IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


ඇමෙරිකාව බංකොලොත්?

ඇමෙරිකාව ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටී. ඒ, එරට භාණ්ඩාගාරයේ ණය සීමාව ඉහළ දැමීම සම්බන්ධයෙන් පාලක ඩිමොක්‍රටික් පක්ෂය සහ ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂය අතර පවතින මත ගැටුම් දිනෙන් දින උත්සන්න වීමත් සමඟය. අර්බුදයට කඩිනමින් විසඳුමක් සොයා නොගතහොත්, ඇමෙරිකාව බංකොලොත්වීමට ඉඩ ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ජනාධිපති ජෝ බයිඩන් සහ රිපබ්ලිකන්වරුන් අතරේ හටගත් මත ගැටුම් කඩිනමින් අවසන් කර නොගතහොත්, ඇමෙරිකාව බැඳුම්කර සඳහා මුදල් ගෙවීම තාවකාලිකව අත් හිටුවීමට ඇති අවස්ථාව තවත් ඉහල යනු ඇතැයි පැවැසෙයි.

ජනාධිපති ජෝ බයිඩන් සහ කොංග්‍රසය (පාර්ලිමේන්තුව) එකඟතාවයකට පැමිණීමෙන් බැඳුම්කර සඳහා මුදල් ගෙවීම තාවකාලිකව අත් හිටුවීම වළක්වා ගැනීමට හැකිවේවි යැයි ඇමෙරිකන් ආර්ථික විශ්ලේෂකයන් බලාපොරොත්තු වන බව ‘ෆයිනෑන්ෂල් ටයිම්ස්’ පුවත්පත පළ කළ වාර්තාවක දැක්වෙයි.

භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසා ඇත්තේ, ධවල මන්දිරය සහ කොංග්‍රසය භාණ්ඩාගාරයේ ණය සීමාව පිළිබඳ එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වුවහොත් ලබන ජූනි පළමු වෙනිදායින් පසුව රජයේ වියදම් සඳහා භාණ්ඩාගාරයට මුදල් ලබා දීමට නොහැකි වනු ඇති බවය.

ණය සීමාව ඉහළ නොදැමුවහොත් බැඳුම්කර ලබා ගෙන ඇති විදෙස් රටවල මහ බැංකු වලට එම බැඳුම්කර සඳහා මුදල් ගෙවීමට ඇමෙරිකා එක්සත් ජනපදයට නොහැකි වනු ඇති බවත්, එවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ ණය ශ්‍රේණිගත කිරීම් පහත වැටෙනු ඇති බවත් ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දී තිබේ.

එසේම හමුදා සාමාජිකයන් සඳහා මාසික වැටුප් ගෙවීම, සෞඛ්‍ය රක්ෂණාවරණය සඳහා ඇමෙරිකානු ජාතිකයන්ට මුදල් ගෙවීමටද ඇමෙරිකානු රජයට නොහැකි වනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ පැහැදිලි කර සිටිති.

(රොයිටර්)



අදහස් (0)

ඇමෙරිකාව බංකොලොත්?

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

පාප් වහන්සේගේ දේහය මිහිදන් කෙරේ
2025 අප්‍රේල් මස 26 1489 0

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.


ට්‍රම්ප් - සෙලෙන්ස්කී හමුවක්
2025 අප්‍රේල් මස 26 1735 0

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි


එන්නත්කරණ වැඩසටහන් අවදානමේ
2025 අප්‍රේල් මස 26 57 0

ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව ධනවත් රටවල් විසින් අරමුදල් කප්පාදු කිරීම හේතුවෙන්, මාරාන්තික රෝගවලට එරෙහිව ලෝකයේ දරුවන් එන්නත් කිරීම අඩාල වන බව එක්සත්


සමාජ ක්‍රියාකාරී වර්ජිනියා ජිෆ්රේ සමුගනී
2025 අප්‍රේල් මස 26 87 0

ලිංගික අපයෝජනයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ හඬනැගූ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ප්‍රකට අමෙරිකාවේ වර්ජිනියා ජිෆ්රේ මියගොස් ඇතැයි පැවැසෙයි.


ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන්න
2025 අප්‍රේල් මස 26 1584 2

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල


සාමකාමීව විසඳා ගන්න
2025 අප්‍රේල් මස 26 610 0

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 943 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 418 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 565 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site