පාකිස්තාන/ඇෆ්ගන් දේශසීමාවේ පිහිටි පාකිස්තාන හමුදා මුරපොළ දෙකකට ඇමෙරිකා හමුදාව නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් පෙරේදා (26) එල්ල කළ මිසයිල ප‍්‍රහාර දෙකකින් පාකිස්තාන හමුදා සෙබළු 26 දෙනකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ ඇමෙරිකාවත් පාකිස්තානයත් අතර ඇයිහොඳයිකම් යළිත් වරක් පළුඳු විය. එම ඇමෙරිකා හමුදා ප‍්‍රහාරයට විරෝධය පළ කරමින් පාකිස්තාන/ඇෆ්ගන් දේශසීමාව හරහා ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වල නියැලී සිටින ඇමෙරිකා සහ නේටෝ හමුදාවලට භාණ්ඩ සපයන සැපැයුම් මාර්ග වසා දැමීමටද පාකිස්තාන රජය තීරණය කළේය. ඊට අමතරව පාකිස්තානයට අයත් බලූකිස්තාන ප‍්‍රදේශයේ ඇමෙරිකා හමුදාවට අයත් ෂම්සි ගුවන් කඳවුර වහාම ඉවත් කර ගන්නා ලෙසත් ඒ සඳහා ඇමෙරිකා රජයට දින 15 ක් දෙන බවත් පාකිස්තාන අගමැති යූසොෆ් රාසා ගිලානි නිවේදනය කර ඇත. ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම්වල නියැලෙන විදෙස් හමුදා සෙබළුන්ට අවශ්‍ය බඩුබාහිරාදිය පාකිස්තානයේ කරච්චි නුවර සිට සැපැයීම සිදු කරන්නේ ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ ටෝක්හම් සහ චාමාන් යන මාර්ග හරහාය. වසර 10 කට ආසන්න කාලයක් තිස්සේ පවතින ඇෆ්ගන් යුද්ධයේදී ඇමෙරිකාවට පාකිස්තානයේ සහාය අවශ්‍යය. එහෙත් පාකිස්තාන රජයට නොදන්වා පාකිස්තානයේ ඇබොට්ටාබාද් නමැති නගරයේ සැඟවී සිටි අල් කයිඩා නායකයා ඝාතනය කිරීමට ඇමෙරිකාව පියවර ගැනීමත් සමඟ දෙරටේ ඇයිහොඳයිකම් පළුඳු විය. බිඳ වැටුණු එම සබඳතා තවමත් ශක්තිමත් වී නැති අතර පෙරේදා සිදුවීමත් සමඟ තත්ත්වය තවත් බැ?රුම් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ බිය පළ කරති. මේ අතර ඇමෙරිකාව විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියා ඇත්තේ පෙරේදා සිදුවූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බවත් පාකිස්තාන රජය සමඟ සාකච්ඡාකර දෙරට අතර සබඳකම් යළිත් වරක් ශක්තිමත් කර ගැනීමට උත්සාහ ගන්නා බවත්ය.
රුසියන් යුක්රේන යුද්ධයේ දී, තම පරි පාලනය මැදිහත් වී, යුක්රේනයට ලබා දී ඇති ඩොලර් බිලියන 4.7 ක ණය මුදල ආපසු ලබා නොගැනීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානම
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නම් පමණක්, තම ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන බව ගාසා ත
රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමටත්, ගාසා තීරයට කඩිනමින් සටන් විරාමයක් ඇති කිරීමටත්, මුළු ලෝකයම මැදිහත් විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පි
ඉරාන ජනාධිපති මෙසූඩ් පෙෂෙස්කියන්, ශුද්ධෝත්තම පාප්තුමන්ට ලිපියක් යවමින් ස්තුති කර ඇත. ඒ, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් ඊශ්‍රායල ප්‍රහාරවලින් මියය
ඉන්දියානු අදානී සමූහයේ සභාපති සහ ලොව ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනකු ද වන ගෞතම් අදානිට ඩොලර් බිලියන ගණනක වංචාවක් සම්බන්ධයෙන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරද
බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවර පැවැති ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමෙන් පසු, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් ආරම්භ කරමි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමෙරිකන් හමුදා ප‍්‍රහාරයෙන් පාකිස්තාන සෙබළු 26 ක් මරුට
දේශාන් ලහිරු Tuesday, 29 November 2011 03:03 PM
ඇමෙරිකාව බොහොම වැරදි විදියට ක්‍රියා කරනවා
සුජීව Monday, 28 November 2011 08:09 PM
ඔන්න බලන්න
ශාන්ත Monday, 28 November 2011 11:01 PM
ඉවක් බවක් නැති මෙවැනි ප්‍රහාර හෙළා දැකිය යුතුයි