
මැදපෙරදිග රටවල නිල සංචාරයක යෙදෙන ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පලස්තීන පාලනයේ පවතින බටහිර ඉවුරේ රාමල්ලා නුවරට පැමිණ පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් හමුවිය.
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්, පලස්තීනය බලා පැමිණියේ, ඊශ්‍රායලයට ගොස් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවී සාකච්ඡා කිරීමෙන් පසුවය.
රාමල්ලා නුවරදී, පලස්තීන ජනාධිපති හමුවුණු අවස්ථාවේදී, ඊශ්‍රායල රජය පලස්තීනයට අයත් ඉඩම්වල අනවසරයෙන් ජනාවාස ඉදිකිරීම සාකච්ඡාවට බඳුන් විය.
කොන්දේසි විරහිතව සෑම විටම ඊශ්‍රායලයට දීමට තමන් සූදානම් යැයි ඇමෙරිකාව පැවැසුවත්, පලස්තීන ප්‍රදේශවල ජනාවාස ඉදිකිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පැහැදිලි කළේය.
ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසඳිය හැක්කේ ද්වී රාජ්‍ය විසඳුමකින් පමණක් යැයි ද බ්ලින්කන් පෙන්වා දුන්නේය.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
579
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් පලස්තීන ජනාධිපති හමුවෙයි