පාකිස්තානයේ පෙෂවෝර් නුවර ඇමෙරිකානු කොන්සල් කාර්යාලයට අයත් මෝටර් රථයක් ඉලක්ක කර ගනිමින් ඊයේ (3) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර සිවු දෙනෙක් බරපතළ තුවාල ලැබූහ. මියගියෝ ඇමෙරිකන් කොන්සල් නිලධාරීහු දෙදෙනෙකි. ප‍්‍රහාරයෙන් තවත් ඇමෙරිකන් ජාතික කොන්සල් නිලධාරීන් දෙදෙනකු සහ කොන්සල් කාර්යාලයේ සේවය කරන පාකිස්තාන ජාතිකයෝ දෙදෙනෙක් තුවාල ලැබූහ. වෙනත් රියකින් පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරු කොන්සල් රියේ හැපී බෝම්බය පුපුරුවා ගෙන ඇතැයි ආරක්ෂක අංශ පවසයි. ප‍්‍රහාරයෙන් කොන්සල් කාර්යාල මෝටර් රථය මුළුමනින්ම විනාශ විය. බෝම්බකරුගේ සිරුර හඳුනා ගැනීමට නොහැකි ලෙස පිළිස්සී ඇතැයි ද වාර්තා වේ. පෙෂවෝර් නුවර තම කොන්සල් කාර්යාල නිලධාරීන් ඉලක්ක කර ගෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වූ බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ද නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් බාර ගෙන නැත. කෙසේ නමුත් පාකිස්තානය සහ ඇමෙරිකාව පවසන්නේ එය තලේබාන් සටන්කාමීන්ගේ සැහැසි කි‍්‍රයාවක් බවය. ප‍්‍රහාරය ගැන පුළුල් පරීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර ඇති අතර පාකිස්තානයේ රැඳී සිටින සෙසු ඇමෙරිකානු කොන්සල් නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කරන බව ද පාකිස්තාන රජය පවසා ඇත. කොන්සල් රියට බෝම්බ ප‍්‍රහාරය එල්ල වීමට පැයකට පෙර, පෙෂවෝර් නුවර එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය අසල ද බෝම්බයක් පුපුරා ගියේය. එම බෝම්බ ප‍්‍රහාරයට සිවිල් වැසියෝ දෙදෙනෙක් බිලිවූහ. තවත් සිවිල් වැසියෝ තිදෙනෙක් තුවාල ලැබූහ.තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කළ බව ආරක්ෂක අංශ ප‍්‍රකාශ කළේය.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමෙරිකානු කොන්සල් රියට පාකිස්තානයේදී බෝම්බ ප‍්‍රහාරයක්
වරුණ Wednesday, 05 September 2012 09:16 AM
පාකිස්ථාන් -සින්දාබාද් (ස)
නිරාන් Tuesday, 04 September 2012 01:24 PM
කෝ මේ නවනීදන් පිල්ලෙ නෝනා, නිදිද? (ස)
සේනානායක Tuesday, 04 September 2012 11:47 PM
තල වැපිරූ විට ලැබෙන්නේ තලයි. (නි)
සිල්වා Wednesday, 05 September 2012 02:50 AM
නියමයි.අනෙක් රටවලිනුත් මේ අය පන්නා දැමිය යුතුයි. (නි)
සිල්වා Wednesday, 05 September 2012 02:52 AM
මේවට තමයි බූමරංග කියන්නේ. (නි)