ඇමෙරිකාවේ, ටෙනිසි ජනපදයේ, නෑෂ්විල් ප්‍රාන්තයේ, පෞද්ගලික ප්‍රාථමික පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 6 දෙනාගෙන් තිදෙනකු අවුරුදු 12 ට අඩු කුඩා දරුවන්ය.
පාසලේ දරුවන් 200 දෙනකු පමණ ඉගෙනුම ලබන බව පැවැසෙයි. වෙඩි තැබීම කළේ 28 හැවිරිදි තරුණියකි. වෙඩි තැබීමෙන් මියගිය සෙසු තිදෙනා අතරේ ගුරුවරියක සහ පාසලේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් දෙදෙනකු ද සිටින බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
වෙඩි තැබීම සිදුවී මිනිත්තු 15 ක් යද්දී පොලිසිය පාසල වට කර, වෙඩි තැබීම කළ තරුණිය කොටු කර ගත් බවත්, යටත් වීමට අකමැති වුණු ඇයට පොලිසිය වෙඩි තැබූ බවත් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.
තරුණිය සතුව රයිෆල් තුවක්කු දෙකක් සහ අත් තුවක්කුවක් තිබුණු බව පොලිසිය පසුව පැවැසුවේය. වෙඩි තැබීම සිදුවූයේ උදේ 10 ට පමණය. තරුණිය නෑෂ්විල් පදිංචිකාරියක බව පොලිසිය හඳුනාගෙන ඇත. ඇය වෙඩි තැබීම කළේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැති අතර විමර්ශන කටයුතු දිගටම සිදුවෙයි.
(රොයිටර්)
උතුරු චීනයේ, හෙබෙයි පළාතේ, චෙන්ග්-ඩේ නගරයේ වැඩිහිටි නිවාසයක ගින්නන් හටගත්තේය. ගින්නට හසුවීමෙන්, 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.
කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය හැර සෙසු රටවල් සඳහා පැනැවූ තීරු බදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශ කිරීමත් සමඟ ආසියා පැසිෆික් කොටස් වෙළෙඳපොළ අග
බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකාවට පැමිණ තම සමාගම් ආරම්භ කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් විදෙස් සමාගම්වලින් ඉල්ලා ඇත. එසේ කරන්නේ නම්, ඒ සමාගම්වලට කිසිදු බදු මුදල
පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තමන් සූදානම් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. මෙය පලස්තීන වැසියන්ගේ අයිතීන් සුරැකීමට හේතුවක් වන
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක්
අබිලින් Tuesday, 28 March 2023 05:10 AM
ලංකාවෙ පාසලක එක ගුරුවරියක් පීඩාවට පත්වූ දරුවෙකුගේ මවකට කතාකර ප්‍රශ්නය දුරදිග ගෙනයන්න එපා කියලා හිතෙනවා බොහෝවිට ගුරුවරු ඉගැන්වීම නොකර වෘත්තීය සමිති කාරයෝ කරන වර්ජන තර්ජන සදහා මසකට දෙතුන් වරක් අසනීප කියලා සේවය පැහර හරිනවා උසස්ම අධ්‍යාපන ආයතනවල ගුරුවරු බොහෝවිට දරුවන්ගේ අධ්‍යාපනය ගැන නොසලකා සේවය පැහැර හරිනවා මෙයින් පීඩාවට පත්වන දරුවො අනාගතය අසාර්ථක වුනොත් ලංකාවෙ වුනත් ඔහොම දේවල් කරන්න ඉදිරිපත් නොවෙයි කියලා කියන්න අමාරුයි කාටවුනත් ඉවසීමේ සීමාවක් තියෙනවා
චන්දන Tuesday, 28 March 2023 05:21 AM
ලෝකෙ දරුවන් ට පවා අනාරක්ෂිත ම රට ඇමරිකාව බව කාලයක් තිස්සේ පැහැදිලි යි.
චමින්ද Tuesday, 28 March 2023 10:37 AM
චන්දන ඔහොම කිව්වට මේ වනවිට වෙඩිතැබීම් නැතත් අනෙකුත් සිදුවීම් අනුව ලංකාවෙ වුනත් නුදුරේදීම ලංකාවෙත් ඔහොම වෙන්න පුළුවන් කියලා හිතෙනවා 2019 ට පසුව දරුවන්ට හරියට අධ්‍යාපනය නැහැ අනාගතයේ මොනවා වෙයිද කියන්න අමාරුයි
kamalTuesday, 28 March 2023 11:59 AM
කාව හරි අල්ලාගෙන නිදොස් කොට නිදහස් කරගන්න බැරිවෙයිද?
පිටිගල මිලානෝTuesday, 28 March 2023 01:31 PM
ඇමරිකාවේ ළමයෙක් පාසලකටද, වැඩිහිටියෙක් රැකියාවටද ගොස් ගෙදර එනතෙක් විශ්වාස නැත. සමූහ ඝාතන හැමතැනම සිදුවේ. මෙම සමූහ ඝාතන සිදුවු නාෂ්විල්, නිව් ඕර්ලියන්ස් පැතිවල අදුරු වැටුන පසු එලිපහලියට යෑම බොහෝ භයානකය. ඇමරිකාවේ වෙසෙන බොහෝ ලාංකිකයින්ට වෛද්‍ය පිහිට අවම බැවින් බෙහෙත් ගෙන්නාගන්නේ ලංකාවෙන්ය. ස්ටැටන් අයිලන්ඩ් ලංකා බත්කඩ වල බිබී ඔවුන් කරන්නේ රනිල් මහල්ලා අගයන එකය. දැන් ඉතිං රනිල් සහ සාටකයෝද දෙගොල්ලම එකතුවීම මේ පංඩිතයන්ට යනඑන මං නැති කර ඇත.
Bunny Preena Tuesday, 28 March 2023 09:11 AM
ඇමෙරිකානු සමාජය බොහොම අවිනිශ්තයි. කොයි මොහොතක කවුරු හරි තුවක්කුවක් ගෙනල්ල වෙඩි තියාගෙන වෙඩි තියාගෙන යන්ට පුලුවන්.
ලුම්බිණි Tuesday, 28 March 2023 10:25 AM
කණගාටුයි මිය ගිය අය ගැන.
රනිල් Tuesday, 28 March 2023 04:01 PM
28 නාකි වෙ,,,,, ක් .. 9,1ඔයා ළමයි මැරුවේ.
Hafeel Tuesday, 28 March 2023 02:33 PM
මේ සිද්ධියේදී මීය ගිහින් තියන්නේ අහිංසක මිනුස්සු. මේවා අනුමත කරන්න බැහැ. හැබැයි දැන්වත් ඇමරිකානුවන් අවබෝද කලයුතුයි, ඉන්ධන තන්නාව නිසා ඔවුන්ගේ ආණ්ඩුව සහ හමුදාව ලෝකේ රටවල් කිහිපකයට බෝම්බ දාල අමු අමුවෙන් අහිංසක කුඩා දරුවන් ඇතුළු මිනුස්සු ඝාතනය කළා. ඔවුන්ව සරණාගතයන් බවට පත් කළා. එම රටවල් නැත්තටම නැති කළා. ඔවුන්ගේ අවි ආයුධ විකුනන්න කන්ධායම් ඇති කළා, බෙදා ඇති කළා. දැන් ඇමරිකානුවන්ටත් මේ ඉරණමට මුහුණ දෙන්න වෙලා. මේවාට තමයි කින්නේ, කල දේ පල දේ කියල.