ඇමෙරිකා නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පත් කරනු ලැබූ නව රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, සිය පළමු විදෙස් සංචාරය ලෙස තෝරාගෙන ඇත්තේ පැනමා රාජ්‍යය බව පැවැසෙයි.
ඇමෙරිකාවේ 72 වැනි රාජ්‍ය ලේකම්වරයා ද වන මාර්කෝ රූබියෝ, එම ධුරයට පත්වුණු පළමු ලතින් ඇමෙරිකානු සම්භවයක් ඇති ඇමෙරිකානු ජාතිකයාය.
රූබියෝ, සිය පළමු විදෙස් සංචාරය ලෙස තෝරාගෙන ඇත්තේ ලතින් ඇමෙරිකාව වන අතර පැනමාව ලතින් ඇමෙරිකානු රාජ්‍යයකි. පැනමා සංචාරයෙන් පසු, රූබියෝ ගේතමාලාවට, එල් සැල්වදෝරයට, ඩොමිනිකන් ජනරජයට සහ කොස්ටා රීකා රාජ්‍යයට යෑමට සූදානමින් සිටී.
නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ පැනමා රජය සමඟ මේ වනවිට අර්බුදයක් පවතී. රූබියෝ, පැනමාවට යන්නේ එම අර්බුදය සම්බන්ධයෙන් පැනමා බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමටය.එම අර්බුදය පවතින්නේ පැනමා ඇළ සම්බන්ධයෙනි.
පැනමා ඇළ යනු ලෝකයේ ඉන්ජිනේරු විස්කමකි. එය අත්ලාන්තික් සාගරයත් පැසිෆික් සාගරයත් යා කරන කිලෝ මිටර් 82 ක ඇළ මාර්ගයකි. වෙළෙඳ කටයුතුවලදී පැනමා ඇළ ඉතා වැදගත් මුහුදු මාර්ගයකි.
අතීතයේ පැනමා රජය සමඟ එක් වී මෙය ඉදි කළේ ඇමෙරිකාවය. ඉන්පසු ඇමෙරිකාව සහ පැනමාව එක්ව, වසර ගණනක් පැනමා ඇලේ කටයුතු කළමනාකරණය කළේය. පැනමා ඇල ඇමෙරිකාව පැනමාවට ලබා දුන්නේ 1999 දෙසැම්බර් 31 වැනිදාය. ඒ, 1977 දී එවකට ඇමෙරිකන් ජනාධිපති ජිමී කාටර් මැදිහත් වී පැනමා රජය සමඟ ඇති කරගත් ගිවිසුමකට අනුවය.
ට්‍රම්ප් චෝදනා කර ඇත්තේ ඇමෙරිකන් නෞකා පැනමා ඇළ හරහා යද්දී, පැනමා රජය අසාධාරණ ආකාරයට එම නෞකාවලින් වැඩි ගාස්තු අය කරන බවටය. පැනමාව තමාට පිළිගත හැකි ආකාරයකට පැනමා ඇළ කළමනාකරණය නොකරන්නේ නම් තමන් පැනමා ඇළේ අයිතිය යළි ඇමෙරිකාවට පවරා ගැනීමට කටයුතු කරන බව ට්‍රම්ප් දිගින් දිගටම පවසා ඇත. මෙය පැනමා ජනාධිපති රාවුල් මුලීනෝ ප්රමුඛ රජයේ දැඩි විරෝධයට හේතුවක් වී තිබේ.
තමන් හමුවීමට ධවල මන්දිරයට පැමිණෙන්නැයි, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායල අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට ඇරැයුම් කර ඇත. ඒ අනුව, නෙදන්යාහ
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, තමන් සමඟ සාකච්ඡා පැවැත්වීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අකමැත්ත පළ කරන්නේ, ඔහු තමන්ට දක්වන බිය
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හැර, යුක්රේන රජයේ ඕනෑම කෙනකු සමඟ සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බව, රුස
දකුණු කොරියන‘එයාර් බූසාන්’ ගුවන් සේවයට අයත් ‘එයාර් බස් 321’ වර්ගයේ මගී ගුවන් යානයක්, එරට බූසාන් නුවරට ගිණිකොන දෙසින් පිහිටි ගිම්හේ ජාත්‍යන්තර ගුවන්තොටු
හින්දු බතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන, මහා කුම්භමේලා පූජා සැණකළිය අතරතුරේ හටගත් තෙරපීමකින් 50 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 35 කි. මරණ සං
තායිලන්තයේ බැංකොක් අගනුවර වාතයේ ගුණාත්මකභාවය කැපී පෙනෙන ලෙස පහත වැටී ඇතැයි එරට කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් පැනමා සංචාරයට සූදානම්