ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර මාර්ග බාධකයක් වෙත තම මෝටර් රථය ධාවනය කළ පුද්ගලයෙකු ඉන් පිටතට පැමිණ ඔහු සතුව තිබූ ගිනි අවියකින් වෙඩි තබා ගෙන සියදිවි හානි කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අලුයම 4 ට පමණ කැපිටල් වීදිය සහ දෙවන හරස් වීදිය අතර ඇති මාර්ග බාධකයකට තම මෝටර් රථය ධාවනය කළ 29 හැවිරිදි පුද්ගලයා කෝපයෙන් ඉන් පිටතට පැමිණ අහසට වෙඩි තැබූ බව වොෂින්ටන් පොලිසිය ප්‍රකාශ කළේය.
අහසට වෙඩි තැබීම හේතුවෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය පැමිණි අවස්ථාවේ එම පුද්ගලයා තමන්ට වෙඩි තබා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.
මියගිය තැනැත්තා ඩෙලවෙයාර් ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පැවැසෙයි.
ඔහු කොංග්රස් සාමාජිකයන් ඉලක්ක කර පැමිණි බවට හෝ පොලිස් නිලධාරීන් තම ගිනි අවි භාවිතා කළ බවට සාක්ෂි නොමැති බව වොෂින්ටන් පොලිසිය පෙන්වා දුන්නේය.
(රොයිටර්)
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමෙරිකාවේ වෙඩි තැබීමක්