IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


ඉරානය හොර රහසේ න්‍යෂ්ටික අවි නිපදවනවා

න්‍යෂ්ටික වැඩසටහනට මුවාවී ඉරානය හොර රහසේ න්‍යෂ්ටික අවි බොහෝ ප‍්‍රමාණයක් නිර්මාණය කර ඇති බවට බුද්ධි අංශ වාර්තා සනාථ කළැයි එක්සත් ජාතීන්ගේ පරමාණුක ශක්ති අධිකාරිය පවසයි. එක්සත් ජාතීන්ගේ පරමාණුක ශක්ති අධිකාරිය ඒ බව කියා සිටියේ පෙරේදා (3) එළිදැක්වූ ඔවුන්ගේ නවතම වාර්තාව මගින්ය. එහි පිටපත් මාධ්‍යවෙත ද නිකුත් කර ඇත. එම වාර්තාවේ පිටපතක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ද ලබා දී ඇති බවත් ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් ඉරානය ගැන සාකච්ජා කිරීමට නියමිත බවත් පරමාණුක ශක්ති අධිකාරිය වැඩිදුරටත් කියා සිටියි. ඉරානය එම විනාශකාරී න්‍යෂ්ටික අවි නිපදවන්නේ රහස් ස්ථානයක පිහිටි භූ ගත බංකරයක් තුළදී බවත් එය ගුවන් ප‍්‍රහාරයකින් විනාශ කළ නොහැකි බවත් බුද්ධි අංශ වාර්තා තහවුරු කර ඇතැයි පරමාණුක ශක්ති අධිකාරිය එළිදැක්වූ එම වාර්තාවේ සඳහන් වේ. උතුරු කොරියාව සේම ඉරානයද ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල උදහසට ලක්ව සිටින්නේ ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන නිසාය. එහෙත් ඉරානය තරයේ කියා සිටින්නේ තමන් න්‍යෂ්ටික අවි නිපදවන්නේ නැති බවය. ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් ලෝකයාට පුනපුනා කියා සිටින්නේ තම න්‍යෂ්ටික වැඩසටහන ඉතා සාමකාමී එකක් බවත් එහි අරමුණ රටේ බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීම බවත්ය. ඉරානය ඔවුන්ගේ හිතවතකු වන රුසියාවේ ද සහාය ඇතිව න්‍යෂ්ටික බලශක්ති බලාගාරයක් ඉදිරි කොට ඇති ඇමෙරිකාවෙන් ඊට ද දැඩි විරෝධයක් එල්ල විය.

වියානා (රොයිටර්/ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඉරානය හොර රහසේ න්‍යෂ්ටික අවි නිපදවනවා

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමතුම දෙද්දී ඉලොන් මස්ක් හවුල් කරගෙන
2024 නොවැම්බර් මස 09 198 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වුණු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරන බවට ප්‍රතිඥා දී ඇත.


ඉන්දියාවේ දුම්රියක් පීලි පනී
2024 නොවැම්බර් මස 09 46 0

වාසනාවකට අනතුරින් කිසිවකු ජීවිතක්ෂයට පත් නොවුණු බව ද පැවැසෙයි. දුම්රිය පීලි පැනීමට ලක්වූයේ කොල්කටා සිට කිලෝමීටර් 40 ක් පමණ දුරින් පිහිටි නාල්පූර් නුවර


ඇමෙරිකන් මාණ්ඩලික ප්‍රධානියා ලෙස කාන්තාවක්
2024 නොවැම්බර් මස 08 2811 0

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ ඇමෙරිකාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරය පළමු වරට කාන්තාවකට හිමිවෙයි. ට්‍රම්ප් පරිපාලනය යටතේ නව මාණ්ඩලික ප්‍රධානියා වන්


ලියම් පේන්ගේ මරණය: තිදෙනෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 08 219 0

‘වන් ඩිරෙක්ෂන්’ නමැති බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායමේ හිටපු සාමාජික ගායක ලියම් පේන්ගේ මරණය සම්බන්ධයෙන් ආජන්ටිනා පොලිසිය තිදෙනකු අත්අඩංගුවට ඇත.


ඇමෙරිකා පර්යේෂණාගාරයක වඳුරෝ 43 ක් පැනලා ගිහිල්ලා
2024 නොවැම්බර් මස 08 376 0

ඇමෙරිකාවේ දකුණු කැරොලිනා ජනපදයේ යෙමාසී නගරයේ පර්යේෂණාගාරයක පර්යේෂණ සඳහා යොදාගත්, රීසස් වර්ගයේ වඳුරන් 43 දෙනකු පලා ගොස් ඇතැයි වාර්තා වේ.


පුටින් - ට්‍රම්ප්ට සුබ පතයි: සාකච්ඡා කරන්නත් කැමතියි
2024 නොවැම්බර් මස 08 2731 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 109 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 483 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1478 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site