ඇෆ්ගන් තලේබාන් රජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මෞලවි අබ්දුල් කබීර් පත් කිරීමට තලේබාන්වරුන් පියවර ගෙන තිබේ.
තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර හිතවාදී රජය පෙරළා බලය අල්ලා ගනිමින් ඔවුන්ගේම රජයක් පිහිටුවා ගත්තේ 2021 වසරේ අගෝස්තුවේය. ඒ, ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පියවී ගිය සැණින්ය.
2020 වසරේ දී තලේබාන් නියෝජිතයන් සහ ඇමෙරිකානු රජයේ නියෝජිතයන් අතරේ සාම සාකච්ඡා පැවැත්විණි. ඒ, ඇමෙරිකන් හමුදා පිටව යෑමෙන් පසු ඇෆ්ගනිස්තානයේ අනාගතය සම්බන්ධයෙනි.
සාම සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ කටාර් රාජ්‍යයේ දෝහා නුවර තලේබාන් සාම කාර්යාලය හරහාය. එම සාකච්ඡා සඳහා වැදගත් කාර්යයක් ඉටු කළ අයකු ලෙස 60 හැවිරිදි මෞලවි අබ්දුල් කබීර් සැලකිය හැකිය. ඒ අනුව, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සමඟ යහපත් සබඳතා ඇති අයකු ලෙස ද මෞලවි අබ්දුල් කබීර් සැලකෙයි.
ඇමෙරිකාව 2001 වසරේ දී ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළ අවස්ථාවේදී එදා පැවැති තලේබාන් රජයේ වැඩ බලන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ද මෞලවි අබ්දුල් කබීර් ය. 2001 වසරේ ඇමෙරිකන් ආක්‍රමණයයෙන් පසු ඇමෙරිකන් රජය අබ්දුල් කබීර්ට සම්බාධක පැනැවීමක් ද කර තිබුණි.
(රොයිටර්)
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව ධනවත් රටවල් විසින් අරමුදල් කප්පාදු කිරීම හේතුවෙන්, මාරාන්තික රෝගවලට එරෙහිව ලෝකයේ දරුවන් එන්නත් කිරීම අඩාල වන බව එක්සත්
ලිංගික අපයෝජනයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ හඬනැගූ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ප්‍රකට අමෙරිකාවේ වර්ජිනියා ජිෆ්රේ මියගොස් ඇතැයි පැවැසෙයි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇෆ්ගන් තලේබාන් රජයේ නව අගමැති අබ්දුල් කබීර්
prasanna Friday, 19 May 2023 01:13 PM
ඇෆ්ගනිස්ථානයේ වගේ ඉන්නෙත් අපේ රටේ වගේ පිස්සන් සෙට් එකක්.. අපිට වගේ නුඹලාටත් හැමදාම දුක තමයි.