රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්, ඇමෙරිකන් සහ යුක්රේන හමුදා ප්‍රධානීන් අතර හමුවක් පැවැත්විණි.
හමුව පැවැත්වූයේ ඇමෙරිකන් හමුදා ප්‍රධානී ජනරාල් මාර්ක් මයිලි සහ යුක්රේන හමුදා ප්‍රධානී ජනරාල් වැලේරි සලුසීනී අතරේය. හමුව පැවැත්වූයේ පෝලන්තයේය.
පෝලන්තය, යුක්රේනයේ අසල්වැසියා පමණක් නොව, ‘නේටෝ’ සාමාජිකයෙකි. හමුදා ප්‍රධානීන් අතරේ හමුව පැවැත්වූයේ පෝලන්ත යුක්රේන දේශසීමාවේ රහස් තැනක යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ පසුගිය 2022 වසරේ පෙබරවාරි 24 වැනිදාය. ඒ, බටහිර ගැති යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී නේටෝ සාමාජිකත්වය ඉල්ලීමට විරෝධය පළ කරමිනි.
උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය’ හෙවත් ‘නේටෝ’ ව ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර රටවල් එක් වී පිහිටුවාගෙන ඇති යුද සන්ධානයකි.
හමුදා ප්‍රධානීන් දෙදෙනා අතරේ සාකච්ඡාවට බඳුන් වූයේ රුසියන් යුක්රේන යුද්ධයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙනි. ඇමෙරිකාව දිගින් දිගටම යුක්රේන හමුදාවට අවි ආයුධ ලබා දීම සම්බන්ධයෙන් යුක්රේන හමුදා ප්‍රධානී ජනරාල් වැලේරි සලුසීනී, ඇමෙරිකන් හමුදාපති ජනරාල් මාර්ක් මයිලිට ස්තුති කළ බව මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.
(ඒ.එෆ්.පී.)
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු සහ කැනඩාව ඇමෙරිකාවේ ජනපදයක් බවට පත් කර ගැනීමේ තීන්දු තීරණ මධ්‍යයේ කැනඩාවේ මහ මැතිවරණය පැවැත්වුණු අතර, එ
ඉන්දු කාශ්මීරයේ පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තාන ‘යූ ටියුබ්’ නාළිකා රැසක්, ඉන්දියාවේ තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. ඒ, එම පාකිස්තාන ය
නව පාප්වහන්සේ තෝරාපත් කර ගැනීම සඳහා වන කාදිනල්වරුන්ගේ රහසිගත හමුව සහ ඡන්ද විමසුම ලබන 5 වැනිදා හෝ 6 වැනිදා පැවැත්වෙනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක ද
රුසියන් යුක්රේන යුද්ධයේ දී තමන්ගේ සහාය රුසියාවට ලබා දෙන බවත්, තම හමුදා රුසියන් හමුදා සමඟ එක් වී, යුක්රේන හමුදා සමඟ සටන් වදින බවත් උතුරු කොරියාව නිල වශයෙ
කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ විය. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඇමෙරිකන්-යුක්රේන හමුදා ප්‍රධානීන්ගේ හමුවක්