ඇමෙරිකානු හමුදා සහ රාජ්‍ය තාන්ති‍්‍රක රහස් ලොවට හෙළි කිරීම සම්බන්ධයෙන් විකිලීක්ස් සංස්කාරක ජුලියන් ඇසෙන්ජ්ට එරෙහිව නඩු පැවැරීමට ඇමෙරිකාවේ නීතිවේදීන් හොර රහසේ කටයුතු කරන බව ඇසෙන්ජේගේ නීතීඥ බල්තසාර් ගාර්සොන් පවසයි. ඕස්ටේ‍්‍රලියානු ජාතිකයකු වන ඇසෙන්ජ් (41) මේ වනවිට රැඳී සිටින්නේ බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි ලතින් ඇමෙරිකානු රටක් වන එක්වදෝර තානාපති කාර්යාලයේය. ස්වීඩනයේ සිටිද්දී කාන්තාවන් දෙදෙනක අපහරණයට ලක් කළේ යැයි ඇසෙන්ජ්ට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ස්වීඩනයේ නඩු විභාගයක් පැවැත්වෙයි. ඇසෙන්ජ් තම රටට බාර දෙන්නැයි ස්වීඩන රජය බි‍්‍රතාන්‍යයෙන් ඉල්ලා ඇති අතර බි‍්‍රතාන්‍ය රජය ඊට කැමැත්ත පළ කර ඇත. බි‍්‍රතාන්‍යයේ සිටිද්දී, රාජ්‍ය සහ හමුදා රහස් ලොවට හෙළි කිරීමේ වරදට දඬුවම් කර ඇසෙන්ජ්ගෙන් පළි ගැනීමට ඇමෙරිකාවට නුපුළුවන්ය. ස්වීඩනයට ගෙන්වා ගැනීමෙන් ඇමෙරිකාව තමන් අත්අඩංගුවට ගැනීමට සැරසෙන බව ඇසෙන්ජ් මෙන්ම ඔහුගේ නීතීඥ ගාර්සොන් ද පවසයි. ස්පාඤ්ඤ ජාතිකයකු වන ගාර්සොන්, හිටපු විනිසුරුවරයක් ද වෙයි. ඇසෙන්ජ් ලන්ඩන් නුවර එක්වදෝර තානාපති කාර්යාලයට ගොස් එක්වදෝරයේ දේශපාලන රැකවරණ ඉල්ලා සිටියේ එහෙයිනි. එක්වදෝර ජනපති ඇසෙන්ජ්ට තම රටේ දේශපාලන රැකවරණ ලබා දීමට ද කැමැත්ත පළ කර ඇත. කෙසේ නමුත් ඇසෙන්ජ්ට ලන්ඩන් නුවර එක්වදෝර තානාපති කාර්යාලයෙන් පිටවීමට නොහැකිය. ඇසෙන්ජ් ඉන් පිටතට පැමිණියහොත් අත්අඩංගුවට ගැනීමට ලන්ඩන් පොලිසිය සීරුවෙන් සිටී. මේ අතර ස්වීඩනයට බාරදීමෙන් වැළැකී, ලන්ඩන් නුවර එක්වදෝර් තානාපති කාර්යාලයේ සිටින විකිලීක්ස් සංස්කාරක වරයා සම්බන්ධයෙන් එක්වදෝර රජය සමඟ දිගින් දිගටම සාකච්ඡා පවත්වන බව බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් පවසා ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමෙරිකාව හොර රහසේ විකිලීක්ස් සංස්කාරකට නඩු පවරන්න හදනවා
ජගත් බලවත්ගම Saturday, 08 September 2012 09:34 PM
මේවා හොද එයාලට විතරයි..!! අපිට හොද නැහැ..!!(නු)
අමිල කටුනායක Friday, 07 September 2012 07:20 PM
ඇමෙරිකාව කරන තරමක් කරන්නේ යටි කූට්ටුවැඩ (අ)
සිල්වා Saturday, 08 September 2012 03:24 AM
ලකංිවට විතරක් වලංගු අපූරු මාධ්‍ය නිදහසක්නේ. (නි)