IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ඊජිප්තුවේ රාජ්‍ය නොවන සංවිධාන අර්බුදයක්

ඊජිප්තුවේ ක‍්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානවල ක‍්‍රියාකාරීන් 27 දෙනෙකුට එරෙහිව අපරාධ අධිකරණයේ නඩු පැවරීමට ගත් තීරණයත් සමග එක්සත් ජනපදය හා ඊජිප්තුවේ පාලකයින් අතර ගැටුමක් වර්ධනය වන බවක් පසුගිය සතියේදී දක්නට ලැබිණ. එක්සත් ජනපදයේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන ඩිමොක‍්‍රටික් පක්ෂයට හා රිපබ්ලිකන් පක්ෂයට සම්බන්ධ ආයතනවලින් අරමුදල් ලබා ගන්නා මෙම රාජ්‍ය නොවන සංවිධාන ඊජිප්තුවේ ජනවාරි 25 විප්ලවය අඩපණ කිරීමටත් රට අස්ථාවර කිරීමටත් උත්සාහ කරන්නේ යැයි ජනරාල් ටන්ටවිංග් පාලනයේ ප‍්‍රකාශිකාවක් චෝදනා කළාය. පසුගිය ජනවාරි මාසයේදී හමුදා පාලකයින්ට එරෙහිව වීදි බට තරුණ හා ශිෂ්‍ය උද්ඝෝෂකයින් මෙහෙයවා ඇත්තේ ඇමරිකානු හා ඊශ‍්‍රායෙල් අවශ්‍යතාවලටය. එම නිසා විප්ලවය රැක ගැනීමට එම රාජ්‍ය නොවන සංවිධානවලට හා එහි නායකත්වයට එරෙහිව පියවර ගත යුතුය. මෙම මතයට මුස්ලිම් සහෝදරත්වය ද සිය සහයෝගය පළ කළ අතර එක්සත් ජනපදය මෙම ප‍්‍රශ්නය මුල් කර ගෙන ඊජිප්තුවට ලබා දෙන ආධාර නතර කරන්නේ නම් 1979 සාම ගිවිසුමෙන් ඊජිප්තුව ඉවත් වන බවට ඔවුහු තර්ජනය කළහ. චූදිතයින් අතර ඇමරිකන් පුරවැසියන් 16 දෙනෙකු සිටින නිසා එක්සත් ජනපදය මේ සම්බන්ධයෙන් දැඩි පියවරක් ගනු ඇතැයි බොහෝ නිරීක්ෂකයෝ සැක පහළ කළහ. 1979දී ඊජිප්තුව ඊශ‍්‍රායෙලය සමග සාම ගිවිසුමක් අත්සන් කළ විට ඊට හිළවු වශයෙන් වසරකට ඩොලර් දශ ලක්ෂ 130ක ආධාර මුදලක් එක්සත් ජනපදයෙන් ලැබිණ. මූලික වශයෙන් යුද ආධාර වශයෙන් ලැබුණු මෙම මුදල් ප‍්‍රමාණය අහිමි වුවහොත් එය හමුදාවට දැඩි පහරක් වනු ඇත. එක්සත් ජනපද කොංග‍්‍රස් මණ්ඩලය ද මෙම කරුණ මත ඊජිප්තුට ලබාදෙන යුද ආධාර නතර කිරීමේ යෝජනාවක් සැලකිල්ලට ගෙන තිබිණ. රටින් පිටවීම තහනම් කර ඇති ඇමරිකන් පුරවැසියන් අතර ඔබාමාගේ කාර්ය මණ්ඩලයේ උසස් නිලධාරියෙකුගේ පුතෙක් වීමද විශේෂ කරුණකි. එහෙත් ජනාධිපති ඔබාමා රාජ්‍ය නොවන සංවිධානවල සේවකයින්ගේ ප‍්‍රශ්නය පදනම් කර ගෙන ඊජිප්තුවට ලබා දෙන ආධාර නතර නොකරන ලෙස කොංග‍්‍රස් මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය. ඊට අමතරව ඊජිප්තුවේ හා එක්සත් ජනපදය අතර පවතින යුදමය සම්බන්ධතා පැහැදිලි කිරීමට හමුදා කාර්ය මණ්ඩලය ඒකාබද්ධ ප‍්‍රධාන ජනරාල් මාර්ටින් ඩෙම්සි කොංග‍්‍රස් මණ්ඩලය ඉදිරියට යැවුවේය. ඔහු ඉදිරිපත් කළ කරුණු අනුව ඊජිප්තුව එක්සත් ජනපද ගුවන් නැව්වලට සිය ගුවන් තලය ඔස්සේ පියාසර කිරීමට අවසර ලබාදී ඇති අතර ඇමරිකානු නැව්වලට සූවස් ඇළ හරහා ගමන් කිරීමට අවසර ලබා දීමේදී ප‍්‍රමුඛතාව ලබා දිය යුතුය. එම නිසා ආධාර නතර කළ හොත් එක්සත් ජනපදයට මෙම අවස්ථා අහිමි විය හැකිය. මෙම සිද්ධියෙන් පැහැදිලි වන කරුණු දෙකකි. ඉන් එකක් වන්නේ ජනරාල් ටන්ටවිංග් ගේ පාලනයට එරෙහිව නැගෙන ජනතා විරෝධය යටපත් කිරීමට එක්සත් ජනපදය හා ඊශ‍්‍රායෙලය දඩමීමා කර ගන්නා නමුත් සැබවින්ම ඔහු එම රටවල් දෙක සමග සහයෝගයෙන් කටයුතු කිරීම හා හොස්නි මුබාරක්ගේ පාලන සමයේ අනුගමනය කළ ප‍්‍රතිපත්ති එලෙසම පවත්වා ගෙන යෑමට සූදානම්ය යන්නයි. දෙවැනිව රාජ්‍ය නොවන සංවිධාන විරෝධය ඔස්සේ මුස්ලිම් සහෝදරත්වය හමුදා පාලනය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවද හෙළිවිය. ඇමරිකන් හා ඊශ‍්‍රායෙල් විරෝධී හඬක් නැගුවද බලයට පත්වීමෙන් පසු පවතින තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට සූදානම් බව පෙනේ. එම නිසා පාර්ලිමේන්තුවේ බහුතරයක් හිමි කරගත් මුස්ලිම් සහෝදරත්වයට සම්බන්ධව නිදහස හා යුක්තිය පක්ෂය මැයි මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් ජයගත හැකි නමුත් මර්දනකාරී පාලන යන්ත‍්‍රයේ වෙනසක් සිදු වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. වැදගත් ප‍්‍රශ්නය වන්නේ හෙන්රි චතුරස‍්‍රයේ උද්ඝෝෂණ තුළින් මුබාරක්ගේ පාලනය බිඳ දැමූ ජනතාව එය තම ඉරණම සේ පිළිගන්නේද යන්නයි.

සටහන - මහින්ද හත්තක
හමුදාවෙන් පත්කළ නායක ගන්සූරි හිටපු ජනපති මුබාරක් ඊජිප්තුවේ හමුදා බලය ජනතාව අතරට පත් කරන මෙන් උද්ඝොෂණයක් ඔබාමා



අදහස් (0)

ඊජිප්තුවේ රාජ්‍ය නොවන සංවිධාන අර්බුදයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 924 1

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ


චීනය ඇමෙරිකන් ගුවන් යානා එපා කියයි
2025 අප්‍රේල් මස 17 498 0

චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.


කොංගෝ බෝට්ටුවක් ගිනිගෙන ගිලී 50 ක් මරුට
2025 අප්‍රේල් මස 17 123 0

අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.


ඇමෙරිකන් තානාපති කාර්යාල වසා දැමීමේ තීරණයක්
2025 අප්‍රේල් මස 17 8390 7

ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම


චීන ජනපති මැලේසියාවේ
2025 අප්‍රේල් මස 16 153 0

ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි


හාවඩ් විශ්ව විද්‍යාලයට ජනපති ට්‍රම්ප්ගෙන් තර්ජන
2025 අප්‍රේල් මස 16 234 0

ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 308 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 250 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site