ඉරාන ගුවන් සීමාවට අනවසරයෙන් ඇතුළු වී ඔත්තු බලමින් සිටිද්දී ඉරාන හමුදාව අත්ට පත්වූ නියමුවන් රහිත ඇමෙරිකන් ඩ්‍රෝන යානය ආපසු බාර දෙන්නැයි ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ඉරාන රජයෙන් ඉල්ලීමක් කරයි.ඉරාන හමුදාව අතට පත්වී ඇත්තේ නවීන තාක්ෂණයෙන් නිපදවන ලද ආර් කියු 170 සෙන්ටිනල් වර්ගයේ නියමුවන් රහිත යානයකි. ඇමෙරිකාව එම යානය භාවිතා කරන්නේ ඔත්තු නිරීක්ෂණ කටයුතු සඳහාය.ගුවන් සීමාවට ඇතුළු වූ නිසා යානය බිම හෙළීමට තමන් සමත් වූ බව ඉරාන හමුදාව ප‍්‍රකාශ කළේ ඉකුත් පස් වැනිදාය. එම අවස්ථාවේදී ඇමෙරිකාව ඒ ගැන මුනිවත රැක්කේය. පසුගිය අට වැනිදා ඉරාන හමුදාව එම යානය එරට මාධ්‍ය ඔස්සේ ලොවට ප‍්‍රදර්ශනය කළේය. එම අවස්ථාවේදී ඇමෙරිකා රජය ප‍්‍රකාශ කළේ ඉරාන/ඇෆ්ගනිස්තාන දේශසීමාවේදී ආර් කියු 170 සෙන්ටිනල් වර්ගයේ යානයක් තම පාලනයෙන් ගිලිහී අතුරුදන් වූ බවය. ඉරාන හමුදාව අතට යානය පත්වීම ගැන කනස්සල්ල පළ කරන ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා පෙරේදා (12) ඉරාන රජයෙන් ඉල්ලා සිටියේ ඔවුන් සතුව ඇති ඇමෙරිකන් යානය යළි ඇමෙරිකාවට භාර දෙන ලෙසය.ආර් කියු 170 සෙන්ටිනල් වර්ගයේ යානා නිර්මාණය කෙරෙන්නේ ඇමෙරිකාවේ තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින්ය. එය පියාසර කරන්නේ අඩි 50,000 ක් ඉහළ අහසේ රේඩාර්වලට හසු නොවන මට්ටමකය.මීටර් 27 ක් දිග, මීටර් 2 ක් උසැති යානය බිම හෙළීමට ඉරානය සමත් වූයේ කෙසේදැයි තවමත් අබිරහසකි. එය ඇමෙරිකානුවන්ට ද ගැටලූවක් වී ඇත.යානයට සිදුවී ඇත්තේ සුළු හානියක් පමණක් යැයි ඉරාන හමුදාව පවසයි. ඉරානය කෙසේ හෝ උපක‍්‍රමයකින් යානයේ ස්වයංකී‍්‍රය පාලනය තමන් අතට ගෙන ඇතැයි ඇමෙරිකා රජය අනුමාන කරයි.පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර නිවසක අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සැඟවී සිටියදී, එම නිවස ගැන ඔත්තු බැලීම සඳහා ඇමෙරිකා හමුදා යොදා ගත්තේ ද ආර් කියු 170 සෙන්ටිනල් වර්ගයේ යානවකි.ඉරානය අතට පත්ව ඇති ඇමෙරිකා යානය ප‍්‍රතිසංස්කරණය කොට හමුදා කටයුතුවලට යොදා ගන්නා බව ඉරාන රජය පවසා ඇත.න්‍යෂ්ටික බලශක්ති වැඩසටහනට මුවා වී ඉරානය, හොර රහසේ පරමාණු බෝම්බ නිපදවන බවට ඇමෙරිකාව චෝදනා කරයි. එම චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන ඉරානය පවසන්නේ ඇමෙරිකාව ඉරානයේ න්‍යෂ්ටික බලාගාර සහ හමුදා කටයුතු ගැන ඔත්තු බැලීමට ආර් කියු 170 සෙන්ටිනල් යානය එවූ බවය.
උතුරු චීනයේ, හෙබෙයි පළාතේ, චෙන්ග්-ඩේ නගරයේ වැඩිහිටි නිවාසයක ගින්නන් හටගත්තේය. ගින්නට හසුවීමෙන්, 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.
කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය හැර සෙසු රටවල් සඳහා පැනැවූ තීරු බදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශ කිරීමත් සමඟ ආසියා පැසිෆික් කොටස් වෙළෙඳපොළ අග
බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකාවට පැමිණ තම සමාගම් ආරම්භ කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් විදෙස් සමාගම්වලින් ඉල්ලා ඇත. එසේ කරන්නේ නම්, ඒ සමාගම්වලට කිසිදු බදු මුදල
පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තමන් සූදානම් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. මෙය පලස්තීන වැසියන්ගේ අයිතීන් සුරැකීමට හේතුවක් වන
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ඉරානය අතට පත් ඇමෙරිකන් යානය ඔබාමා ආපසු ඉල්ලයි
මධූ ප්‍රසන්න Thursday, 15 December 2011 10:12 PM
ඉරානයෙන් හොද වැඩක්
මොහොමඩ් ජින්නා Friday, 16 December 2011 02:04 AM
චමින්ද ඔබේ අදහසමයි මගෙත්
චමින්ද Wednesday, 14 December 2011 01:43 PM
ඉරාණයට ජය වේවා..
චමින්ද Wednesday, 14 December 2011 02:21 PM
අමෙරිකාවට හොද පඩමක් උගන්වන්න ඔනෙ. පොඩි රටවල් වලට කරන ඒවට
kawee Thursday, 15 December 2011 02:22 PM
වැටිච්ච යානය ඉල්ලන කොට ඔබාමාට ලැජ්ජාව අමතක වෙන්න ඇති.
චානක Thursday, 15 December 2011 08:50 PM
ඇමෙරිකාව තවත් ලජ්ජා නැතිව මේ වගේ ඉල්ලීම් කරනවානේ