සංචාරකයන්ට මුහුදු පතුළේ සුන්දරත්වය, අත්විඳීමට ඉඩ සලසන, ඊජිප්තු සංචාරක සමාගමකට අයත් සම්බැරීනයක්, ඊජිප්තුවට ඔබ්බෙන් රතු මුහුදේදී අනතුරට පත් විය.
අනතුරට පත් වෙද්දී ‘සිම්බෑඩ්’ නමැති එම සබ්මැරීනයේ විවිධ රටවල සංචාරකයෝ 50 දෙනෙක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් පස් දෙනෙක් වූහ. කාර්ය මණ්ඩල සාමාජිකයන් සියලු දෙනා ඊජිප්තු වැසියන්ය.
අනතුරින්, සංචාරකයන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. සබ්මැරීනය අනතුරට පත්වුණු බව සැලවීමත් සමඟ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ඇරැඹිණි. ඒ, ඊජිප්තු වෙරළාරක්ෂක නිලධාරීන්ගේ මැදිහත් වීමෙනි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සම්බැරීනයේ සිටි 39 දෙනකු බේරා ගැනීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් වුණු බවය.
සම්බැරීනය අනතුරට පත් වූයේ ඊජිප්තුවේ හුර්ගාඩා වෙරළට කිලෝ මීටරයක් පමණ දුරින් මුහුදේ යාත්‍රා කරමින් තිබියදීය.
අනතුරට පත් වෙද්දී, සබ්මැරීනයේ රුසියන්, නෝර්වේ, ස්වීඩන් සහ ඉන්දීය සංචාරකයන් සිට ඇත. අනතුරින් මියගිය 6 දෙනා රුසියානුවන් බව පැවැසෙයි.
මීටර් 25 ක් ගැඹුරට යාත්‍රා කරමින්, රතු මුහුදේ කොරල්පර සහ මුහුදු ජීවීන් නැරැඹීමට සංචාරකයන්ට අවස්ථාව ලබා දෙන සබ්මැරීනයක් බව ද පැවැසෙයි.
සිරියාවේ නව අන්තර්වාර රජයේ නව අමාත්‍ය මණ්ඩලය ප්‍රකාශයට පත් කිරීම, එරට අන්තර්වාර ජනාධිපති අහ්මද් අල් ෂාරාගේ ප්‍රධාන්වයෙන් සිදුවිය.
තමන්ට විරුද්ධ වන්නේ නම්, ඉරානයට දිගට හරහට බෝම්බ දමන බව ඇමෙරිකන් ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් තර්ජනය කරයි. ට්‍රම්ප්, මෙසේ තර්ජනය කළේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩ
තෙවැනි ධුර කාලයක් සඳහා බලයේ සිටීමට තමන් කැමැත්තෙන් පසුවන බවත්, ඒ සම්බන්ධයෙන් පවතින නෛතික බාධා ඉවත් කිරීමට තම නීතීඥවරුන් උත්සාහ ගනිමින් සිටින බවත්, ඇමෙ
රුසියන් හමුදා දිගින් දිගටම යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන්, තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට දොස් නැගූ බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නිල මෝටර් රථ බලඇණියට අයත්, ජනාධිපතිවරයා නිතර භාවිතයට ගන්නා ලිමොසීන් වර්ගයේ සුඛෝපබෝගී මෝටර් රියක් ගිනිගෙන, පුපු
පැසිෆික් සාගරයේ, ඕස්ට්‍රේලියාවටත් නවසීලන්තයටත් ඔබ්බෙන් පිහිටි ටොංගා දූපත් සමූහය් අසල රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක් සටහන් කළ භූමිකම්පාවක් හටගත්තේය
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඊජිප්තු සබ්මැරීනයක් මුහුදු පතුලේ අනතුරේ