IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


ඉරාන නාවික හමුදාව හෝමූස් සමුද්‍ර සන්ධියේ යුද අභ්‍යාසයක් අරඹයි

ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලින් ප‍්‍රහාරයක් එල්ල වුවහොත් ඊට මුහුණ දීමට තමන්ට ශක්තියක් ඇති බව ලොවට පෙන්වීමේ අරමුණින් ඉරාන නාවික හමුදාව පෙරේදා (24) හෝමූස් සමුද්‍ර සන්ධියේ දස දින නාවික අභ්‍යාසයක් ආරම්භ කළේය. මැද පෙරදිග තෙල් ප‍්‍රවාහන කටයුතු බහුලව සිදුවන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය සහ ඒඩන් බොක්ක ආශි‍්‍රතවය. බටහිර රටවල් ඉරානයට එරෙහිව කිසියම් අවස්ථාවක යුදමය කි‍්‍රයාමාර්ගයකට එලැඹුණහොත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට තමන්ට හැකියාව ඇතැයි ලොවට ප‍්‍රදර්ශනය කිරීම එම යුද අභ්‍යාසයේ අරමුණ යැයි ඉරානය පවසයි. ඉරාන හමුදාව, හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් ලෝකයේ තෙල් ප‍්‍රවාහන කටයුතුවලින් සියයට 30 කට වැඩි ප‍්‍රමාණයක් අඩපණ වනු ඇතැයි ද වාර්තා වේ. ඉරානය ඔවුන්ගේ නාවික අභ්‍යාසය නම් කර තිබෙන්නේ ‘වෙලායෙට් ඊ 90’ නැතහොත් ‘ශ්‍රේෂ්ඨත්වය’ යනුවෙනි. ගොඩබිම සිට සාගරයට විදිය හැකි දිගු දුර සහ කෙටි දුර මිසයිල අත්හදා බැලීම්, ප‍්‍රහාරක නාවික යාත‍්‍රා සහ නවතම සබ්මැරීන අත්හදා බැලීම ද එම යුද අභ්‍යාසයේදී සිදු කෙරෙන බව නාවික හමුදා ප‍්‍රධානී හයිබුල්ලා සයාරී      පවසයි. නාවික අභ්‍යාසය පැවැත්වෙන දින දහයේදී හෝමූස් සමුද්‍ර සන්ධිය වසා නොදැමෙන බවත් සමුද්‍ර සන්ධියේ නැව් ගමනා ගමන කටයුතුවලට කිසිදු බාධාවක් නොවනු ඇති බවත් සයාරී වැඩි දුරටත් කියා සිටියි. ඇමෙරිකාව බි‍්‍රතාන්‍ය වැනි බටහිර රටවල් සහ ඊශ‍්‍රායලය ඉරානයට පහර දෙන බවට අනතුරු ඇඟවීම් කර ඇත්තේ ඉරානය පරමාණු බෝම්බ නිපදවන බවට චෝදනා කරමින්ය.



අදහස් (0)

ඉරාන නාවික හමුදාව හෝමූස් සමුද්‍ර සන්ධියේ යුද අභ්‍යාසයක් අරඹයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ගගන සංචාරකයෝ ආපසු එති
2024 සැප්තැම්බර් මස 16 959 0

ඇමෙරිකා ‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරය, සාර්ථකව අවසන් කරමින්, ඊට සහභාගී වූ සංචාරක ගගනගාමීහු සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ.


යුරෝපයටත් මහ වැසි: ජල ගැලීම්
2024 සැප්තැම්බර් මස 16 194 0

මහ වැසි හේතුවෙන්, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපා රටවල් රැසක පළාත් බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත්, එම රටවල වැසියන් ලක්ෂ ගණනක් පීඩාවට පත් ව ඇති බවත් විදෙස් මාධ්


හවුති සටන්කාමීන්ගෙන් පළිගන්නවා - නෙදන්යාහු
2024 සැප්තැම්බර් මස 16 2714 1

යේමනයේ, ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. මිසයිලය පතිත වූයේ මධ්‍යම ඊශ්‍රායලයට අයත් ජනශුන්‍ය ප්‍රද


‘යාගී’ මියන්මාරයට: 100 ක් මරුට
2024 සැප්තැම්බර් මස 16 701 1

‘යාගී’ සුළි කුණාටුවෙන් මියන්මාරයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් නොකඩවා ඇද හැලෙන මහ වැසි, ජල ගැලීම් සහ නායයෑම් හේතුයෙන් මියන්මාර වසියන් 100 කට වැඩි ගණනක් ජ


ට්‍රම්ප්ට ආයෙත් වෙඩි තියන්න හදලා
2024 සැප්තැම්බර් මස 16 3832 0

යළිත් වරක්, ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එයින් ට්‍රම්ප්ට කිසිදු අනතුරක් සිදු නොවුණු අතර, වෙඩි තැබීම කළ පුද්ගලයා


අපට අලුත් සඳක් ලැබෙන්නයි යන්නේ
2024 සැප්තැම්බර් මස 15 3549 7

පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වීමට නියමිත බව තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මේ අලුත් සඳ දින 53 ක් තිස්සේ ෙපෘථිවිය සමඟ සිටිනු ඇතැයි


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site