ඉන්දීය නව අමාත්‍ය මණ්ඩලය අගමැති මන්මෝහන් සිං මහතා විසින් ඊයේ(28) ප‍්‍රකාශයට පත් කෙරිණි. ජනපති නිවහන වන රාෂ්ට‍්‍ර භවන්හිදී ඇමැති මණ්ඩලය දිවුරුදීමෙන් පසුව අගමැති සිං සඳහන් කළේ 2014 මහමැතිවරණය වන තුරු නව ඇමැති මණ්ඩලය කටයුතු කරනු ඇති බවයි. මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී නව කැබිනට් අමාත්‍යවරුන් අටදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් පහළොස් දෙනෙකු ද දිවුරම් දුන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ නව විදේශ ඇමැතිවරයා ලෙස සල්මන් කුර්ෂිඞ්(59) මහතා පත් කරනු ලැබ සිටියි. හිටපු විදේශ ඇමැති එස්.එම්. කි‍්‍රෂ්ණා සිය ධූරයෙන් ඉවත්වීමෙන් පසුව ඇති වූ පුරප්පාඩුවට කුර්ෂිඞ් මහතා නම් කිරීමට අගමැති මන් මොහන් සිං මහතා පියවර ගත්තේය. පනස්නම වැනි වියේ පසුවන ඒ මහතා නීති සහ අධිකරණ, සුළු ජනකොටස් පිළිබඳ ඇමැතිවරයා ලෙස මේ දක්වා කටයුතු කළේය. නීතීඥයකු මෙන්ම ලේඛකයකු වන කුර්ෂිඞ් මහතා ඉන්දීය ජාතික කොංග‍්‍රසයේ ද සාමාජිකයෙකි. ඔහු ෆුර්කාබාද් ආසනය නියෝජනය කරමින් ලෝක් සභාවට පළමු වරට තේරී පත්ව ඇත්තේ 2009 මහමැතිවරණයේදීය. 1981 දී දේශපාලන දිවිය ආරම්භ කළ කුර්ෂිඞ් ඉන්දීය හිටපු අගමැති ඉන්දිරා ගාන්ධි රජයේ අග‍්‍රාමාත්‍ය කාර්යාල විශේෂ රාජකාරි බාර නිලධාරියකු ලෙස ද කටයුතු කර ඇත. මේ අතර ඉන්දීය රජයේ අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කරමින් තවත් ඇමැතිවරු අට දෙනෙක් අලූතින් පත් කරනු ලැබ සිටිති. අශ්වානි කුමාර්(නීති), රහ්මන් ඛාන්(සුළු ජනකොටස්), අජේ මකේන්(නිවාස), දිනේෂා පටිල්(පතල්), පල්ලම් රාජු(මානව සම්පත් සංවර්ධන), හරිෂ් රාවට්(ජල සම්පත්), චන්ද්‍රේෂ් කුමාරි(සංස්කෘතික), පවන් කුමාර් බන්සාල්(දුම්රිය) ඔවුහු ය. ඉකුත් සැප්තැම්බර් මාසයේදී ති‍්‍රණමූල් පක්ෂය කොංග‍්‍රස් පක්ෂ රජය සමඟ පැවැති සන්ධානයෙන් ඉවත්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ දුම්රිය ඇමැති ධූරයට පවන් කුමාර් බන්සාල් පත් කෙරිණි. පසුගිය කාලසීමාවේදී ගල් අඟුරු පතල්වලට ටෙන්ඩර් කැඳවීමේදී සිදු විණැයි කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් ඉන්දීය කොංග‍්‍රස් පක්ෂ රජයට දිගින්දිගටම චෝදනා එල්ල වන්නට විය.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්දීය නව ඇමැති මණ්ඩලය දිවුරුම් දෙයි
ලංකා Tuesday, 30 October 2012 11:34 AM
මදි මදි ඔහොම කොහොමද රටක් ගෙනියන්නේ. ලංකාවෙන් ඉගෙන ගන්න ආශ්චර්‍යමත් ඇමති මණ්ඩලයක් හදන විදිය (ස)
මුතුකුඩ Wednesday, 31 October 2012 09:31 PM
ඉන්දියාව ලංකාව පාලනය කරන කාලයක මෙවැනි ඇමති මණ්ඩලයක් දකින්න පුලුවන්. (නි)