IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඇමෙරිකාවේ තවත් ජනපද දෙකකට ටෝනේඩෝ තර්ජන

ඇමෙරිකාවේ ආකස්සාස් සහ ඉලිනොයි යන ජනපද හරහා ටෝනේඩෝ සුළි කුණාටු හමා යෑමෙන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 40 ක් යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ටෝනේඩෝවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානිවුණු බවත්, ගස් කඩා වැටීම හේතුවෙන් නගර රැසක විදුලිය බලය අහිමි වුණු බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

පසුගිය සතියේ ද බිහිසුණු ටෝනේඩෝවකින් මිසිසිපි ජනපදය කැලැඹී ගියේය. නිවාස 400 කට වැඩි ගණනක් එම ටෝනේඩෝවෙන් විනාශ වුණු අතර, 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ආකස්සාස් සහ ඉලිනොයි ප්‍රාන්ත හරහා ටෝනේඩෝ සුළි කුණාටු හමා යද්දී ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, මිසිසිපි ජනපදය බලා ගොස් සිටියේය. ඒ, මිසිසිපි ජනපදයට බලපෑ ටෝනේඩෝවෙන් සිදුවුණු හානිය ගැන සොයා බැලීමටය.

ඉලිනොයි නුවර ඇපලෝ රඟහල ද ටෝනේඩෝවට හසුවිය. රඟහලේ වහලය කඩා වැටුණු බව ද පැවැසෙයි. එම අවස්ථාවේ ඒ තුළ 250 දෙනකු සිටි බවත්, පස් දෙනකු බරපතගල තුවාල ලැබූ බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.

ටෝනේඩෝ හෙවත් ‘ගොබවලාව’ යනු ප්‍රචණඩකාරී අවස්ථාවක මුහුදේ ඇති වන වේගවත් දිය සුළියක ආකාරයට වායුගෝලය තුළ ඇති වන්නකි.

අහසේ වලාකුළක සිට පහළට විහිදෙන, කුඩා විෂ්කම්භයක් ඇති සර්පිලාකාරව භ්‍රමණය වන වායු තීරුවක් ලෙස එය  හැඳින්විය හැකිය. මෙය ‘කැරකෙන’ යන අරුත් දෙන ස්පාඤ්ඤ බසෙහි එන වදනකි. ඇමරිකානුවෝ එය ‘ට්විස්ටර්’ කියා හඳුන්වති.

මේවා බහුලව හටගන්නේ ඇමෙරිකාවේය. ‘ටෝනේඩෝ’ වැනි සුළං ප්‍රවාහ ලෝකයේ ඕනෑම තැනක ඇති විය හැකි නමුත්, ඒවා බහුලව හමුවන්නේ උතුරු ඇමරිකාවේය. ‘ටෝනේඩෝ’ සාමාන්‍ය සුළි කුණාටුවලට වඩා බිහිසුණුය.

(රොයිටර්)



අදහස් (0)

ඇමෙරිකාවේ තවත් ජනපද දෙකකට ටෝනේඩෝ තර්ජන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 579 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site