ඉන්දියාවේ පාලක සභාගයේ සමහර පක්‍ෂවලින් මෙන්ම විපක්‍ෂයෙන් නැගුණු අධි විරෝධය හමුවේ පසුගිය නොවැම්බර් මාසයේ දී හමස් මල්ලට දමා තිබුණු සිල්ලර වෙළෙඳාමට විදේශීය ආයෝකයින්ට ඉඩ සැලසීමේ යෝජනාව අගමැති මන්මෝහන් සිං නැවත වරක් පසුගිය සතියේ ඉදිරිපත් කිරීම ඉන්දියානු දේශපාලනය නැවත වරක් පුපුරා යෑමේ අවස්ථාවක් විය හැකි ද යන්න බොහෝ දෙනා තුළ සැක ඇති කෙරිණි. මෙම යෝජනාව නැවත වරක් ඉදිරිපත් කරන බව ප‍්‍රකාශ කරත්ම පක්‍ෂ 15කින් එක්සත් ප‍්‍රගතිශීලි සන්ධානයේ දෙවන විශාල පක්‍ෂය වන බටහිර බෙංගාලයේ මහ ඇමැතිනි මමතා බැනර්ජිගේ නායකත්වයෙන් යුත් තෘණමුල් කොංග‍්‍රසය සභාගයෙන් ඉවත් වන බවට තර්ජනය කෙළේය. පසුගිය වසරේ මෙම යෝජනාව ඉවත් කර ගැනීමට වැදගත් හේතුවක් වූයේ ද මමතා බැනර්ජිගේ විරෝධයයි. විදේශීය බහුජාතික සමාගම්වලට ඉන්දියානු වෙළෙඳපොළ විවෘත කරදීමෙන් ජාතික ආර්ථිකයට මෙන්ම සිල්ලර වෙළෙඳාමේ හා තොග වෙළෙඳාමේ යෙදී සිටින දශලක්‍ෂ දහයකට අධික සංඛ්‍යාවකට ජීවන වෘත්තීන් අහිමි වීමට ඇති ඉඩකඩ ඇය මෙම පියවරට විරුද්ධ වීමට ප‍්‍රධාන හේතුවක් ලෙස දැක්විණි. ඇය එම අවස්ථාවේ දී සභාගයෙන් ඉවත් වුවහොත් රජය බිඳ වැටීමේ අවදානමක් තිබුණ නිසා ආචාර්ය මන්මෝහන් සිංට පසුබැසීමට සිදු විය. දුෂණ හා වංචා පිළිබඳව දැඩි විවේචනයට ලක්ව ඇති මන් මෝහන් සිං රජය සාමාන්‍ය ජනතාව අතර කිසිසේත් පිළිගැනීමට ලක් විය නොහැකි මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කෙළේ ඇයි ද යන්නත් පැහැදිලි නැති සාධකයකි. ගුවන් විදුලි තරංග වෙන් කිරීම පිළිබඳ අර්බුදය නිමා වීමටත් පෙර ගල් අඟුරු නිධි පෞද්ගලික අංශයට ලබා දීමේ දී අනුගමනය කළ සැක කටයුතු ප‍්‍රතිපත්තිය විපක්‍ෂයේ දැඩි විවේචනයට ලක් වූ අතර පසුගිය ග‍්‍රීෂ්ම ඍතුවේ ලෝක් සභා වාරය අවසන් වන තෙක්ම භාරතීය ජනතා පක්‍ෂය ඒ තුළ ගෙන ගිය විරෝධතා ව්‍යාපාරය නිසා රජයට තම කටයුතු කිසිත් කර ගැනීමට නොහැකි විය. වඩාත් බරපතළ චෝදනාව වූයේ මෙම දුෂණ කටයුතුවලට මෙතෙක් කීර්ති නාමයක් දිනා සිටි අගමැති මන්මෝහන් සිංගේ නම ද සම්බන්ධව තිබීමය. ලෝක් සභාවේ වාමාංශික පක්‍ෂ ද කෝල්ගේට් නමින් හැඳින්වූ විරෝධතාවට සහාය දැක්වූහ. මෙවැනි පසුබිමක් තුළ නැවතත් එවැනිම විරෝධතාවකට මුහුණ දිය හැකි සිල්ලර වෙළෙඳාමට විදේශීය ආයෝජකයින්ට ඉඩ සැලසීමේ යෝජනාව පෙරට ගැනීම පාලක සභාගය සිය දිවි නසා ගැනීමේ උත්සාහයක් ලෙස හැඳින්වීමට ඉඩ තිබිණ. යෝජනාවට විරුද්ධ පළමු වෙඩි මුරය එල්ල වූයේ තෘණමුල් කොංග‍්‍රසයෙනි. ඉහළ ජීවන වියදම හමුවේ ඞීසල් මිල සියයට 14කින් ඉහළ දැමීම හා ගෘහස්ථ පාරිභෝගිකයින්ට සහන මිලට ගෑස් ලබා දීම සීමා කිරීම ද මමතා බැනර්ජිගේ විරෝධයට හේතු විය. ඉන්ධන මිල රු. 3 සිට 4 දක්වා මුදලකින් අඩු කිරීමටත් සහන මිලට එක පවුලකට සපයන ගෑස් සිලින්ඩර් ප‍්‍රමාණය 12 දක්වා වැඩි කිරීමටත් ඇය යෝජනා කළාය. ඇත්තෙන්ම මෙම යෝජනා දෙකම ජීවන වියදම් බරෙන් පෙළෙන ජනතාව අතර ජනප‍්‍රිය වන ප‍්‍රතිපත්තීන්ය. එසේ නොකරන්නේ නම් ඇය පාලක සභාගයෙන් ඉවත්ව රජයට විරුද්ධව යෝජනාවක් ලෝක් සභාවට ඉදිරිපත් කරන බවට අනතුරු හැඟවූවාය. තෘණමුල් කොංග‍්‍රසයේ මන්ත‍්‍රී 21 ආණ්ඩුවෙන් ඉවත් වුව හොත් පාලක සන්ධානයට හිමි වන්නේ ලෝක් සභා ආසන 251ක් පමණි. ආසන 545කින් යුත් ලෝක් සභාවේ සාමාන්‍ය බහුතරයක් සඳහා ආසන 272ක් හිමි විය යුතු නිසා මෙය සැබැවින්ම අනතුරුදායක තත්ත්වයකි. හදිසි මහා මැතිවරණයකට යෑමට තරම් තත්ත්වයක් නොවන හෙයින් කොංග‍්‍රස් පක්‍ෂ නායකත්වය සෝනියා ගාන්ධි සමග සාකච්ඡුාවක් ද පැවැත්වූහ. එසේ වුවත් රජය පවත්වා ගෙන යෑම අවදානම් තත්ත්වයකට පත් වුව ද යෝජනාව ඉවත් කර නොගන්නා බවට මුදල් ඇමැති චිදම්බරම් අවධාරණය කෙළේය. ඒ සමගම තවත් මුල් කොංග‍්‍රසය මධ්‍යම රජයේ සභාගයෙන් ඉවත් වන්නේ නම් බටහිර බෙංගාලයේ ප‍්‍රාන්ත රාජ්‍යයේ කැබිනට් මණ්ඩලයෙන් තමන් ඉවත් වන බවට කොංග‍්‍රස් මන්ත‍්‍රීවරු තර්ජනය කළහ. එහෙත් පසුගිය සතිය අවසන් වන විට තවත් මුල් කොංග‍්‍රසය සන්ධාන සභාගයෙන් ඉවත් වුව ද රජය බිඳ වැටීමේ අවදානමක් නැති බව දක්නට ලැබිණි. ඊට මූලික හේතුව වන්නේ සන්ධාන රජයට පිටතින් සිට සහාය දක්වන සමාජවාදී පක්‍ෂය හා බහුජන සමාජ පක්‍ෂය තමන් දිගටම සහාය දෙන බව ප‍්‍රකාශ කිරීමය. සමාජවාදී පක්‍ෂයට ලෝක් සභාවේ ආසන 22ක් හිමි වන අතර මායාවතීගේ නායකත්වයෙන් යුත් බහුජන සමාජ පක්‍ෂයට ආසන 21ක් ඇත. මේ පක්‍ෂ දෙකේ සහාය ලැබෙන්නේ නම් තෘණමුල් කොංග‍්‍රසය ඉවත් වීමෙන් සන්ධාන රජය බිඳ වැටීමේ ආසන්න තර්ජනයක් ඇත්තේ ද නැත. මේ නිසා සන්ධාන රජයේ මුදල් ඇමැති චිදම්බරම් තම රජයට මන්ත‍්‍රීන් 300කගේ සහාය ලැබෙන බවට පාරම් බෑවේය. විදේශීය ආයෝජකයින්ට ඉන්දියානු වෙළෙඳපොළ විවෘත කිරීමට එරෙහිව වාමාංශික පක්‍ෂ හා තෙළුගු දේශම් පක්‍ෂය ඇතුළු පක්‍ෂ ගණනාවක් සංවිධානය කළ විරෝධතාවකට එක්වූ සමාජවාදී පක්‍ෂයේ නායක මුලයාම් සිංග් ඊට පසුව ද ජාතීවාදී බලවේගවලට නැවත හිස එසවීමට ඉඩ නොදෙන්නේ යැයි ප‍්‍රකාශ කෙළේය. ඉන් ඔහු අදහස් කෙළේ පාලක සන්ධාන රජය බිඳ වැටීමෙන් පසු භාරතීය ජනතා පක්‍ෂය බලයට ඒමට ඉඩ නොදෙන්නේය යන්නයි. ඒ නිසා මන් මෝහන් සිංගේ නායකත්වයෙන් යුත් සභාගය බිඳ වැටීමේ ආසන්න අනතුරක් නැත. කෙසේ වුවත් විදෙස් ආයෝජනයට එරෙහිව තම ස්ථාවරය වෙනස් නොවන බව ද මුලයාම් සිංග් අවධාරණය කරයි. සංඛ්‍යාත්මක ගණන් බැලීමක දී සමාජවාදී පක්‍ෂයේ හා බහුජන සමාජ පක්‍ෂයේ සහයෝගය ලැබෙන තෙක් කොංග‍්‍රස් සන්ධාන රජයට ලෝක් සභාවේ බහුතරයක් හිමි වන නිසා රජය බිඳ වැටීමේ අනතුරක් දැකිය නොහැකිය. එහෙත් විදෙස් ආයෝජකයින්ට ඉඩ සැලසීමේ පනතක් ලෝක් සභාවෙන් සම්මත කර ගැනීම පහසු නොවේ ඒ මුලයාම් සිංග් හා මායාවතී යන දෙදෙනාම තවමත් සිල්ලර වෙළෙඳාමේ විදෙස් ආයෝජනවලට විරුද්ධ වන හෙයිනි. අප අමතක නොකළ යුතු තවත් කාරණයක් වන්නේ මීට පෙර පැවති ලෝක් සභාවේ දී එක්සත් ජනපදය සමග න්‍යෂ්ටික සහයෝගිතාව ඇති කර ගැනීමට ලෝක් සභාවට යෝජනාවක් ඉදිරිපත් කළ ආකාරයයි. මේ අවස්ථාවේ දී වඩාත් ප‍්‍රබලව සිටි වාමාංශික පක්‍ෂ හා භාරතීය ජනතා පක්‍ෂය ඊට විරුද්ධ වීම නිසා සංඛ්‍යාත්මකව කොංග‍්‍රස් රජය බිඳ වැටීමේ සැබෑ අනතුරක් තිබිණ. එහෙත් අවසානයේ දී අගමැති වන්මෝහන් සිං ජය ගත්තේය. ඔහු ලෝක් සභාවේ බහුතරයක් හිමි කරගත් ආකාරය ගැන විවිධ චෝදනා ඉදිරිපත් වුව ද තම අරමුණ සාර්ථක කර ගැනීමට මන්මෝහන් සිංට හැකි විය. මෙවර ද එවැනි ජයග‍්‍රහණයක් අත් කරගැනීමට සුදුසු වාතාවරණයක් පවතින බව බොහෝ නිරීක්‍ෂකයෝ පෙන්වා දෙති. ඉන් වඩාත් වැදගත් වන්නේ විපක්‍ෂයේ ප‍්‍රධාන වන භාරතීය ජනතා පක්‍ෂය මෙම යෝජනාව ගැන දැඩි විරෝධයකට සූදානම් නොවීමය. ඉන්දියාවේ ප‍්‍රධාන පෙළේ මූල්‍ය ආයතනවල සහ ව්‍යාපාරිකයින්ගේ සහාය ලබන මෙම යෝජනාවට එරෙහිව දැඩි විරෝධතාවකට භාරතීය ජනතා පක්‍ෂය එකතු නොවීම තේරුම් ගත හැක. මීට අමතරව පාලක සන්ධාන රජය පෙරළා දමා වහාම මහා මැතිවරණයකට යෑමට ද භාරතීය ජනතා පක්‍ෂය සූදානම් නැත. අනෙක් අතට න්‍යෂ්ටික සහයෝගිතාව පිළිබඳ පනත ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙන්ම එක්සත් ජනපදය මෙම යෝජනාව ද ඉතා වැදගත් ප‍්‍රතිපත්ති තීරණයක් ලෙස දකී. මීට මාස කිහිපයකට එක්සත් ජනපදයේ ප‍්‍රධාන පෙළේ පුවත්පතක් වන වොෂින්ටන් පෝස්ට් විදේශීය ආයෝජනවලට ඉඩ සැලසීම ප‍්‍රමාද කිරීමෙන් මන්මෝහන් සිය අකාර්යක්‍ෂමතාව හෙළි කර ඇතැයි සරදම් කෙළේය. පසුගිය මැයි මාසයේ දී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඉන්දියාවේ සංචාරය කළ අවස්ථාවේ තෘණමුල් කොංග‍්‍රස් නායිකා මමතා බැනර්ජි හමුව සාකච්ඡුා කළාය. මමතා මැනර්ජි සන්ධාන රජයෙන් ඉවත් වීමට තීරණය කිරීමෙන් පසුව නව දිල්ලියේ එක්සත් ජනපද තානාපතිනි නැන්සි පවෙල් මමතා බැනර්ජි හමු වූවාය. මෙම සාකච්ඡුා පිළිබඳ තොරතුරු මාධ්‍යවල සඳහන් නොවූ නමුත් විදෙස් ආයෝජන සම්බන්ධයෙන් මමතා බැනර්ජි දක්වන විරෝධය වෙනස් කිරීමට උත්සාහ ගත් බවට සැකයක් නැත. වඩාත් වැදගත් වන්නේ ඉන්දියාවේ අභ්‍යන්තර වෙළෙඳපොළ බහුජාතික සමාගම්වලට විවෘත කිරීම කෙතරම් වැදගත් ප‍්‍රතිපත්ති කාරණයක් ලෙස එක්සත් ජනපදය දකින්නේ ද යන්නයි. විදේශීය ආයෝජනවලට ඉන්දියානු වෙළෙඳපොළ විවෘත කිරීමේ යෝජනාව අගමැති මන්මෝහන් සිං පසුගිය සතියේ දී නැවත ඉදිරිපත් කළ වහාම ජනාධිපති ඔබාමා එය සාධනීය ප‍්‍රතිපත්ති කි‍්‍රයා මාර්ගයක් ලෙස ප‍්‍රශංසා කෙළේය. අගමැති මන්මෝහන් ජාතිය අමතා ප‍්‍රකාශ කළ ආකාරයට දේශීය වෙළෙඳපොළ විදේශීය ආයෝජනවලට විවෘත කිරීම අත්‍යවශ්‍ය වන්නේ කරුණු දෙකක් නිසාය. ඉන් පළමු වැන්න පසුගිය මාස කීපය පුරාම ඉන්දියානු රුපියලේ අගය පහත වැටුණු නිසා එය නැවත ස්ථාවර කිරීමට විදේශීය ආයෝජන ගෙන්වා ගත යුතුය. පසුගිය වසර කීපයක් තිස්සේම සියයට අටකට ඉහළ වර්ධන වේගයක් පවත්වා ගත් ඉන්දියානු ආර්ථිකය දැන් පසුබෑමකට ලක්ව ඇත. දැනට ප‍්‍රකාශයට පත් කර ඇති සංඛ්‍යාලේඛන අනුව මෙම වසරේ මුල් කාර්තුවේ වර්ධන වේගය සියයට හයකි. දෙවන හා තෙවන කාර්තුවල දී තත්ත්වය වඩාත් පිරිහීමට ලක් විය හැකිය. අනෙක් අහිතකර ප‍්‍රවණතාව වන්නේ ඉහළ වර්ධන වේගය පවත්වා ගැනීමට හේතු සාධක වූ විදේශීය ආයෝජන පහත වැටීමය. පසුගිය වසරේ විදේශීය ආයෝජන සියයට 67කින් පහත වැටුණ අතර මේ වසරේ තත්ත්වය ඊට වෙනස් විය නොහැක. මේ නිසා ජාත්‍යන්තර මූල්‍ය ආයතන ඉන්දියාවේ බැඳුම්කර නොවටිනා තත්ත්වයකට පත් කිරීමට සූදානම්ය. එය වැළැක්වීමට නම් ඉන්දියානු වෙළෙඳපොළ බහුජාතික සමාගම්වලට විවෘත කිරීම වැනි ‘‘රැඩිකල්’’ ප‍්‍රතිපත්ති අනුගමනය කළ යුතුය. අනෙක් කාරණය වන්නේ දැනට ඉහළ යමින් පවතින මිල උද්ධමනය පාලනය කිරීමට සිල්ලර වෙළෙඳාමේ වඩාත් කාර්යක්‍ෂම තරගකාරිත්වයක් ඇති කිරීමය. වෝල් මාර්ට් වැනි බහුජාතික සමාගම්වලට ඉන්දියානු වෙළෙඳපොළට පිවිසීමට ඉඩක් ලැබෙන්නේ නම් පාරිභෝගික භාණ්ඩ මිල පහත වැටෙන අතර කෘෂිකාර්මික නිෂ්පාදකයාට වඩාත් ඉහළ මිලක් ලබා ගැනීමට හැකි වනු ඇත. එහෙත් වෝල් මාර්ට් වැනි බහුජාතික සමාගම්වල ක‍්‍රියාකාරිත්වය නිරීක්‍ෂණය කරන බොහෝ දෙනා පාරිභෝගිකයාට මෙවැනි වාසියක් අත් වනු ඇතැයි විශ්වාස කරන්නේ නැත. වෝල් මාර්ට් වැනි සමාගම්වලට එක්සත් ජනපදය තුළින්ම මතු වී ඇති විරෝධය ඔවුහු ඊට නිදසුන් ලෙස දක්වති. කෙසේ වුවත් නමසිය අනූ ගණන්වල මන්මෝහන් විසින්ම හඳුන්වා දුන් ආර්ථිකය ලිහිල් කිරීමේ ප‍්‍රතිපත්තියේ තර්කානුකූල අවසාන පියවර වන්නේ නිෂ්පාදන ක්‍ෂේත‍්‍රයට අමතරව සේවා ක්‍ෂේත‍්‍රයට විදේශීය ආයෝජන ගෙන්වා ගැනීමයි. මෙවැනි ප‍්‍රතිපත්ති කි‍්‍රයා මාර්ග තුළින් ඉන්දියාවේ ඉහළ ආදායම් ලබන සුළුතරයට ඉමහත් ප‍්‍රතිලාභ ලබා ගත හැකි වුව ද කොංග‍්‍රස් පක්‍ෂය විසින්ම සාමාන්‍ය ජනතාව ලෙස නම් කරන බහුතර කොටසකට සෙතක් වන්නේ යැයි කිව නොහැකිය. එහෙත් වෙනස් වන ලෝක තත්ත්ව තුළ වැදගත් වන්නේ ඔවුන් නොවේ.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්දියානු වෙළෙඳපොළ බහුජාතිකයන්ට දොර අරීද?
මොහොමඩ් Monday, 01 October 2012 03:27 PM
අනේ මධූගේ ටිකිරි මොලේ (ස)
මධු Saturday, 29 September 2012 03:16 PM
ඉන්දියාව ගොඩක් වෙලාවට ගන්නෙ බුද්ධිමත් වගේම දීර්ඝකාලීන තීරණ. (නි)