ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක කෙවින් මැකාති එම ධුරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් මණ්ඩලයකින් සමන්විතය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් අතරේය.
සෙනෙට් මණ්ඩලයේ බහුතරය ඇත්තේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂය සතුවය. බයිඩන් ප්‍රමුඛ රජය අණ පනත් සම්මත කර ගැනීමේ දී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ රිපබ්ලිකන්වරුන්ගෙන් ඊට බාධා එල්ල වෙයි.
කතානායක කෙවින් මැකාති රිපබ්ලිකන් ප්‍රබලයෙකි. ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයක් ආරම්භ කර ඇත්තේ කැරැලිකාර රිපබ්ලිකන්වරුන් කණ්ඩායමකි. එම කැරැලිකාර රිපබ්ලිකන් කණ්ඩායම, හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හිතවාදීන් යැයි ද පැවැසෙයි. රිපබ්ලිකන් ප්‍රබලයකු වන ට්‍රම්ප්, 2024 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වන ප්‍රබලතම රිපබ්ලිකන් අපේක්ෂකයාය.
ඇමෙරිකන් රජයේ කටයුතු කරගෙන යෑමට අවශ්‍ය අරමුදල් වෙන් කර ගැනීමට නොහැකි වීමෙන් පසුගිය සති අන්තය වනවිට රජය අකර්මණ්‍ය වීමේ අවදානමක් මතු විය. කෙසේ නමුත් රිපබ්ලිකන්වරුන් සමඟ තාවකාලික එකඟත්වයක් ඇති කර ගැනීමට ජනපති බයිඩන්ගේ ඩිමොක්‍රටික්වරු සමත් වූහ.
කැරැලිකාර කණ්ඩායම පවසා ඇත්තේ කෙවින් මැකාති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවක් කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය. ඇමෙරිකන් දේශපාලන ඉතිහාසයේ කිසිදු කතානායකවරයකු කිසිදු යෝජනාවකින් ඉවත් කර නොමැති බව ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකන් ව්‍යවස්ථාව අනුව, ජනාධිපතිවරයාට යම් අනතුරක් වුවහොත් හෝ ඔහු ධුරයෙන් ඉවත් කළොත් හෝ ඉවත් වීමට සිදුවුවහොත් හෝ ජනාධිපති ධුරය හිමිවන දෙවැනි උප ජනාධිපතිවරයාය. උප ජනාධිපතිවරයාට පසුව සිටින්නේ ඇමෙරිකන් කතානායකවරයාය.
(ඒ.එෆ්.පී.)
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරයකු වන මූන් ජේ-ඉන් අල්ලස් චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කළ බව එරට වාර්තා කළේය. මේ බව මූන් ජේ-ඉන්ගේ නීතීඥවරුන් ද තහවුරු කර ඇ
යුරෝපා සංගමය, ඇපල් සමාගමටත් සහ ෆේස්බුක් මවු සමාගම වන ‘මෙටා’ සමාගමටත් නඩු පවරා ඇත. ඒ, ඇපල් සමාගමට ඇමරිකන් ඩොලර් මිලියන 570 ක් සහ මෙටා සමාගමට ඇමෙරිකන් ඩොලර්
තුර්කියේ ඉස්තාන්බුල් නගරය, රික්ටර් මාපකයේ 6.2 ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවකින් සහ පසු කම්පන මාලාවකින් කැලඹිණි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි
ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්
දකුණු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලවීමත් සමඟ, සෞදි නිල සංචාරය අතරමඟ නවත්වා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කඩ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමෙරිකන් කතානායක ධුරයෙන් නෙරපන්න හදයි