IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකා යානය බිම හෙලීම ඉරාන ඉන්ජිනේරු දස්කමක්

ඔත්තු බැලීම සඳහා ඉරාන ගුවන් සීමාවට හොරෙන් ඇතුළු වූ ඇමෙරිකන් ඩ්‍රෝන යානාව අල්ලා ගැනීමට හැකිවූයේ ඉරාන හමුදා ඉන්ජිනේරුවන්ගේ දස්කමින් යැයි ඉරාන රජය පවසයි. ආර්.කියු. 170 සෙන්ටිනල් වර්ගයේ නියමුවන් රහිත එම ඩ්‍රෝන යානාය ඉරාන හමුදාව අතට පත්වූයේ ඉකුත් පස් වැනිදාය. ඇමෙරිකාව, ආර්.කියු. 170 සෙන්ටිනල් යානා භාවිතා කරන්නේ ඔත්තු නිරීක්ෂණ කටයුතු සඳහාය. යානය බිම හෙලීමට තමන් සමත් වූ බව ඉරාන හමුදාව ප‍්‍රකාශ කළ අවස්ථාවේදී ඇමෙරිකාව ඒ ගැන මුනිවත රැක්කේය.  ඉකුත් අට වැනිදා ඉරාන හමුදාව එම යානය ඉරාන මාධ්‍ය ඔස්සේ ලොවට ප‍්‍රදර්ශනය කළේය.  එම අවස්ථාවේදී ඇමෙරිකා රජය ප‍්‍රකාශ කළේ ඉරාන/ඇෆ්ගනිස්තාන දේශසීමාවේදී සෙන්ටිනල් යානයක් තම පාලනයෙන් ගිලිහී අතුරුදන් වූ බවය. මීටර් 27 ක් දිග, මීටර් 2 ක් උසැති, ඉතා ඉහළ අහසේ රේඩාර්වලට හසුනොවී පියාසර කළහැකි එම යානය බිම හෙලීමට ඉරානය සමත් වූයේ කෙසේදැයි තවමත් අබිරහසකි. කෙසේ නමුත් ඉරානය පවසන්නේ යානය ඇමෙරිකන් පාලනයෙන් තමන් අතට ගෙන, බිමට පතිත කර ගැනීමට හැකිවූයේ ඉරාන හමුදා ඉන්ජිනේරුවන්ගේ දස්කමින් බවය. ඊට ප‍්‍රතිචාර දක්වමින් ඇමෙරිකා රජය පවසන්නේ දුරස්ථ පාලක මගින් කි‍්‍රයාත්මක ඩ්‍රෝන යානාව ඉරාන හමුදාව අතට පත්වූයේ එම යානය මෙහෙයවූ නියමුවා අතින් සිදුවූ අත්වැරදීමක් නිසා  බවය. සිදුකළ විශේෂ පරීක්ෂණයකින් ඒ බව තහවුරු වී ඇති බව ද ඇමෙරිකා රජය අවධාරණය කරයි. යානය ආපසු බාර දෙන්නැයි ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ඉරාන රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඉරානය එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර ඇත.



අදහස් (0)

ඇමෙරිකා යානය බිම හෙලීම ඉරාන ඉන්ජිනේරු දස්කමක්

saas Thursday, 22 December 2011 09:15 AM

ඔබාමා අනාගෙන වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

චීනයේ වැඩිහිටි නිවාසයක ගින්නක්
2025 අප්‍රේල් මස 10 33 0

උතුරු චීනයේ, හෙබෙයි පළාතේ, චෙන්ග්-ඩේ නගරයේ වැඩිහිටි නිවාසයක ගින්නන් හටගත්තේය. ගින්නට හසුවීමෙන්, 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.


රාත්‍රී සමාජ ශාලාවක වහලය කඩා වැටී 79 ක් මරුට
2025 අප්‍රේල් මස 10 41 0

කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80


ආසියානු කොටස් වෙළෙඳපොළ ඉහළට
2025 අප්‍රේල් මස 10 65 0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය හැර සෙසු රටවල් සඳහා පැනැවූ තීරු බදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශ කිරීමත් සමඟ ආසියා පැසිෆික් කොටස් වෙළෙඳපොළ අග


ගර්භාෂ බද්ධයෙන් පසු සාර්ථක දරු උපතක්
2025 අප්‍රේල් මස 10 816 0

බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


ඇමෙරිකා එන්න: බදු ගහන්නේ නැහැ
2025 අප්‍රේල් මස 10 142 0

ඇමෙරිකාවට පැමිණ තම සමාගම් ආරම්භ කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් විදෙස් සමාගම්වලින් ඉල්ලා ඇත. එසේ කරන්නේ නම්, ඒ සමාගම්වලට කිසිදු බදු මුදල


පලස්තීනය පිළිගන්න මැක්රොන් සූදානම්
2025 අප්‍රේල් මස 10 103 0

පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තමන් සූදානම් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. මෙය පලස්තීන වැසියන්ගේ අයිතීන් සුරැකීමට හේතුවක් වන


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 389 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 911 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site