IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඇමෙරිකන් තර්ජනයට ඉන්දියාව පිළිතුරු දෙයි

ඉරානය සමඟ ආර්ථික සබඳතා පවත්වන රටවලට සම්බාධක පනවන බවට ඇමෙරිකාව කළ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් ඉන්දියාව ප්‍රතිචාර දැක්වීය. 

ඉන්දියාව සහ ඉරානය අතරේ යහපත් සබඳතා පවතින අතර, ඉන්දීය රජය පසුගිය දා ඉරානයේ චබහාර් වරායේ කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ඉරානය සමඟ 10 වසරක ගිවිසුමකට අත්සන් කළේය.

මෙය ඇමෙරිකාවේ අප්‍රසාදයට හේතුවක් වූ අතර, ඇමෙරිකාව එම අවස්ථාවේදී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, කවුරු වුණත් කමක් නැහැ. ඉරානය සමඟ සම්බන්ධකම් පවත්වන රටවලටසම්බාධක පැනැවීමක් සිදු කරන බවත්, එම සම්බාධකවලට මුහුණ දීමට සූදානමින් ඉරානය සමඟ ගනුදෙනු කරන ලෙසත් ය. ඇමෙරිකාව මෙම තර්ජනය කළේ ඉන්දියාවට බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඇමෙරිකානව සහ ඉන්දියාව අතරේ සමීප මිතුදම් පවතී. ආසියානු කලාපයේ චීනය ඇමෙරිකාවට තර්ජනයක් වී ඇති බැවින්, ඇමෙරිකාවේ සමීපතම මිතුරා වී සිටින්නේ ඉන්දියාවය. 

ඇමෙරිකාවේ තර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් පවසා ඇත්තේ එම ඉරාන සමඟ අත්සන් කළ එම ව්‍යාපෘතිය මුළු කලාපයටම ප්‍රතිලාභ ලබා ගෙන දෙන්නක් බවය. එබැවින් එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පටු අදහස් නොදැරිය යුතු බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඇමෙරිකාවට පෙන්වා දී ඇත. ඉරානය, චබහාර් වරායේ ඉදිරි කිරීම් සිදුවූයේ ඉන්දීය රජයේ ද සහාය ඇතිවය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (1)

ඇමෙරිකන් තර්ජනයට ඉන්දියාව පිළිතුරු දෙයි

Yashan Wednesday, 22 May 2024 09:09 AM

ලෝකයක් ඇමරිකාව හැළිය යුතුයි. ලෝකයට කරුමය ගේන ප්‍රමුඛ රට ඇමරිකාවමයි. වඩා යහපත් බහු ධ්‍රැවීය

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායලයට එරෙහි විරෝධතා
2024 සැප්තැම්බර් මස 29 27 0

ඊශ්‍රායලයට එරෙහිව ඉරානයේ විරෝධතා ආරම්භ වී ඇත. විරෝධතා පැවැත්වෙන්නේ ඉරානයේ ටෙහෙරාන් අගනුවරදීය. විරෝධතා පැවැත්වීමට හේතුව ඊශ්‍රායලය ලෙබනන් හිස්බුල්ල


පාකිස්තානය ඩොලර් බිලියන 1.5 ක් ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 22 0

පාකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අතිරේක ඩොලර් බිලියන 1.5 ක ණයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 702 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


ආරක්ෂක කවුන්සිලය කැඳවන්න - ඉරානය
2024 සැප්තැම්බර් මස 29 17 0

ඊශ්‍රායලය ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය කිරීමෙන් පසු මැදපෙරදිග කලාපයේ හටගත් යුද උණුසුම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්


නේපාලයේ ජල ගැලීම්: නායයෑම්
2024 සැප්තැම්බර් මස 29 10 0

ඇද හැලෙන මහ වැසි හේතුවෙන්, නේපාලය දරුණු ජල ගැලීම්වලට සහ නායයෑම්වලට මුහුණ දෙයි. නේපාල රජය පැවැසුවේ, අයහපත් කාලගුණය හේතුවෙන් 120 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇත


නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් අප්‍රසාදය
2024 සැප්තැම්බර් මස 29 1616 0

නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති මොහොමඩ් අබ්බාස් සහ ‘ෆාටා’ සංවිධානය, ඉරාක අග්‍රාමාත්‍ය මොහොමඩ් ෂියා අල් සුඩානී ද ඊශ්‍රාය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site