ඇමෙරිකාවට ගැති නොවන ශක්තිමත් රජයක් පාකිස්තානයට අවශ්‍ය යැයි පාකිස්තානයේ හිටපු කි‍්‍රකට් නායකයකු මෙන්ම ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ නායකයා ද වන ඉම්රාන් ඛාන් පෙරේදා (25) කරච්චි නුවරදී ජන රැුලියක් අමතමින් කියා සිටියේය. එම ජන රැුලියට ලක්ෂයකට වැඩි පිරිසක් සහභාගී වූ බව පාකිස්තාන පුවත් සේවා වාර්තා කරයි. පාකිස්තානයේ පාලක පක්ෂය වන ‘පාකිස්තාන ජනතා පක්ෂයේ’ දුර්වලතා රැුසක් විවේචනය කළ ඉම්රාන් ඛාන් රැුස්ව සිටි පිරිස අමතමින් කියා සිටියේ රටේෂණ වංචා සියල්ල සෝදා දැමීමට සුනාමියක් අවශ්‍ය බවය. ඊට අමතරව පාකිස්තාන රජය, ඇමෙරිකාවේ වාලකු නොවිය යුතු බවත් ඇමෙරිකාවට ගැතිකම් නොකළ යුතු බවත් ඉම්රාන් ඛාන් පැවැසීය. පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරි ප‍්‍රමුඛ රජය, ඇමෙරිකාවේ පදේට නටනවා යැයි ඉම්රාන් ඛාන් චෝදනා කළේය. ඇමෙරිකාව සමඟ මිතුදමක් පැවැතිය යුතු නම් එය වාල්කමක් නොවිය යුතු බවත් ඔහු අවධාරණය කළේය. ඇමෙරිකාවට ගැතිකම් කරන පාකිස්තාන ජනපති සර්දාරි ධුරයෙන් ඉත් විය යුතු යැයි ඉම්රාන් ඛාන් පැවැසූ අවස්ථාවේදී රැුස්ව සිටි පිරිස පී‍්‍රති ඝෝෂා නැගූහ. ඔවුන් එක හඬින් කියා සිටියේ ‘පාකිස්තානයේ ගැලවුම්කරු ඉම්රාන් ඛාන් කියාය. පාකිස්තානයේ අසහාය කි‍්‍රකට් විරුවකු වන ඉම්රාන් ඛාන් (58) දේශපාලනයට පිවිස වසර 15 ක් ගත වී ඇත. ඔහු විසින් පිහිටුවනු ලැබූ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය මීට පෙර අවස්ථා කිහිපයකදී ද ඇමෙරිකාව එල්ල කරන ප‍්‍රහාරවලින් පාකිස්තාන සිවිල් වැසියන් ඝාතනය වීම සම්බන්ධයෙන් වීදි බැස විරෝධතා රැුළි පත්වා ඇත. දුර්වල පාලනය හේතුවෙන් පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරිට ධුරයෙන් ඉවත් වන්නැයි පාකිස්තාන හමුදාවෙන් ද බලපෑම් එල්ල වෙමින් පවතී.
ඇමෙරිකා ‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරය, සාර්ථකව අවසන් කරමින්, ඊට සහභාගී වූ සංචාරක ගගනගාමීහු සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ.
මහ වැසි හේතුවෙන්, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපා රටවල් රැසක පළාත් බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත්, එම රටවල වැසියන් ලක්ෂ ගණනක් පීඩාවට පත් ව ඇති බවත් විදෙස් මාධ්
යේමනයේ, ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. මිසයිලය පතිත වූයේ මධ්‍යම ඊශ්‍රායලයට අයත් ජනශුන්‍ය ප්‍රද
‘යාගී’ සුළි කුණාටුවෙන් මියන්මාරයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් නොකඩවා ඇද හැලෙන මහ වැසි, ජල ගැලීම් සහ නායයෑම් හේතුයෙන් මියන්මාර වසියන් 100 කට වැඩි ගණනක් ජ
යළිත් වරක්, ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එයින් ට්‍රම්ප්ට කිසිදු අනතුරක් සිදු නොවුණු අතර, වෙඩි තැබීම කළ පුද්ගලයා
පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වීමට නියමිත බව තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මේ අලුත් සඳ දින 53 ක් තිස්සේ ෙපෘථිවිය සමඟ සිටිනු ඇතැයි
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්රමුඛ පෙළ ශ්රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
ඇමෙරිකාවට ගැති නොවන රජයක් පාකිස්තානයට ඕනෑ