මින් ඉදිරියට ඇමෙරිකාවට හෝ නෝටෝ හමුදාවට හෝ පාකිස්තාන භූමියට ඇතුළු වී කිසිම ආකාරයක පහර දීමක් කළ නොහැකි බවත් එසේ කරන්නේ නම් පාකිස්තානය ඊට නිසි ලෙස පිළිතුරු සැපැයීමට සූදානම් බවත් පාකිස්තාන හමුදාපති අෂ්ෆාක් කයානී අනතුරු අඟවයි.
හමුදාපතිවරයා එම අනතුරු ඇඟවීම සිදු කළේ ඇමෙරිකා හමුදාවට අයත් නියමුවන් රහිත ඩ්‍රෝන යානා එල්ල කළ මිසයිල ප‍්‍රහාරයෙන් මියගිය පාකිස්තාන සෙබළුන්ගේ සහ නිලධාරීන්ගේ අවමංගල්‍යයට ඊයේ (28) සහභාගී වූ අවස්ථාවේදීය.
ඇමෙරිකා ඩ්‍රෝන යානා හමුදා මුරපොළ ඉලක්ක කර එම මිසයිල ප‍්‍රහාර එල්ල කළේ ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාව හරහා පාකිස්තානයට ඇතුළු වෙමිනි. එම මිසයිල ප‍්‍රහාර වලින් හමුදා සෙබළු 13 දෙනෙක් තුවාල ලැබූහ.
ප‍්‍රහාරය සිදුවූයේ අත්වැරදීමකින් හෝ අහඹු සිදුවීමක් නිසා හෝ නොවන බව පාකිස්තාන හමුදාපතිවරයා අවධාරණය කරයි. පාකිස්තානයේ ස්වෛරීත්වයට ඇමෙරිකාව ගරු කළ යුතු බව ද හමුදාපති කයානී වැඩිදුරටත් කියා සිටියි.
ප‍්‍රහාරය එල්ල වූ බව සැලැවීමත් සමඟ පාකිස්තාන ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් පැවැත්වීය. ආරක්ෂක මණ්ඩලයේ මුලසුන හොබවන්නේ පාකිස්තාන අගමැති යූසොෆ් රාසා ගිලානිය.
ඇමෙරිකාවට හෝ නේටෝවට පාකිස්තාන භූමියට ඇතුළු වී මින් ඉදිරියට කිසිදු ආකාරයේ මෙහෙයුමක් සිදු කිරීමට ඉඩ ලබා නොදීමට එහිදී එකඟත්වයක් ඇතිකර ගැණුනි. ඇමෙරිකා හමුදාව එසේ කරන්නේ නම් ඊට එරෙහිව දැඩි පියවර ගැනීමට ද පාකිස්තාන ආරක්ෂක මණ්ඩලය එහිදී තීරණය කළේය.
ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම්වල නියැලෙන විදෙස් හමුදා සෙබළුන්ට අවශ්‍ය බඩුබාහිරාදිය සැපැයීම සිදු කරන්නේ ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ ටෝක්හම් සහ චාමාන් යන මාර්ග හරහාය. එම දේශසීමා මාර්ග මේ වනවිට වසා දමා තිබේ.
උතුරු චීනයේ, හෙබෙයි පළාතේ, චෙන්ග්-ඩේ නගරයේ වැඩිහිටි නිවාසයක ගින්නන් හටගත්තේය. ගින්නට හසුවීමෙන්, 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.
කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය හැර සෙසු රටවල් සඳහා පැනැවූ තීරු බදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශ කිරීමත් සමඟ ආසියා පැසිෆික් කොටස් වෙළෙඳපොළ අග
බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකාවට පැමිණ තම සමාගම් ආරම්භ කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් විදෙස් සමාගම්වලින් ඉල්ලා ඇත. එසේ කරන්නේ නම්, ඒ සමාගම්වලට කිසිදු බදු මුදල
පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තමන් සූදානම් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. මෙය පලස්තීන වැසියන්ගේ අයිතීන් සුරැකීමට හේතුවක් වන
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ඇමෙරිකාව යළි පහරදුන්නොත් නිසි පිළිතුරු දෙන්න සූදානම්
ගිමාල් බණ්ඩාර Tuesday, 29 November 2011 04:14 PM
කුම්බලා මාළු කෑවනම් විදවපන් බළලෝ කියන්නේ මේකට තමයි