ඊජිප්තුවේ හටගෙන ඇති දේශපාලන අර්බුදය නිමා කිරීමේ අරමුණින් එරට නව ජනපති මොහොමඞ් මොර්සි සහ එරට හමුදා පාලක මණ්ඩලයේ නායක හොසාම් අල් ගෙරියානී අතර විශේෂ හමුවක් ඊයේ (12) පැවැත්විණි. ඊජිප්තුවේ දේශපාලන අර්බුදයක් හටගත්තේ පසුගියදා පැවැති ජනපතිවරණයෙන් මුස්ලිම් සහෝදරත්වය පක්ෂ නායක මොහොමඞ් මොර්සි ජයග‍්‍රහණය කර නව රජයක් පිහිටුවීමට උත්සාහ කළ අවස්ථාවේදීය. ජනපති මොර්සිගේ නව පාර්ලිමේන්තුවක් පත් කිරීමේ ක‍්‍රමවේදයට විරෝධය පළ කරමින් හමුදා පාලක මණ්ඩලය අධිකරණයට හමුවට ගියේය. හමුදා පාලක මණ්ඩලට පක්ෂව අධිකරණය තීන්දු කළේ පාර්ලිමේන්තුව පත් කිරීමේ ක‍්‍රමවේදයට නීති විරෝධී කියාය. එහිදී නව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ද නියෝග කෙරුණි. එවිට නව ජනපති ලෙස මොර්සි ඔහුගේ බලතළ පාවිච්චි කරමින් ජනපති ආඥාවක් මගින් පාර්ලිමේන්තුව යළි කැඳැවීය. එම ජනාධිපති ආඥාව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් බල රහිත කර නැවතත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියෝග කෙරුණි. ජනපතිවරයා හමුදා පාලක මණ්ඩලයේ ප‍්‍රධානියා හමුවී සාකච්ඡා කිරීමට තීරණය කළේ ඉන් පසුවය.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඊජිප්තු ජනපති - හමුදා පාලක මණ්ඩලය අතර විශේෂ හමුවක්