IMG-LOGO

2025 මාර්තු මස 11 වන අඟහරුවාදා


ඇමෙරිකාවේ ගුවන් ගමන් හිටිහැටියේ අඩපණ වෙයි

ගුවන් ගමන් පාලන පරිගණක පද්ධතියේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, ඇමෙරිකාව පුරා ගුවන් ගමන්වලට බාධා එල්ල විය. ඇමෙරිකාවේ ගුවන් ගමන් පාලනය සිදුවන්නේ ‘නෝටාම්’ නමැති පරිගණක පද්ධතියේ ආධාරයෙනි. තාක්ෂණික දෝෂය හටගත්තේ මෙම පද්ධතියේය.

තාක්ෂණික දෝෂය හේතුවෙන් අභ්‍යන්තර ගුවන්ගමන්වලට පමණක් නොව ජාත්‍යන්තර ගුවන්ගමන්වලට ද බාධා එල්ල විය. මගීන් දස දහස් ගණනකට ගුවන්තොටුපොළවල පැය ගණනක් රැඳී සිටීමට සිදුවිය.

ගුවන් ගමන් 5,400 ක් ප්‍රමාද කිරීමට මෙම තාක්ෂණික දෝෂය හේතුවක් වූ බව ඇමෙරිකන් ෆෙඩරල් ගුවන් ගමන් පාලන අධිකාරිය පසුව පැවැසීය.

කෙසේ නමුත් පැය කීපයක් යද්දී, දෝෂය නිවැරදි කිරීමට හැකිවිය. ඒ අනුව, ගුවන් ගමන් සාමාන්‍ය පරිදි ආරම්භ වූ බව ඇමෙරිකන් ෆෙඩරල් ගුවන් ගමන් පාලන අධිකාරිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

(රොයිටර්)



අදහස් (0)

ඇමෙරිකාවේ ගුවන් ගමන් හිටිහැටියේ අඩපණ වෙයි

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

කැනඩාවේ අලුත් අගමැති මාක් කාර්නි
2025 මාර්තු මස 10 2330 1

කැනඩාවේ පාලක පක්ෂයේ නව නායකයා ලෙස මාක් කාර්නි තේරී පත්විය. ඒ අනුව, කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද 59 හැවිරිදි කාර්නි ට හිමිවෙයි.


ට්‍රම්ප්ට එරෙහි විරෝධතා
2025 මාර්තු මස 09 313 1

කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම ඇමෙරිකන් ජනාධිපතිවරයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්කොට්ලන්ත නිවාඩු නිකේතනයට හානි සිදුකර ඇතැයි පැවැසෙයි.


අත්අඩංගුවේ සිටි දකුණු කොරියන් ජනපති නිදහස්
2025 මාර්තු මස 09 190 0

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්, දෝෂාභියෝගයට ලක් වී, ඉන්පසු රැඳවුම් භාරයට ගැනුණු දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙයොල්ට නිදහස හිමිවිය.


යුක්රේකනය එක්ක ගනුදෙනු පහසු නැහැ
2025 මාර්තු මස 08 221 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාම වැඩපිළිවෙළක් සකස් කරද්දී, රුසියාව සමඟ ගනුදෙනු කිරීම ඉතා පහසු බවත්, යුක්රේනය සමඟ ගනුදෙනු කිරීම ඉතා අපහසු බව


ටොරොන්ටෝ නුවර වෙඩි තැබීමක්
2025 මාර්තු මස 08 100 0

කැනඩාවේ, ටොරොන්ටෝ නුවර, සමාජ ශාලාවක සිදුවුණු වෙඩි තැබීමකින්, 12 දෙනකු තුවාල ලැබූ බව වාර්තා වේ.


ඇල්ෆ්‍රඩ් ඕස්ට්‍රේලියාව කලඹයි
2025 මාර්තු මස 08 117 0

ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ හරහා රට අභ්‍යන්තරයට කඩා වැදුණි. මහ වැසි සමඟ සුළි කුණාටුව හමා යන්නේ පැයට කිලෝ මීටර් 200 ක වේගයකින් බව


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 58 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 128 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 185 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site