය.

මේ අතර, ඇමෙරිකාව සහ පිලිපීනය අතර පවතින ආරක්ෂක ගිවිසුම මෙසේ පුළුල් කිරීම සම්බන්ධයෙන් චීනය සිය කනස්සල්ල පළ කර ඇතැයි ද පැවැසෙයි.

(රොයිටර්)



අදහස් (0)

ඇමෙරිකා පිලිපීන ආරක්ෂක සබඳතා තවත් ශක්තිමත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

බලයේ සිටින කැනඩා අගමැතිට ජනවරමක්
2025 අප්‍රේල් මස 29 1409 3

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු සහ කැනඩාව ඇමෙරිකාවේ ජනපදයක් බවට පත් කර ගැනීමේ තීන්දු තීරණ මධ්‍යයේ කැනඩාවේ මහ මැතිවරණය පැවැත්වුණු අතර, එ


පාකිස්තාන යූ ටියුබ් නාළිකා නවත්වයි
2025 අප්‍රේල් මස 28 175 0

ඉන්දු කාශ්මීරයේ පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තාන ‘යූ ටියුබ්’ නාළිකා රැසක්, ඉන්දියාවේ තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. ඒ, එම පාකිස්තාන ය


නව පාප්වහන්සේ තෝරා ගැනීම 5 හෝ 6 වැනිදා
2025 අප්‍රේල් මස 28 110 1

නව පාප්වහන්සේ තෝරාපත් කර ගැනීම සඳහා වන කාදිනල්වරුන්ගේ රහසිගත හමුව සහ ඡන්ද විමසුම ලබන 5 වැනිදා හෝ 6 වැනිදා පැවැත්වෙනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක ද


උතුරු කොරියාන් සෙබළු රුසියන් යුක්රේන යුද පිටියේ
2025 අප්‍රේල් මස 28 250 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී තමන්ගේ සහාය රුසියාවට ලබා දෙන බවත්, තම හමුදා රුසියන් හමුදා සමඟ එක් වී, යුක්රේන හමුදා සමඟ සටන් වදින බවත් උතුරු කොරියාව නිල වශයෙ


කැනඩා වැසියෝ ඡන්ද පොළට
2025 අප්‍රේල් මස 28 864 2

කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ විය. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.


පාප් වහන්සේගේ දේහය මිහිදන් කෙරේ
2025 අප්‍රේල් මස 26 1574 0

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 118 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 30 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1069 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site