IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඊශ්‍රායලයට අද පහර දෙනවා

ඉරානය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අද (5) දිනය ඇතුළත ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අනතුරු අඟවයි.

ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා මේ සම්බන්ධයෙන් ‘ජී7’ රටවල් සමඟ ද සාකච්ඡා පවත්වා ඇත.

ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා මෙසේ අනතුරු ඇගවූයේ ඇමෙරිකන් බුද්ධි අංශ ලබා දුන් තොරතුරු අනුවය. ඊශ්‍රායලයට එරෙහිව එල්ල වන ඕනෑම ප්‍රහාරයකදී ඇමෙරිකාව ඊශ්‍රායලයට සහාය දක්වනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අනතුරු ඇගවා ඇත.

ඉරානයෙන් හෝ හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් එල්ල වන ඕනෑම ප්‍රහාරයකට මුහුණ දීමට තමන් සූදානම් බව ඊශ්‍රායලය පවසා ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (5)

ඊශ්‍රායලයට අද පහර දෙනවා

BBC Monday, 05 August 2024 12:06 PM

කුමේනි අත්තප්පාට ඉක්මනින්ම දෙවියන් දැකීමට ලැබේවා!

:       21       71

Vijesh Monday, 05 August 2024 02:16 PM

ත්‍රස්තවාදීන්ට නවාතැන් දීලා මැරුවාම එයාම පහර දෙනවා.

:       7       31

Gamma Monday, 05 August 2024 02:18 PM

පහර දීමෙන් හානියක් වුවොත් ... ප්‍රති ප්‍රහාරය ඉතාමත් දරුණු වෙන එක සිකුරුයි... මොකද යුද ශක්තිය පෙන්වීමට මේක හොඳ අවස්ථාවක් කරගන්නවා.

:       4       32

Ariyathilaka Monday, 05 August 2024 04:27 PM

ඇමෙරිකන් බුද්ධි අංශ ලබාදුන් තොරතුරු අනුව හිස්බුල්ලා සංවිධානය මෙවර ඊශ්‍රායලයට පහර දීම බොහෝ දුරට නොවීමේ සම්භාවිතාව වැඩියි. ඊශ්‍රායලය ගාසා තීරයෙහි ප්‍රහාර ඇරැඹි දින සිට හිස්බුල්ලා සහ යේමනයේ හවුති සංවිධාන ද විශේෂයෙන් ඉරානය ද ඊශ්‍රායලයට පහර දී විනාශ කරන බවට තර්ජනය කළ ද ගාසා තීරයෙහි හමාස්වරු අන්තිම අඩියෙහි පණ අදින තත්වයට සහ ගාසාව විනාශ කරන තුරු හිස්බුල්ලා හෝ හවුතිවරු හෝ ඉරානය හෝ ඊශ්‍රායලයට පහර නුදුන්හ. හිස්බුල්ලා කීපවරක් උතුරු දිග ඊශ්‍රායලයට පහර දුන්නක්ද එය ඊශ්‍රායලයේ ක්‍රියාවට ප්‍රමාණාත්මක බවක් එම පහර දීම්වල දක්නට නො ලැබිණි. තර්ජන, ගර්ජන කළා මිස ගාසා තීරයේ ඊශ්‍රායල් ප්‍රහාරවලට එය බලපෑමක් කිරීමට තරම් කිසිම දෙයක් කිරීමට ඔවුහු සමත් නොවූහ. විවිධ වර්ගවල සහ පරාසයන්ගෙන් යුත් ෂෙල් වෙඩි සහ මිසයිල 150,000ක් පමණ හිස්බුල්ලා සතු බව ඇමරිකානු CIA බුද්ධි අංශ කියා ඇත. ඉරානයේ සහය ද ඇත. කුමන තත්වයක් යටතේ වුව ද හිස්බුල්ලා හෝ ඉරානය මේ අවස්ථාවේ ඊශ්‍රායලයට පහර දුනහොත් ඇමරිකාව සහ ඇමරිකානු හිතවාදී බටහිර රටවල සෘජු ප්‍රතිචාරයන්ට මුහුණ දීමට සිදුවන බව නිසැකයි.

:       12       14

Ariyathilaka Monday, 05 August 2024 04:28 PM

ගැටුමක් සාදා නො ගැනීමට පරිස්සම් වනවා ඇත. ඊශ්‍රායලය ගාසා තීරය ආක්‍රමණය කරන විට හිස්බුල්ලා සහ යේමනයේ හවුති සහ ඉරානය කිවූ දෑ ක්‍රියාවෙන් නැත. හේතුව ඔවුන්ගේ යුද බලය අනතුරේ හෙළා ගැනීමට සිදුවන බව දන්නා බැවිනි. ඉරානය න්‍යෂ්ටික ක්‍රියා බලගන්වන ස්ථාන ද ඉරානයට අහිමි වනවා ඇත.

:       4       13

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 1103 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 1016 1

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


ප්‍රංශ ජනපති මැක්රොන් නෙදන්යාහුට දොස් කියයි
2024 සැප්තැම්බර් මස 23 160 0

ඊශ්‍රායලය අසල්වැසි කලාපීය රටවල් යුද්ධයකට තල්ලු කරනවා යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට දොස් නගා


ලෙබනනය තවත් ගාසාවක් කරන්න එපා
2024 සැප්තැම්බර් මස 23 76 0

ලෙබනනය තවත් ගාසා තීරයක් වීමට ඉඩ නොතබන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඊශ්‍රායලයෙන් මෙසේ ඉල්ලා ස


මෝදි ඇමෙරිකාවේ
2024 සැප්තැම්බර් මස 22 119 0

තෙදින නිල සංචාරයක් සඳහා ඇමෙරිකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහත් හරසරින් පිළිගැනීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කළේය.


මාලි පොලිස් පුහුණු කඳවුරකට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 22 110 0

අප්‍රිකාවට අයත් මාලි රාජ්‍යයේ බමාකෝ අගනුවර පොලිස් පුහුණු කඳවුරකට සහ ගුවන්තොටුපළකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයෝ 70 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28663 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23609 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site