IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවෝ ‌- පොලිසිය ගැටෙති

(විමුක්ති එස් රුද්‍රිගු)

පකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීමට ඔහු ලාහෝර් නිවසට පැමිණි ඉස්ලාමාබාද් පොලිසිය සහ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂයේ ආධාරකරුවන් අතර දරුණු ගැටුම් හටගෙන තිබේ.

ඉස්ලාමාබාද් පොලිසිය ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීමට ඊයේ (14) ඔහුගේ ලාහෝර් නිවසට පැමිණි අවස්ථාවේ ඔහුගේ ආධාරකරුවන් පොලිසියට ඉම්රාන් ඛාන් ගේ නිවසට ඇතුළු වීමට ඉඩ ලබා දී නොමැති අතර එම අවස්ථාවේ ගැටුම හටගෙන ඇත.ගැටුම හේතුවෙන් ලාහෝර් හි ඉම්රාන් ඛාන් ගේ නිවස පිහිටි සමන් පාර්ක් ප්‍රදේශය යුද පිටියක් වූ බවද පැවැසෙයි. අද(15) උදෑසන වන විට ගැටුම ආරම්භ වී පැය 14 ක් ගත වී ඇතත් ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් පාලනය කරගැනීමට පොලිසියට හැකියාව ලැබී නොමැති බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.

ආධාරකරුවන් ටයර් සහ වාහන ගිනි තබමින් මාර්ග හරස් කර ඇති අතර ආධාරකරුවන් විශාල ප්‍රමාණයක් රැස්වීම හේතුවෙන් පොලිසියට පසු බැසීමට සිදුව ඇත.දෙපාර්ශවය අතර ගැටුමෙන් පොලිස් නිලධාරීන් 30 කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති අතර  තාරික් ඊ ඉන්සාෆ් පක්ෂ ආධාරකරුවන් 15 පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත.

ඉස්ලාමාබාද් පොලිසියට ආධාරකරුවන් පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් පන්ජාබ් පොලිසිය සහ රේන්ජර් බල ඇණියක් සහායට පැමිණ තිබේ.

ඉස්ලාමාබාද් පොලිසියේ අරමුණ තමන් පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම බව ඉම්රාන් ඛාන් චෝදනා කර තිබේ. අද (15) උදෑසන වන විට සමන් පාර්ක් ප්‍රදේශයෙන් ආරම්භ වූ විරෝධතා ඉස්ලාමාබාද්, පේෂාවර්, කරච්චි සහ රාවල්පින්ඩි නගර දක්වා පැතිර තිබේ.

රජයට එරෙහිව නැගී සිටින ලෙස ඉම්රාන් ඛාන් ඔහුගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලීමක් ද කර ඇත. ඉම්රාන් ඛාන්ව අත් අඩංගුවට ගැනීම සඳහා නැවත වරක් උත්සාහ කිරීමට සුදානම් වන ඉස්ලාමාබාද් පොලිසිය ප්‍රකාශ කර තිබේ.එම උත්සාහය අසාර්ථක කිරීම සඳහා තාරික් ඊ ඉන්සාෆ් පක්ෂ ආධාරකරුවන්ට සමන් පාර්ක් වෙත පැමිණෙන ලෙස තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය පණිවිඩයක් ද නිකුත් කර ඇත.

ටොක්ශානා සිද්ධිය සම්බන්ධයෙන් විභාග වන නඩුවට පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත් අඩංගුවට ගැනීම සඳහා පාකිස්තාන අධිකරණය පසුගියදා වරෙන්තු නිකුත් කරන ලදි.එම වරෙන්තුව ක්‍රියාත්මක කිරීම සඳහා දෙවන වර ඉම්රාන් ඛාන්ගේ නිවසට ඊයේ (14) ඉස්ලාමාබාද් පොලිසිය ගිය අවස්ථාවේ මෙම ගැටුම හටගෙන තිබේ.

ටොක්ශානා සිද්ධිය යනු ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයා ලෙස ධුර දරමින් සිටියදී රාජ්‍ය නායකයකුගෙන් ලැබුණු අත් ඔරලෝසුවක් ටොක්ශානා හි තැන්පත් නොකර විකිණීමට උත්සාහ කර බවට එල්ල වී ඇති චෝදනාවයි.පකිස්තාන නීතියට අනුව රාජ්‍ය නායකයන්ගෙන් පාකිස්තාන නායකයන්ට ලැබෙන ත්‍යාග ටොක්ශානා හි තැන්පත් කළ යුතු අතර එසේ නොකරන්නේ නම් එහි වටිනාකම ටොක්ශානා වෙත ගෙවිය යුතු වේ



අදහස් (1)

ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවෝ ‌- පොලිසිය ගැටෙති

Bunny Preena Thursday, 16 March 2023 09:28 AM

ලංකාවෙ රාජ්‍ය නායකයින්ට විදේශ රාජ්ය නායකයින්ගෙන් ලැබෙන ත්‍යග දාන්න විශේෂ ස්තානයක් තියෙනවා නම් එහි නම කුමක්ද?. එම ස්තානය පිහිටා තිබෙන්නෙ කොහෙද ? දන්නෙ නැති නිසයි අහන්නෙ. දන්නා කෙනෙක් කියන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බිරිඳ මෙලානියා වැඩිපුර ධවල මන්දිරයේ නැති වේවි
2024 නොවැම්බර් මස 14 381 0

ඩොනල්ඩ් ට්‍රම්ප් බිරිඳ මෙලානියා ට්‍රම්ප්, ජනාධිපති ආර්යාව ලෙස ධවල මන්දිරයේ පදිංචියට පැමිණීම සැක සහිත යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.


ට්‍රම්ප්-බයිඩන් හමුවෙති
2024 නොවැම්බර් මස 14 1721 0

ඇමෙරිකා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් ජනාධිපති ධුරයට තේරීපත් වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින වත්මත් ජනාධිපති ජෝ බයිඩන්


නීතිපති ධුරය ට්‍රම්ප් හිතවාදී මැට් ගේට්ස්ට
2024 නොවැම්බර් මස 14 1121 0

ට්‍රම්ප් ඔහුගේ සමීපයකු මෙන්ම, රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන කොංග්‍රස් සාමාජිකයකු ද වන 42 හැවිරිදි මැට් ගේට්ස් ඇමෙරිකන් නීතිපති ධුරයට තෝරාගෙන ඇත. ඒ අනුව,


ට්‍රම්ප්ගේ බුද්ධි සේවා ප්‍රධානියා තුල්සි ගැබාඩ්
2024 නොවැම්බර් මස 14 1896 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් ජාතික බුද්ධි සේවා ප්‍රධානියා ලෙස, ඔහුගේ සමීපතම හිතවතියක ද වන තුල්සි ගැබාඩ් නම් කර


ට්‍රම්ප්ගේ රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ
2024 නොවැම්බර් මස 14 1135 0

ඇමෙරිකන් ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, එරට රාජ්‍ය ලේකම් ලෙස ෆ්ලොරීඩා ජනපදය නියෝජනය කරමින් සෙනෙට් සභාවට තේරී පත් වී සිටින 53 හැවිරිදි


ඊශ්‍රායල ඇමෙරිකන් තානාපති මයික් හකබී
2024 නොවැම්බර් මස 13 214 0

ඊශ්‍රායලයේ ඇමෙරිකන් තානාපති ලෙස ආකන්සාස් ජනපදයේ හිටපු ආණ්ඩුකාරවරයා ද වන මයික් හකබී පත් කරන බව ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍ර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 254 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 574 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1692 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site