IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි. 

තුවාලකරුන්ගෙන් කීප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර ඇත. 

බර්මින්හැම් නගරයේ ෆයිව් පොයින්ට් සවුත් ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදුවිය. මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවන් පිරිසක් ෆයිව් පොයින්ට් සවුත් ප්‍රදේශයේ සිටි පිරිසක් වෙත වෙඩි තබා පලා ගොස් ඇත.

වෙඩි ප්‍රහාරවලට ලක් වී මියගිය සිවු දෙනා අතරේ පිරිමි දෙදෙනකු සහ කාන්තාවන් දෙදෙනකු සිටින බවත්, එයින් එක් පිරිමියකු මියගියේ රෝහල්ගත කිරීමෙන් පසුව බවත් වාර්තා වේ.

වෙඩි තැබීම කළ පුද්ගලයන් සොයා පොලිස් විමර්ශන ආරම්භ වී ඇති නමුත් කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී නැතැයි ද පොලිසිය පවසා ඇත.

තුවක්කුකරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ එක් පුදලයෙකි. එම තුවක්කුකරුවන් ඒ අදාල පුද්ගලයා ඉලක්ක කරමින් වෙඩි තැබීම් කළ බවත්, මියගිය සෙසු පිරිස අසල සිටි පුද්ගලයන් බවත් බර්මින්හැම් පොලිස්පති ස්කොට් තර්මවුන්ඩ් මාධ්‍ය හමුවක් පවත්වමින් පෙන්වා දුන්නේය.

“මෙය කුලී ඝාතකයන් පිරිසකගේ සැහැසි ක්‍රියාවක්. ඝාතනයට කීප දෙනකු සම්බන්ධයි. මෝටර් රථයකින් පැමිණි ඔවුන් වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබෙනවා. ඔවුන්ගේ ඉලක්කය වූ පුද්ගලයා මියගිය පිරිස අතර සිටිනවා. මියගිය අනෙක් තිදෙනා එම පුද්ගලයා සමඟ එම අවස්ථාවේ සිටි අයයි.” යැයි පොලිස්පති ස්කොට් තර්මවුන්ඩ් එම මාධ්‍ය හමුවේ දී පැහැදිලි කර ඇත.



අදහස් (1)

ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්

පිටිගල මිලානෝ Monday, 23 September 2024 09:38 AM

ඇමරිකාව විශාල ලෙස සමූහ ඝාතන සහ පාසල් වල සමූහ ඝාතන නිතර සිදුවන භයානක රටකි.

:       0       5

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 942 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 898 1

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


ප්‍රංශ ජනපති මැක්රොන් නෙදන්යාහුට දොස් කියයි
2024 සැප්තැම්බර් මස 23 84 0

ඊශ්‍රායලය අසල්වැසි කලාපීය රටවල් යුද්ධයකට තල්ලු කරනවා යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට දොස් නගා


ලෙබනනය තවත් ගාසාවක් කරන්න එපා
2024 සැප්තැම්බර් මස 23 45 0

ලෙබනනය තවත් ගාසා තීරයක් වීමට ඉඩ නොතබන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඊශ්‍රායලයෙන් මෙසේ ඉල්ලා ස


මෝදි ඇමෙරිකාවේ
2024 සැප්තැම්බර් මස 22 112 0

තෙදින නිල සංචාරයක් සඳහා ඇමෙරිකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහත් හරසරින් පිළිගැනීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කළේය.


මාලි පොලිස් පුහුණු කඳවුරකට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 22 100 0

අප්‍රිකාවට අයත් මාලි රාජ්‍යයේ බමාකෝ අගනුවර පොලිස් පුහුණු කඳවුරකට සහ ගුවන්තොටුපළකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයෝ 70 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20803 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19798 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site