IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


ඉන්දීය හමුදාපතිගේ උපන්දින අවුල: අධිකරණය හමුවට යෑම ලැජ්ජාවක්

ඉන්දීය හමුදාපතිගේ උපන් දිනය සම්බන්ධයෙන් හට ගත් ආරවුල අධිකරණය හමුවට යෑම ලැජ්ජාවට කරුණක්  යැයි ඉන්දීය ආරක්ෂක නියෝජ්‍ය ඇමැති පලාම් රාජු පවසයි. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා මේ බව කියා සිටියේ සී.එන්.එන්./අයි.බී.එන්. පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. ඉන්දීය රාජ්‍ය සේවා නිලධාරීහු වයස අවුරුදු 62 දී විශ‍්‍රාම යැවෙති. රජයේ වාර්තාවල දැක්වෙන පරිදි හමුදාපති ජනරාල් වී.කේ. සිංගේ උපන් දිනය 1950 වසරේ නොවැම්බර් 10 වැනිදාය. එම නිසා මේ වසරේ මැයි මාසයේදී ඔහු හමුදාපති ධුරයෙන් ඉවත් විය යුතුය. එහෙත් ජනරාල් සිං පවසන්නේ රජයේ වාර්තා වැරදි බවත් ඔහුගේ උපත 1950 වසරේ නොවැම්බර් 10 වැනිදා සිදුවූ බවත්ය. ජනරාල්වරයා මේ සම්බන්ධයෙන් ඉන්දීය අධිකරණයට පෙත්සමක් ද ඉදිරිපත් කර ඇත. ඔහු එම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කළේ ඉකුත් සඳුදා (16) ය. ජනරාල් සිං අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ ලබන වසර වන තෙක් ඔහුට ධුරයේ රැඳී සිටීමට අවසර දෙන ලෙසය. ජනරාල් සිං ඔහුගේ උපන්දිනය වැරදි බව මීට පෙර අවස්ථා දෙකකදී ආරක්ෂක අමත්‍යාංශයට දැනුම් දී තිබේ. එහෙත් එම අවස්ථා දෙකෙහිදීම ආරක්ෂක අමත්‍යාංශයෙන් ඒ සම්බන්ධයෙන් යහපත් ප‍්‍රතිචාරයක් ඔහුට නොලැබිණි. මේ අතර ජනරාල්වරයා ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් පවසන ඉන්දීය රජය, නඩු මගට යෑමට තමන් පසුබට නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයට ද කරුණු ඉදිරිපත් කර ඇත. රජය ඉදිරිපත් කරන තර්කවලට කන් නොදී තීන්දුවක් ලබා නොදෙන්නැයි ද ඉන්දීය රජය, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.



අදහස් (0)

ඉන්දීය හමුදාපතිගේ උපන්දින අවුල: අධිකරණය හමුවට යෑම ලැජ්ජාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 606 1

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ


චීනය ඇමෙරිකන් ගුවන් යානා එපා කියයි
2025 අප්‍රේල් මස 17 353 0

චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.


කොංගෝ බෝට්ටුවක් ගිනිගෙන ගිලී 50 ක් මරුට
2025 අප්‍රේල් මස 17 98 0

අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.


ඇමෙරිකන් තානාපති කාර්යාල වසා දැමීමේ තීරණයක්
2025 අප්‍රේල් මස 17 8313 7

ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම


චීන ජනපති මැලේසියාවේ
2025 අප්‍රේල් මස 16 140 0

ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි


හාවඩ් විශ්ව විද්‍යාලයට ජනපති ට්‍රම්ප්ගෙන් තර්ජන
2025 අප්‍රේල් මස 16 216 0

ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 206 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1130 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site