තායිලන්තයේ පටානි පළාතේදී ඉස්ලාම් සටන්කාමීන් පිරිසක් ඊයේ(9) එල්ල කළ වෙඩි පහරින් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. සිද්ධියෙන් මියගිය අය අතර ආරක්ෂක අංශ සාමාජිකයන් තිදෙනෙක් ද සිටි බව වාර්තා වේ. මෙම පිරිසට වෙඩි ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ ට‍්‍රක් රථයකින් ගමන් කරමින් සිටි අවස්ථාවකදීය. මීට අමතරව යලා සහ සොන්ග්ලා යන ප‍්‍රදේශවලදී සටන්කාමීන් එල්ල කළ වෙඩි පහරින් සිවිල් වැසියන් අට දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බව තායිලන්ත ආරක්ෂක අංශ පවසයි. දකුණු තායිලන්තයේ වසර අටක් තිස්සේ පවතින වාර්ගික ගැටුම් හේතුවෙන් මේ වන විට 5,300ක් ජීවිතක්ෂයට පත්ව තිබේ. තායිලන්ත රජය මෙම සටන්කාමීන් සමඟව සාම කතා පැවැත්වීමට උත්සාහ ගත්තද ඒවා අසාර්ථක විය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ, ඇමෙරිකාවත් ඉන්දියාවත් අතරේ ද්වී පාර්ශ්වීක නව වෙළෙඳ ගිවිසුමක් ගැන සාකච්ඡා පැවැත්වෙයි.
ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනිදා පැවැත්වෙන බව වකිතානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර, නව පාප්වරයකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉස්ලාම් සටන්කාමීන්ගේ වෙඩි පහරින් තායිලන්ත වැසියෝ 11ක් මරුට
සුමනා Wednesday, 10 October 2012 05:40 PM
තායිලන්තයේ 95%ක් වූ බෞද්ධයින්ට ප්‍රභල තර්ජනය වෙලා තියෙන්නේ මුස්ලිම් අයගෙන්. (නි)
සමන් Wednesday, 10 October 2012 01:20 PM
අසරණ සිවිල් වැසියන් මරාදමන මේ ත්‍රස්තවාදීන් සටන්කාමීන් ලෙස හදුන්වනවා නම් ස්ත්‍රී දූෂණ බාල අපරාධ කරන අය "කාමකාමීන්" ලෙස හදුන්වන්න(ස)
සිල්වා Wednesday, 10 October 2012 02:53 PM
අයියෝ මේ ජිවිත නේද
වරුණ Wednesday, 10 October 2012 02:56 PM
මොකද කියන්නේ , නිකන් ඉන්න එකේ අපේ හමුදාව තායිලන්ත යුද්දේ ඉවරකරලා දාන්න ඩෙන්ඩර් එකක් දාමුද ?? (ස)
ලලිත් Wednesday, 10 October 2012 08:43 PM
වරුණ, හරි ෂෝක්. අපේ අයියලා එහේ ඇරියොත්. (නි)