IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ඉරාන විදේශ ඇමැති පාකිස්තානයේ

පළුදු වුණු හිතවත්කම් යළි අලුත් කර ගනිමින්, ඉරාන විදේශ ආමාත්‍ය හුසේන් අමීර් අබ්දොල්හියාන්, පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට පැමිණියේය. ඉස්ලාමාබාද් අගනුවරට ආ ඉරාන විදේශ අමාත්‍යවරයා පිළිගනු ලැබුවේ පාකිස්තාන විදේශ අමාත්‍ය ජලීල් අබ්බාස් විසිනි.

ඉරානයත් පාකිස්තානයත් එක ළඟ පිහිටි රටවල්ය. රටවල් දෙක මායිම් වන්නේ මැදිව පිහිටා ඇති බලුකිස්තානයෙනි. බලුකිස්තානයේ එක් කොටසක් ඉරානයටත්, අනෙක් කොටස පාකිස්තානයටත් අයත් වෙයි. ඉරානයත් පාකිස්තානයත් අතරේ මිසයිල හුවමාරු වී ගැටුම්කාරී තත්වයක් නිර්මාණය විය.

පළමුවෙන් පහර දුන්නේ ඉරානයයි. ඉරානය පාකිස්තාන බලුකිස්තානයේ සටන්කාමීන්ට පහර දුන් අතර, ඊට ප්‍රතිචාර දක්වමින්, පාකිස්තානය බලුකිස්තානයේ ඉරානයට අයත් ප්‍රදේශයට පහර දුන්නේය.

ඉරානය පාකිස්තාන බලුකිස්තානයට පහර දුන් අවස්ථාවේ, පාකිස්තාන රජය ඉරානයට විරෝධය පාමින්, එරට ඉරාන තානාපතිවරයා පවා නෙරපා දැමීය.

කෙසේ නමුත් සාකච්ඡාවලින් පසු ගැටුම් නැවැත්වීමට පාකිස්තානයත්, ඉරානයත් එකඟවිය. පළුදු වුණු සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට පාකිස්තානයට ආ ඉරාන විදේශ අමාත්‍යවරයාට හැකිවුණු බව පැවැසෙයි. ඉරාන විදේශ අමාත්‍යවරයා පාකිස්තාන භාරකාර අග්‍රාමාත්‍ය අන්වාර් උල් හක් හමුවී සාකච්ඡා පැවැත්වූ බව ද පැවැසිණි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඉරාන විදේශ ඇමැති පාකිස්තානයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

මෝදි ආපසු එයි
2025 අප්‍රේල් මස 23 99 0

දකුණු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලවීමත් සමඟ, සෞදි නිල සංචාරය අතරමඟ නවත්වා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කඩ


පාකිස්තානය කනස්සල්ලෙන්
2025 අප්‍රේල් මස 23 97 0

ජම්මු කාශ්මීරයේ පහලගම් පළාතේ දී ත්‍රස්තවාදීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඉන්දීය සංචාරකයන් ඇතුළු 26 දෙනකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන්, පාකිස්තාන රජය


ප්‍රහාරයේ වගකීම බාර ගනී
2025 අප්‍රේල් මස 23 2642 1

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන


නව වෙළෙඳ ගිවිසුමක්: ඉන්දු ඇමෙරිකා සාකච්ඡා
2025 අප්‍රේල් මස 22 135 0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ, ඇමෙරිකාවත් ඉන්දියාවත් අතරේ ද්වී පාර්ශ්වීක නව වෙළෙඳ ගිවිසුමක් ගැන සාකච්ඡා පැවැත්වෙයි.


මීළග පාප්තුමා ගැන ඉගියක්
2025 අප්‍රේල් මස 22 321 0

ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනිදා පැවැත්වෙන බව වකිතානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර, නව පාප්වරයකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දි


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 1010 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 657 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 332 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 478 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site