ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ස්ථාපිත කළ මානුෂීය කලාපයකට, ඊශ්‍රායල ගුවන් හමුදාව ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් පලස්තීනුවන් 40 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, තවත් 60 දෙනකු තුවාල ලැබූ බවත් පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පවසති.
මෙම මානුෂීය කලාපයේ කඳවුරුවල රැඳී සිටින්නේ, ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් උන්හිටිතැන් අහිමි වී, ගාසා තීරයේ නන්දෙසින් පැමිණි පලස්තීනුවන්ය. ඊශ්‍රායල හමුදා එල්ල කළ එම ගුවන් ප්‍රහාරයෙන් මියගියේත් තුවාල ලැබුවේත් කාන්තාවන් සහ කුඩා දරුවන්ය.
පලස්තීන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ස්ථාපිත කළ මෙම මානුෂීය කලාපය ඇත්තේ, කාන් යූනිස් නගරයට දකුණු දෙසිනි. පලස්තීන වැසියන්ට ආරක්ෂිත ස්ථානයක් ලෙස නම් කළත්, මෙම මානුෂීය කලාපයට මීට පෙර ද ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ල කර ඇත. පසුගිය ජූලි මාසයේ හමාස් නායක මොහොමඩ් ඩෙයිෆ් ඝාතනය කිරීමට ඊශ්‍රායල හමුදා සමත් වූයේ ද මෙම මානුෂීය කලාපයට පහර දෙමිනි.
(ඒ.එෆ්.පී.)
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඊශ්‍රායල ප්‍රහාරයෙන් 40 ක් මරුට
ජනරළ Tuesday, 10 September 2024 12:17 PM
අනිත් රටවල මුස්ලිම් ජනතාවට දැන් මේක එච්චර දෙයක් නෙමෙයි වගේ. ඔහේ මරපුදෙන් කියලා වගේ ඉන්නේ. අපි දන්නේ නැතුවට ඒ ගොල්ලෝ ගාව මොන මොනවා හරි ප්‍රශ්න ඇති. නැත්නම් මෙච්චර මරද්දී එක වචනයක් කියනවා ඇහුනේ නැහැ අනිත් මුස්ලිම් රටවල්.