ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල රජයේ නියෝජිතයන් අතරේ සටන් විරාමයක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත් වීමට නියමිතය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සටන් විරාම සාකච්ඡා ලබන 15 වැනිදා පැවැත්වෙන බවය.
සටන් විරාම සාකච්ඡා පැවැත්වෙන්නේ, ඇමෙරිකාව, කටාර් රාජ්‍යය සහ ඊජිප්තුව මැදිහත් වෙමිනි. සටන් විරාම සාකච්ඡා සඳහා උනන්දුවක් දක්වන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ රජය පවසා ඇත.
ඊශ්‍රායල හමාස් සටන් විරාම සාකච්ඡා පැවැත්වෙන්නේ ඊශ්‍රායල හමුදා හමාස් දේශපාලන අංශ නායක ඉස්මායිල් හානියේ ඝාතනය කිරීමෙන් පසුවය. සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නියෝජිතයන් සහභාගී කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් හමාස් නව නායක යාහියා සින්වාර් පවසා ඇත.
ඊශ්‍රායල හමාස් අර්බුදය ආරම්භ වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයකින් පසුවය. එම ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන්නේ යාහියා සින්වාර්ය. ඉස්මායිල් හානියේ මරා දැමූ ආකාරයට යාහියා සින්වාර් ද මරා දමන බවට ද ඊශ්‍රායලය තර්ජනය කර ඇත.
(ඒ.එෆ්.පී.)
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඊශ්‍රායල හමාස් සාම සාකච්ඡා යළි ඇරැඹේ
Gamma Monday, 12 August 2024 09:35 AM
ඊශ්‍රායලය සමග සාමයෙන් කටයුතු කරනවා හැරෙන්නට වෙන දෙයක් ඉතිරි වෙන්නෙ නෑ...මේ ත්‍රස්තවාදීන්..කොතන සැඟවිලා හිටියත් ...ඒවා හරියට හඳුනා ගෙන ප්‍රහාර එල්ල කරන්න පුළුවන් තාක්ෂණික දියුණුවක් ඊශ්‍රායෙලය සතුව තියෙනවා...ගිය බදාදා ඔවුන් "Ofek 13" කියන ඔත්තු බලන චන්ද්‍රිකාවක් දියත් කලා...ඒ නිසා දැන් පෙරට වඩා පැහැදිලි සතුරා ගැවසෙන තැන් දකිනවා...ඒ නිසා ත්‍රස්තවාදීන්ජට පුංචි හො රැකවරණයක් ලැබෙන්නෙ ජනතාව තුල සැඟවීලා සිටියොත් පමණි.