ඇමෙරිකාව සහ ඊශ‍්‍රායලය එල්ල කරන බලපෑම් හමුවේ තමන් ප‍්‍රහාරයක් එල්ල කළහොත් ඒ ආත්මාරක්ෂාව පිණිස බව ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කුමේනි පෙරේදා (21) කියා සිටියේය.
ඉරානයට න්‍යෂ්ටික අවි නිපදවීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ඇමෙරිකාව සහ ඊශ‍්‍රායලය එක්ව යම් කිසි මොහොතක තමන්ට ප‍්‍රහාරයක් එල්ල කළ හොත් ආත්මාරක්ෂාව පිණිස ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමට තමන් පසුබට නොවන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
ඇමෙරිකාව සිතනවා නම් ඉරානයට බලපෑම් එල්ල කිරීමෙන් ඉරාන ජාතිය විනාශ කළ හැකියි යන්න එය ඔවුන් සිදු කරගන්නා බලවත් වරදක් යැයි කුමේනි පැවසූවේ ඉරාන නව අවුරුදු උදාව අවස්ථාවේදී ජාතිය අමතමින්ය.
ඉකුත්දා ඇමෙරිකාව සහ ඊශ‍්‍රායලය පැවසූවේ ඉරානය න්‍යෂ්ටික කි‍්‍රයාකාරකම් අඛණ්ඩව සිදු කරනවා නම් ඊට එරෙහිව යුදමය කි‍්‍රයාමාර්ගයක් ගන්නා බවයි. මේ වසර මුලදී බටහිර බලවතුන් සහ ඉරානය අතර පැවැති සාකච්ඡුා අසාර්ථක වූයේ ඉරානය යුරේනියම් බලගැන්වීමේ කි‍්‍රයාකාරකම් නවතා නොදමන බව පැවසීම හේතුවෙනි. එහිදී ඉරානය කියා සිටියේ සාමකාමී න්‍යෂ්ටික වැඩසටහනක් පවත්වාගෙනයාමේ අයිතිය ඇති බවය.
පසුගිය මාස 12 තුළ ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ ප‍්‍රගතිය සම්බන්ධව අදහස් දැක්වූ කමීනි කියා සිටියේ යුරේනියම් බලගැන්වීම සියයට 20කින් වර්ධනය කළ බවය.
ඉරානයේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කිරීමේ අරමුණින් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් වරින්වර සම්බාධක පැනවීය. මීට පෙර අවස්ථාවකදී සම්බාධකවලට ප‍්‍රතිචාර දැක්වීමට ජාතික නිෂ්පාදන සැලැස්මක් අයතුල්ලා කුමේනි ඉදිරිපත් කළ අතර දේශීය භාණ්ඩ මිලදී ගැනීමට ජනතාව පෙළඹවීය.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉරානය ප‍්‍රහාරයක් එල්ල කළොත් ඒ ආත්මාරක්ෂාව පිණිසයි