ඝාතනය කෙරුණු ලිබියානු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ රජයට, ඉරානය හොර රහසේ රසායනික අවි තොගයක් ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ ගැන වැඩිදුර පරීක්ෂණයක් පැවැත්වීමට ඇමෙරිකා රජය කටයුතු කරන බවත් ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පත වාර්තා කරයි. ඇමෙරිකාවේ ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පත ඒ බව අනාවරණය කළේ සී.අයි.ඒ. බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින්ය. ඇමෙරිකා බුද්ධි අංශ නිලධාරීන් පවසා ඇත්තේ මධ්‍යම ලිබියාවේ ස්ථාන දෙකකදී විෂ වායු පිරවූ අවි තොගයක් සොයා ගැනීමට ලිබියානු කැරැුලිකාර පාර්ශ්වය සමත්වී ඇති බවය. එම අවි තොගය ඉරාන රජයෙන් ගඩාෆි ලැබී ඇති බවට තොරතුරු ලැබෙමින් පවතින නමුත් එය තවමත් සනාථ වී නැතැයි ඇමෙරිකා බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙයි. ඇමෙරිකාව ලිබියාවේ වත්මන් රජයත් සමඟ එක්වී ඒ ගැන පරීක්ෂණයක් පවත්වන බව ද වාර්තා වෙයි. ඉරානය, එම අවි ගඩාෆි රජයට ලබා දී ඇත්තේ මීට වසරකට පමණ කාලයකදී යැයි ද ඇමෙරිකා බුද්ධි අංශ හෙළිකරගෙන තිබේ. ඒ බව ඔප්පු වුවහොත් විනාශකාරී න්‍යෂ්ටික අවි නිපදවන බවට චෝදනා එල්ල වී සිටින ඉරානයට ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර බලවතුන්ගෙන් එල්ල වන පීඩනය තවත් වැඩි වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
උතුරු චීනයේ, හෙබෙයි පළාතේ, චෙන්ග්-ඩේ නගරයේ වැඩිහිටි නිවාසයක ගින්නන් හටගත්තේය. ගින්නට හසුවීමෙන්, 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.
කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය හැර සෙසු රටවල් සඳහා පැනැවූ තීරු බදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශ කිරීමත් සමඟ ආසියා පැසිෆික් කොටස් වෙළෙඳපොළ අග
බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකාවට පැමිණ තම සමාගම් ආරම්භ කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් විදෙස් සමාගම්වලින් ඉල්ලා ඇත. එසේ කරන්නේ නම්, ඒ සමාගම්වලට කිසිදු බදු මුදල
පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තමන් සූදානම් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. මෙය පලස්තීන වැසියන්ගේ අයිතීන් සුරැකීමට හේතුවක් වන
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ඉරානයෙන් ගඩාෆිට දුන්නැයි කියන රසායනික අවි හමුවේ
ලහිරු Monday, 28 November 2011 01:16 PM
ඇමෙරිකාවට ඉස්සරහට වෙන දේ හිතා ගන්න බෑ
විජේකෝන් Thursday, 24 November 2011 01:32 AM
රසායන අවි තිබ්බට ඒවා භාවිත කළේ නැහැ.
දුෂාන් Thursday, 24 November 2011 09:17 AM
ඇමරිකාව කරන්නෙ වැරදි වැඩක්...
බිම්සර Thursday, 01 December 2011 04:07 PM
මේපාර තමයි ඇමෙරිකාව හොද පාඩමක් ඉගෙන ගන්නේ...