
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, පිඩාවට පත් ගාසා පලස්තීන වැසියන්ට ආධාර ලබා දීම වේගවත් කළ යුතු බවත්, හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරද්දී, පලස්තීන සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට දැඩි ක්‍රියා මාර්ග අනුගමනය කළ යුතු බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට පැවැසීය.
ඇමෙරිකන් ජනාධිපතිවරයා, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට මේ බව පැවැසුවේ දුරකතන ඇමතුමක් ලබා දෙමිනි. එම දුරකතන කතාබහ මිනිත්තු 30 ක් තිස්සේ පැවැති බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ පලස්තීන වැසියන්ට ආධාර ලබා දීම වේගවත් කළ යුතු බවත්, පලස්තීන සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට දැඩි ක්‍රියා මාර්ග අනුගමනය කළ යුතු බවත් ජනාධිපති බයිඩන් පැහැදිලි කළේ හමාස් සටන්කාමීන්ට එරෙහි සටනේ දී ඇමෙරිකාවේ සහාය දිගටම ඊශ්‍රායලයට හිමි වන බවට සහතිකයක් ද ලබා දෙමින් යැයි පැවැසෙයි.
පසුගියදා ‘වර්ල්ඞ් සෙන්ට්‍රල් කිචන්’ නමැති ජාත්‍යන්තර සහන සේවා සංවිධානයේ විවිධ රටවල සහන සේවකයන් හත් දෙනකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ වැඩි අවධානයක් යොමු විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා එල්ල වීමට ද පටන් ගෙන තිබේ.
පලස්තීන සිවිල් වැසියන්ගේ ජීවිත පමණක් නොව, ගාසා තීරයට ආධාර ලබා දීමට පැමිණෙන විදෙස් සහන සේවකයන්ගේ ආරක්ෂාව ද තහවුරු කිරීමට ඊශ්‍රායලය වගබලාගත යුතු යැයි බයිඩන් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට අවධාරණය කළේ ‘වර්ල්ඞ් සෙන්ට්‍රල් කිචන්’ සංවිධානයේ සහන සේවකයන් මියයෑම මුල්කොට ගනිමිනි.
ඊශ්‍රායල ගුවන් හමුදාව, ‘වර්ල්ඞ් සෙන්ට්‍රල් කිචන්’ සහන සේවකයන් ගමන් කරන්න වූ රිය පෙළක් ඉලක්ක කර ගනිමින් පහර දුන්නේ එම රථවල සිටින්නේ කවුරුන්දැයි දැනගෙන යැයි ‘වර්ල්ඞ් සෙන්ට්‍රල් කිචන්’ සංවිධානයේ නිර්මාතෘ හෝසේ ඇන්ද්‍රේස් චෝදනා නගා ඇත. ජාත්‍යන්තර සහන සේවකයන් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සමාව ඉල්ලීමක් ද කර ඇත. ඒ, බරපතල ආකාරයේ වරදක් සිදුවුණු බව ද පවසමිනි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
786
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇමෙරිකන් ජනපතිගෙන් ඊශ්‍රායල අගමැතිට ඇමතුමක්