හමුදා යොදවා ඉරානයට ප්‍රහාරයක් එල්ල කර මැදපෙරදිග තෙල් නිෂ්පාදන කටයුතු අවුල් කිරීමට තමා අපේක්ෂා නොකරන බව ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා අවධාරණය කරයි. ජනාධිපති ඔබාමා මේ බව කියා සිටියේ පෙරේදා (5) ඇමෙරිකාවේ එන්.බී.සී. රූපවාහිනී පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡුාවකට සහභාගී වෙමිනි. ”ඇමෙරිකාවට ප්‍රහාරයක් එල්ල කරන්න ඉරානයට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. ඒවගේමයි ඒ සඳහා හමුදා ශක්තියක් ද ඔවුන් සතුව නැහැ. ඉරානය සමඟ ඇති අර්බුදය විසඳිය හැක්කේ සාකච්ඡා කිරීමෙන් පමණයි” ජනපති ඔබාමා පවසයි. ඉරානයට එරෙහිව හමුදාමය මැදිහත්වීමක් කළොත් මැදපෙරදිග තෙල් නිෂ්පාදන කටයුතුවලට විශාල වශයෙන් බාධා එල්ල වී එයින් සෘජුව හා වක්‍රව ඇමෙරිකාවට ද බලපෑමක් එල්ල වේවි යැයි ජනපති ඔබාමා පෙන්වා දෙයි. ලබන නොවැම්බර් මාසයේදී යළිත් වරක් ඇමෙරිකා ජනපතිවරණයට ඉදිරිපත් වන ඔබාමා තවත් විදෙස් සංග්‍රාමයක් ආරම්භ නොකරනු ඇතැයි ඇමෙරිකා දේශපාලන විචාරකයෝ පවසති.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
රුසියන් යුක්රේන යුද්ධයේ දී, තම පරි පාලනය මැදිහත් වී, යුක්රේනයට ලබා දී ඇති ඩොලර් බිලියන 4.7 ක ණය මුදල ආපසු ලබා නොගැනීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානම
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නම් පමණක්, තම ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන බව ගාසා ත
රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමටත්, ගාසා තීරයට කඩිනමින් සටන් විරාමයක් ඇති කිරීමටත්, මුළු ලෝකයම මැදිහත් විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉරානය සමඟ ගැටුම් ඇතිකර ගන්නේ නෑ