ඉරානයේ සහාය නැතිව සිරියා අර්බුදය විසඳිය නොහැකි යැයි එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන් පවසයි.
හිටපු මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ සිරියා අර්බුදය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැති විශේෂ සමුළුවකදීය.
අනන් සමඟ අරාබි ලීගයේ විශේෂ නියෝජිතවරුන් පිරිසක් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය සිරියාව වෙනුවෙන් පත් කළ සාම නිරීක්ෂණ කණ්ඩායමට නායකත්වය දුන් ජනරාල් රොබට් මූඞ් ද එම සමුළුවට සහභාගී වූයේය.
”සිරියා අර්බුදය දිනෙන් දින උත්සන්න වෙනවා. ඊට වහා විසඳුමක් අවශ්‍යයි. අර්බුදය විසඳීමේ කි‍්‍රයාවලියට ඉරානයත් සම්බන්ධ කර ගත යුතුයි. සිරියා අර්බුදය විසඳීමට කළ හැකි එකම මාර්ගය එයයි.” යැයි මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන් අවධාරණය කළේය.
සිරියා අර්බුදය විසඳීමට නම් ගෝලීය සමුළුවක් පැවැත්විය යුතු බවත් ඊට ඉරානය සම්බන්ධ කර ගත යුතු බවත් රුසියාව මීට පෙර ප‍්‍රකාශ කර තිබුණි. එහෙත් ඇමෙරිකාව ප‍්‍රමුඛ සෙසු බටහිර රාජ්‍යයන් ඊට දැඩි ලෙස විරෝධය පළ කළේය.
පසුගිය මාර්තු මාසයේ සිට මාස 16 කට ආසන්න කාලයක් තිස්සේ පවතින සිරියා අර්බුදය මේ වනවිට උග‍්‍ර අතට හැරී ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ රජය සහ කැරැලිකරුවන් අතර පවතින ගැටුම් හේතුවෙන් 15,000 ක් ජීවිතක්ෂයට පත්ව සිටින බවය.
සිරියා අර්බුදයට විසඳුම් සෙවීමට, සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයටත්, කැරැුලිකාර පාර්ශ්වයටත් සාම සැලැස්මක් හඳුන්වා දුන්නේ කොෆී අනන් සහ අරාබි ලීගය එක් වෙමින්ය.
සිරියා ජනාධිපති සහ කැරැලිකාර පාර්ශ්වයේ එකඟත්වය මත එම සාම සැලැස්ම කි‍්‍රයාවට නැංවූයේ පසුගිය අපේ‍්‍රල් මාසයේදීය. එහෙත් එය සම්පූර්ණයෙන්ම අසාර්ථක විය.
සාම සැලැස්ම නිසි ලෙස කි‍්‍රයාත්මක වන්නේදැයි සෙවීමට සිරියාවට ගිය ජනරාල් රොබට් මූඞ් ප‍්‍රමුඛ එක්සත් ජාතීන්ගේ සාම නිරීක්ෂකයෝ ද මීට සති කීපයකට පෙර සිරියාවෙන් පිටවුණහ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මේ වනවිට සිරියාවේ සිවිල් යුද්ධයක් හටගෙන ඇති බවය.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉරානයේ උදවු නැතිව සිරියා අර්බුදය විසඳන්න බෑ
දයා, සෞදියේ සිට Monday, 25 June 2012 04:38 PM
මැතිතුමණි..! ඔබ නොසිටි නිසා අපට බොහෝ පාඩු සිදු වී ඇත......
මධූ Monday, 25 June 2012 08:53 PM
කොහොමත් මේ රටවල අයට මොළේ නෑ
හීන් මැනිකා Monday, 25 June 2012 09:09 PM
ඊශ්‍රායලයේ උදවු අපටද?
දහම් Monday, 25 June 2012 09:24 PM
ඇයි? ඇමරිකාවේ උදවු එපාද?