IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ඇෆ්ගන් නිලධාරීහු පාකිස්තාන අත්අඩංගුවේ සිටින තලේබාන් නායකයා හමුවෙති

පාකිස්තාන ආරක්ෂක අංශ අත්අඩංගුවේ සිටින තලේබාන් සටන්කාමී සංවිධානයේ දෙවැනියා වන මුල්ලා අබ්දුල් ඝානී බරාදාර් සහ ඇෆ්ගන් රජයේ නිලධාරීන් අතර රහස් හමුවක් පෙරේදා (12) පැවැත්විණි. ඇෆ්ගන් නිලධාරීන් සහ මුල්ලා අබ්දුල් අතර එම හමුව පැවැත් වූයේ පාකිස්තාන රජයේත් ආරක්ෂක අංශවලත් සහාය ඇතිවය. තලේබාන් සංවිධානය සමඟ සාමකාමී, දේශපාලන විසඳුමකට යොමු වීමට එම හමුව ඉවහල්වූ බව ඇෆ්ගන් රජය පවසයි. තම නිලධාරීන් පාකිස්තාන රජයේ සහාය ඇතිව එරට අත්අඩංගුවේ සිටින තලේබාන් සටන්කාමී සංවිධානයේ දෙවැනියා හමුවී සාකච්ඡුා කළේ යැයි ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායිගේ ජාතික ආරක්ෂක උපදේෂක රන්ගින් ස්පන්ටා ද පවසා ඇත. පාකිස්තාන ආරක්ෂක අංශ මුල්ලා අබ්දුල් අත්අඩංගුවට ගත්තේ 2010 වසරේදීය. එම අවස්ථාවේ ඔහු කරච්චි නුවර සැඟවී සිටියේය. එම මෙහෙයුමට ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන්ගේ ද සහාය පාකිස්තාන රජයට හිමිවිය. මේ අතර ඊයේ (13) සවස ඇෆ්ගනිස්තානයේ ටකා දිස්ති‍්‍රක්කයේ ටැලෝකාන් නගරයේ පැවැති සාම සමුළුවකට තලේබාන් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල විය. එයින් ටැලෝකාන් නගරාධිපති ඇතුළු හය දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඇෆ්ගන් සාම නියෝජිතයන් දෙදෙනකු ද මියගිය පිරිස අතර සිටින බව විදෙස් පුවත් සේවා පවසයි.



අදහස් (0)

ඇෆ්ගන් නිලධාරීහු පාකිස්තාන අත්අඩංගුවේ සිටින තලේබාන් නායකයා හමුවෙති

මදුෂා Tuesday, 14 August 2012 12:10 PM

යන්න දීල අල්ලගන්නද කොහෙද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 967 1

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ


චීනය ඇමෙරිකන් ගුවන් යානා එපා කියයි
2025 අප්‍රේල් මස 17 605 0

චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.


කොංගෝ බෝට්ටුවක් ගිනිගෙන ගිලී 50 ක් මරුට
2025 අප්‍රේල් මස 17 143 0

අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.


ඇමෙරිකන් තානාපති කාර්යාල වසා දැමීමේ තීරණයක්
2025 අප්‍රේල් මස 17 8424 7

ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම


චීන ජනපති මැලේසියාවේ
2025 අප්‍රේල් මස 16 161 0

ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි


හාවඩ් විශ්ව විද්‍යාලයට ජනපති ට්‍රම්ප්ගෙන් තර්ජන
2025 අප්‍රේල් මස 16 244 0

ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 494 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 440 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site