IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකා මාධ්‍යවේදියා යළි උපදියි

සෝමාලියා මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයේ වසර දෙකකට වැඩි කාලයක් අත්අඩංගුවේ පසුවූ ඇමරිකානු මාධ්‍යවේදී මයිකල් ස්කොට් මෝර් නිදහස් කර ඇතැයි ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ සෝමාලි බලධාරින් සී.එන්.එන්. පුවත් සේවයට පවසා ඇත.

මයිකල් ගේ මව වන මාර්ලිස් සෝන්ඩර්ස් මාධ්‍යය සමග කෙටි සාකච්ඡාවක් පවත්වමින් පවසා ඇත්තේ ‘‘මෙම අවස්ථාව කරා ලඟාවීමට අපිට විශාල වැඩකොටසක් කළා. දැන් මගේ පුතා මයිකල් නිදහස් හුඟක් සතුටුයි ඒ සතුට මට විස්තර කිරීමට අපහසුයි යන්නයි.“ මාර්ලිස් කැලිෆෝනියාවේ රෙඩොන්ඩෝ බීච්  හි වාසය කරන්නීය.

 සෝමාලියාවේ මුඩක් කලාපයේ ආණ්ඩුකාර ආර්මඩ් මියුස් විදෙස් මාධ්‍යයට පවසා ඇත්තේ මූර්ගේ නිදහස පතා ඔහුගේ වැඩිහිටියන් සාකච්චා කළ බවයි. මියුස් පවසන්නේ මූර් සෝමාලියාවේ වයඹ දිග පිහිටි ගල්කයෝ ගුවන්තොටින් ගුවන් යානයකට ගොඩවු බවයි.

මෙම මාධ්‍යවේදියා කුමන දේශයකට ගමන් කරන්නේ ද යන්න මියුස් පවසා නැත.

මම හුඟක්ම ත්‍රාසයට පත්වුනා යැයි මූර්ගේ වෙබ් අඩවි කර්තෘ වන මිකෙල් ටොඩ් පැසිපික් ස්ටෑන්ඩර්ඩ් සඟරාවට පවසා ඇත.මේක හරියට මරණයට පත්වු කෙනෙක් නැවත පණ ලැබූවා හා සමානයැයි පවසන ඔහු  මේක අපුර්වජනක මළවුන්ගෙන් නැගිටීමක් වැනි යැයි වැඩිදුරටත් පවසා තිබේ.

ටොඩ් නැවතත් පැවසුවේ මුර් විසින් සොමාලියාව ගැන තීරුලිපි ලියු බවයි. එමෙන්ම සොමාලි මුහුදු කොල්ලකරුවන් ගැනද පර්යේෂණයක නියැලෙමින් සිට ඇත.

ප්‍රවෘත්ති සංවිධානයක් හැටියට මයිකල් මුහුදු කොල්ල කරුවන්ගේ ග්‍රහණයට හසුවීම ගැන ලිවීමට අවශ්‍ය උනා. නමුත් ඔත්තු සේවා සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියා ඒ හේතුවෙන් මොහුගේ ජීවිතයට අනතුරක් වේවි යැයි සැකය හේතුවෙන් ලියන්න එපා කියල. ඒක හොඳ අදහසක් නැත්නම් මොහු නිදහස් කර ගැනීම ඉතාමත් අපහසුවන්න ඉඩ තිබුනා යැයි ටොඩ් පැවසීය.

පැසිපික් ස්ටෑන්ඩඩ් හි කර්තෘ මාරියා ස්ට්‍රෙසින්ස්කයි පැවසුවේ ඔහු නිදහස් කිරීම ගැන දැනෙන්නේ සතුටක් ඇත්තෙන්ම පසුගිය කාලය ගෙවීගියේ ඉතාමත් කනස්සල්ලෙන් දැන් අපි ප්‍රමුදිත උනා. අපි සිතනවා මූර් යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටිනවා කියල.

තම පුතු වෙනුවෙන් යම් කප්පම් මුදලක් දුන්නා දැයි ඇසු ප්‍රශ්නයට මූර්ගේ මව පිලිතුරක් දී නොමැත.

මියුස් ද  පවසා ඇත්තේ කප්පම් මුදලක් දුන්නා දැයි තමන් නොදන්නා බවයි.

සෝමාලියා කොල්ල කරුවන්ගේ කටයුත්ත මිනිසුන් පැහැරගෙන ගොස් නිදහස් කිරීමට කප්පම් මුදල් ඉල්ලීමයි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ මූර් සෝමාලියා කොල්ල කරුවන්ගේ ග්‍රහණයට අසුවන කාලය වන විට තම පුරවැසියන්ට සෝමාලියාවට යාම අනතුරු සහිතයැයි දැනුම්වත් කර තිබු බවයි.



අදහස් (0)

ඇමෙරිකා මාධ්‍යවේදියා යළි උපදියි

චමින්ද Wednesday, 24 September 2014 08:11 PM

අනිවාර්යෙන්ම කප්පන් මුදල දෙන්න ඇති.මොකද ඔය සෝමාලි කොල්ලකරුවෝ නොමිලේ කිසිම දෙයක් කරන්නේ නැහැ.(දී)

:       0       0

තිලක් Thursday, 25 September 2014 04:32 AM

ඩොලර් මිලියන එකහමාරක් දුන් බව ජාත්‍යන්තර ජනමාධ්‍ය ප්‍රකාශ කළා.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 34 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 43 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 16 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 18 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 309 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 245 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 776 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2171 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site