IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඊශ්‍රායල ප්‍රහාරවලින් 70 ක් මරුට

ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ කාන් යූනිස් නගරය ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන වැසියෝ 70 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 

ඒ අනුව, ඊශ්‍රායල හමුදාව පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 39,000 පසු කළ බව වාර්තා විය.

කාන් යූනිස් නගරයට එල්ල කළ ප්‍රහාරවලින් 200 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දීම ආරම්භ කළේ, පසුගිය වසරේ ඔක්තතෝබරයේ, හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට පහරදී ඊශ්‍රායල වැසියන් ප්‍රාණ ඇපයට ගැනීමත් සමඟය.
ඊශ්‍රායල හමුදාව කාන් යූනිස් නගරය ඉලක්ක කර ගනිමින් පහර දුන්නේ, හමාස් සටන්කාමීන් කාන් යූනිස් නගරයේ සැඟවී සිටින බැවින් යැයි ඊශ්‍රායල රජය පවසා ඇත.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට දිගින් දිගට ප්‍රහාර එල්ල කරද්දී, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඇමෙරිකන් සංචාරයක් ආරම්භ කරමින් වොෂින්ටනයට පැමිණිය්ය. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවීමටත්, ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) ඇමතීමටත් සූදානමින් සිටී.

යළි ජනාධිපති ධුරය අපේක්ෂා නොකරන බව බයිඩන් නිවේදනය කර ඇති අතර, ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස බයිඩන්, උප ජනාධිපතිනිව ලෙස කටයුතු කරන කමලා හැරිස් නම් කර තිබේ. බයිඩන් හමුවීමෙන් පසු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු උප ජනාධිපතිනී කමලා හැරිස් ද හමුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඊශ්‍රායලය, ගාසා තීරයේ පලස්තීන වැසියන්ට එරෙහිව සිදු කරන ජනසංහාරය වහා නැවැත්වීමට කටයුතු කළ යුතු යැයි ඉරාන නව ජනාධිපති ලෙස තේරී පත් වී සිටින මධ්‍යස්ථමතධාරී, මසූඩ් පෙසෙෂ්කියන් අවධාරණය කර තිබේ.

ඉරාන නව ජනාධිපතිවරයා මෙසේ අවධාරණය කළේ කසක්ස්තාන ජනාධිපති කසීයුම් ජොමාට් සමඟ දුරකතන සන්වාදයක යෙදුණු අවස්ථාව්දී යැයි පැවැසෙයි. මධ්‍යස්ථමතධාරියකු බැවින්, යුරෝපා බටහිර රටවල් සමඟ ද යහපත් සබඳතා පවත්වාගෙන යෑමට කටයුතු කරන බව පෙසෙෂ්කියන් අවධාරණය කර තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඊශ්‍රායල ප්‍රහාරවලින් 70 ක් මරුට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1914 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 212 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site